Jarhead 2: Field of Fire (2014) | තමාට පෙර රාජකාරිය…

ඔන්න ඔයාලට තවත් අලුත්ම අලුත් සුපිරි යුධ ක්‍රියාදාම චිත්‍රපටයක් ගෙනාවා .නිදහස් වීමට නියමිත දිනය අගෝස්තු 19 වුණත් මේ වෙනකොට හොඳ පිටපතක් නිකුත් වෙලා තියනවා. මේකත් මට ලබා දුන්නේ සමීර කරුණාරත්න අයියා. ඒ වගේම කලින් නිර්මාණවලදී අදහස් දක්වපු ඔබ සැමටත් ස්තුතියි !

Jarhead (2005) ලෙසින් ඒ චිත්‍රපටයට කලින් තවත් චිත්‍රපටයක් නිකුත් වෙලා තියනවා. කොහොම වුණත් මුලින් ගේන්න වුණේ මේක. මුල් චිත්‍රපටයත් ඉක්මනට ලබා දෙන්න අදහස් කරගෙන ඉන්නවා .Action ලෙස තමයි මේක වර්ගීකරණය කරලා තියෙන්නේ .අධ්‍යක්ෂණය Don Michael Paul විසින්. Cole Hauser, Jason Wong, Asen Asenov, Daniel Coetzer වැනි අය රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම කියන්න ඕන Stephen Lang ද මෙහි උසස් හමුදානිලධරයෙක් විදියට රංගනයෙන් දායක වෙනවා. Terra Nova කතමාලාව සහ Avatar, Conan the Barbarian වගේ චිත්‍රපටවලදී ඔහුව මතක ඇතිනේ. Universal Pictures නිෂ්පාදනයක්. තවම නිල වශයෙන් නිකුත් වී නැති නිසා IMDb අගයක් නම් දැක්වෙන්නේ නෑ. පළමු චිත්‍රපටයටත් 7.1 ක් වගේ අගයක් ලැබිලා තියෙන නිසා අනිවාර්‍යයෙන්ම මේ චිත්‍රපටයටත් ඒ හා සමාන අගයක් ලැබිය යුතුමයි.

මේකයි කතාව. Jarheads කියලා කියන්නේ ඇමරිකානු මැරීන් සෙබළුන්ට කියන තවත් වචනයක්. ඇෆ්ගනිස්ථානයේ සැපයුම් කළමනාකරණ හමුදා ඒකකයේ ඉන්න ක්‍රිස් මෙරිමට් සහ සෝටෝ, ඩැනී, කෙට්නර්, ලී යන මැරීන් සෙබළු කණ්ඩායම සහ කලීඩ් කියන ස්වදේශික භටයෙකුට භාර වෙනවා සැපයුම් ප්‍රවාහන මෙහෙයුමක්. මේ මෙහෙයුමේදී ඔවුන්ට මුණගැහෙනවා නාවික හමුදා සීල් සෙබළු කණ්ඩායමක් .කණ්ඩායමක් කිවුවට එතන ඉන්නේ සෙබළු දෙන්නයි, ඇෆ්ගන් තරුණියකුයි විතරයි. මෙයාලත් මේ ගමනට එකතු වෙනවා. ඔය අතරේ එයාලට සැඟවී සිට තලෙයිබාන්වරු ප්‍රහාරයක් එල්ල කරනවා. අර සීල් සෙබළු දෙන්නට පැවරෙන කාර්‍යය තමයි ඇෆ්ගනිස්ථානයට අලුත් බලාපොරොත්තුවක් දෙන අනූෂ් කියන අර තරුණිය ආරක්ෂිතව අරගෙන යන එක. ඒ වගකීම ගන්න ක්‍රිස් මෙරිමට්ගේ කණ්ඩායමටත් සිද්ධ වෙනවා. ඔය විදියට විවිධ බාධක මැද්දේ ක්‍රිස් මෙරිමට් සහ ඔහුගේ කණ්ඩායම තම රාජකාරිය ඉටු කිරීමට කැපවෙලා ක්‍රියා කරන හැටි තමයි මේ චිත්‍රපටය පුරා දිවෙන්නේ.

කාලෙකින් බලපු සුපිරිම ක්‍රියදාම චිත්‍රපටයක්. හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා. සුළු සුළු අතපසුවීම් සිදුවෙලා තියනව නම් දැනුම් දෙන්න. ඊළග නිර්මාණයේදී ඒවා නිවැරදි කර ගන්න ඒක ලොකු උදවුවක්. එහෙනම් මම සමුගන්නවා. හැමෝටම සුභ දවසක් !

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 800MB |

Direct Download

| Bluray | x264 | 720p | 760MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Jarhead 2: Field of Fire (2014) | තමාට පෙර රාජකාරිය…

  • September 14, 2019 at 13:32
    Permalink

    Film ekata nam dala eka kanna epa bn apita ona hoda widiyata film ekk balanna misak thoge nama balanna newei adin passe me site eken mn film download karanne na ubala film eke quality eka kanawa

    Reply
    • September 14, 2019 at 19:43
      Permalink

      Mokakda Machan film eka kala kiyanne Mokakda awula..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!