Blank (2019) | ත්‍රස්තවාදය නම් ව්‍යාපාරය…

සුභ දවසක් පතනවා බයිස්කෝප්වාසි ඔබ සියලු දෙනාටම. අද අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු තවත් සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක්. බොලිවුඩයේ තවත් සුපිරිම නළුවෙක් ලෙසින් හඳුවන්න පුළුවන් සනී ඩියෝල් තමයි මේ සඳහා රංගන දායකත්වය සපයන්නේ. සනී ඩියෝල් සමගින් Karan Kapadia, Karanvir Sharma සහ Ishita Dutta මෙහි ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය එක්කාසු කර සිටිනවා. Behzad Khambataගේ නිෂ්පාදනයෙන් සහ Pranav Adarshගේ තිර රචනයෙන් හැඩවුණු මේ චිත්‍රපටය Screenplay Base චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි. 2019 මැයි මස 3 වෙනිදා තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටය කෝටි 30ක් වැනි මුදලක් උපගැනීමට සමත් වූවා. එමෙන්ම විචාරක ප්‍රතිචාර නම් එතරම් හොඳ මට්ටමක තිබුනේ නැහැ. කාලීන මාතෘකාවක් වන ත්‍රස්තවාදය පදනම් කරගෙන තැනුණු මෙම චිත්‍රපටය පැය එකයි මිනිත්තු 45ක් වැනි කාලයක පුරා දිවෙන ක්‍රියාදාම සපිරි චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි.

කතාව ගැන කියනවනම් හනීෆ් කියල තරුණයෙක් සහ දිවාන් කියල පොලිස් නිලධාරියෙක් වටා තමයි මුළු කතාවම දිවෙන්නේ. හනීෆ් පාරේ ගමන් කරමින් සිටින විට හදිසි රිය අනතුරකට ඔහු ලක්වනවා. ඉතාමත් දැඩි ඝට්ටනයක් නිසා දැඩි ලෙස තුවාල වුනු ඔහු රෝහල්ගත කරනවා. වෛද්‍යවරයන් මොහුට ප්‍රතිකාර කරන්නට කමීසය ගලවනවිට මහා පුදුම දෙයක් ඔහුගේ පපුවේ රඳවා තිබෙනවා දොස්තරවරුන්ට දකින්නට ලැබෙනවා. ඒ මරාගෙන මැරෙන බෝම්බයක්. ඒක නිකම්ම නිකන් එකක් නෙමෙයි. හනීෆ්ගේ ලේ ගමනාගමනයට සම්බන්ධ කරලා සවි කරපු මරාගෙන මැරෙන බෝම්බයක්..

ඉතිං හනීෆ් කවුද? ඇයි මරාගෙන මැරෙන බෝම්බයක් අටවාගෙන එන්නේ? ඇයි මනුස්සයට හදිසි අනතුරක් වෙන්නේ? හදිසි අනතුරෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ හැමදෙයකටම පිළිතුරැ ඔබට චිත්‍රපටය නරඹනවාත් සමගම ලැබේවි.

ඉතිං එහෙනම් අදට යන්න අවසරයි. අදකාලේ පිළිකාවක් වගේ පැතිරිලා තියෙන ත්‍රස්තවාදය නිසා පීඩා විඳින අහිංසක ජිවිත ගණන අනන්තයි. ඒ පිලිබඳ ලංකාවේ අපිට අමුතුවෙන් විස්තර කර දෙන්නට අවශ්‍ය නැහැ. මොකද අපි ඉපදුන දවසේ ඉදන්ම මේ අවාසනාවන්ත අද්දැකීමට මුහුණපාමින් ඉන්න ජාතියක් නිසා. ඉතිං එවන් ත්‍රස්තාවාදී ව්‍යාපාරයක් පදනම් කරගෙන තැනු මෙම චිත්‍රපටය ඔබට හොඳ සිනමා අද්ද්කිමක් ගෙන දෙනු ඇති. එමෙන්ම ඔබට සිතන්නට යමක් ඉතිරි කර දේවි. අරගෙන බලන්න කියා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා…

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.4GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.3GB |

| HDRip | x264 | 1080p | 1.5GB |

HEVC – x265

| HDRip | x265 | 720p | 540MB |

| HDRip | x265 | 720p | 840MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!