28 Weeks Later (2007) | ඔබත් සුරක්ෂිතද?

ඔන්න යාළුවනේ මන් මගේ පස්වෙනි සබ් එක අරගෙන ආවා. මන් ටිකක් සබ් දෙන්නේ හිමින් යාළුවනේ මොකද මට A/L විභාගය ළගයිනේ හැබැයි යාළුවනේ මේ විභාගය ඉවර වුණ ගමන් මන් දිගටම සබ් ඉක්මනින්ම දෙනවා.මොකද මන් දැනටමත් මේ සබ් කරන වැඩේට ඇබ්බැහි වෙලා ඉන්නේ.:-) හරි යාළුවනේ අපි බලමුකෝ මන් කලින් දුන්න ෆිල්ම් හතර. I Robot(2004), Dinosaur (2000), Assassination Games (2011), Megamind (2010) මේ හැම ෆිල්ම් එකකටම කමේන්ට් කරපු හැමෝටම ස්තුති.. මන් මේ සැරේ යාළුවන්ට ගෙනාවේ 28 Weeks Later (2007) කියන සුපිරි ෆිල්ම් එක. මේක world war(2013) ෆිල්ම් එකට ටිකක් සමාන එකක් යාළුවනේ ..

මන් මේ සැරේ නම් ෆිල්ම් එක ගැන මුකුත් කියන් නැ යාළුවනේ මොකද අපේ රොයිලි සහෝ පහළ ලිපියකින් මේ ෆිල්ම් එක ගැන කියලා තියනවා යාළුවනේ. එහෙනම් මේක ගොඩක් ලස්සන ෆිල්ම් එකක් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනගමන් මන් යනවාතවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු යාළුවනේ. හැමෝටම බුදු සරණයි!

මීට කලින් පළකළ ලිපිය.

ඇත්තටම මේ ෆිල්ම් එක පොතේ ගුරා සොහොයුරා මීට කලින් දාපු Doomsday (2008) ෆිල්ම් එකේ ප්‍රධාන තේමාවට ලොකු සමාන කමක් දැක්වුවත් ඇත්තටම මේ ෆිල්ම් එක ඊට අවුරුද්දකට කලින් එනම්  2007 දි තිරගත වූවක්. ප්‍රධාන තේමාව සමාන උනාට ෆිල්ම් එකේ අන්තර්ගතය එකිනෙකට වෙනස්. මේ ෆිල්ම් එක thriller ෆිල්ම්ස් වලට කැමති ඔබ සඳහාමයි.  😀

කතාව මෙහෙමයි. ලන්ඩනයේ භයානක වෛරසයක් පැතිර යනවා එය ආසාදනය වෙන මිනිසුන් උන්මත්තකයන් ලෙස අනික් අයව සපා කෑමට පෙලඹෙනවා. මෙයින් තවමත් බේරි සිටින ඩොන් හා ඔහුගේ බිරිඳ ඇතුලු ටික දෙනෙක් ගම්බද පලාතක සැගවී සිටින විට වෛරසය ආසදනය වූවන් එම ගෙදරට පහර දෙනව,මේ සිද්දියෙන් ඩොන් කලබල වී කාමරයකට කොටු වී සිටින තම බිරිඳ අතහැර දමා පලා යනවා.

ඉන් සති 28 කට පසු බොහෝ දෙනා මියගොස් ඇති නිසා වෛරසය පැතිරීම නතර වී ඇතත් එයට තවමත් බෙහෙතක් සොයාගෙන නැහැ. ලන්ඩනය පාලුවට ගොස් ඇති අතර,  ආසදනය නොවී ඉතුරු වී සිටින ටික පිරිස නගරයේ එක්තරා අධිආරක්ෂිත පෙදෙසක වෙසෙනවා. එම පෙදෙස ආරක්ෂා කීරීමේ වගකීම පැවරී තිබෙන්නේ ඇමෙරිකානු හමුදාව ප්‍රමුඛ නේටෝ හමුදාවටයි.

මේ අතර විදේශයක ජීවත් වූ ඩොන් ගේ දරුවන් දෙදෙනා තම පියා සමග විසිමට නැවත ලන්ඩනය බලා පැමිනෙන අතර ඩොන් දැන් මෙම ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ වැඩකටයුතුවල ඉහල තනතුරක් දරනවා.

ඔවුන්ට තම මව නැති අඩුව තදින් දැනෙන අතර නොදැනුවත්වම ඔවුන් දෙදෙනා විශාල වැරැද්දක් කිරීමට පෙළඹෙනවා. එය කුමක්ද? එයින් ඇතිවෙන ප්‍රතිඵල කෙසේ වෙයිද? මේ ලොකු රහස දැනගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනව..බාගමු නේ?

සැ:යු! මේක සම්මාන 4 කට නිර්දේශ වී ඉන්   2 ක් දිනා තිබෙනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 690MB |

Direct Download

| Bluray | x264 | 720p | 690MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!