Astro Kid (2019) AKA Terra Willy: Planète inconnue | විශ්වයෙන් එහා ලෝකයට…

යාලුවනේ අද ඔන්න ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහේ වගේම අලුත්ම ඇනිමේෂන් කතාවක්. ඉතින් මේ ෆිල්ම් එක අන්තර්ජාලයට මුදා හැරුනේ පසුගිය 27 වෙනිදා. ඉතින් අද 29. ඉතින් මම සතුටු වෙනවා ෆිල්ම් එක ඇවිත් දවස් දෙකකින් සබ් එක දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එක අපිට හුරු පුරුදු රටකින් නෙවෙයි හදලා තියෙන්නේ. මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ ඉන්දුනීසියාවේ. ඉතින් එයාලගේ ෆිල්ම් එකට ඉංග්‍රීසි හඬකවලා තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. ඇත්තටම මේක ගොඩක් සුපිරි ෆිල්ම් එකක්.

හරි එහෙනම් යාලුවනේ දැන් අපි බලමු කතාව මොනවගේද කියලා. ඇත්තම කිව්වොත් මේ කතාව කොමඩි ගණයට අයිති සුපිරි කතාවක්. ඒත් ඔයාලට කියන්න කැමතියි මේකේ අවසානය නම් මම හිතපු තරම් හොඳට වුනේ නැහැ. ඒක නිකන් සාමාන්‍ය කතාවක් වගේ තමයි ඉවර වුනේ. හැබැයි මේ ෆිල්ම් එකේ කොමඩි කෑලි ටික නම් කියලා වැඩක් නෑ. ඒ තරම් ලස්සනයි. ඉතින් මම කියන්නේ නෑ. ඔයාලාම බලලා ඉන්නකෝ.

මේ කතාවට IMDb Rattings 6.4 ක් වගේ ඉහල අගයක් හිමි වෙලා තියෙනවා. ඉතින් එකෙන්ම තේරෙනවා ඇති මේ ෆිල්ම් එක කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ නිසා මම හිතනවා අනිවා ඔයා මේ ෆිල්ම් එක නම් මඟ ඇරගන්න එකක් නෑ කියලා. කොහොම හරි මේ ෆිල්ම් එක ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් 3,382,747ක ආදායමක් උපයලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මෙයාලට වැඩිම ආදායමක් හම්බවෙලා තියෙන්නේ යුරෝපිය රටවලින් වීම තවත් විශේෂත්වයක්.

හරි දැනට මම ඔයාලගෙන් සමු ගන්න තමයි හදන්නේ. ඉඩක් ලැබුන හැම වෙලාවකම ඔයාලට සබක් ගෙන්න තමයි හදන්නේ. ඔයාලා දන්න සුපිරි ෆිල්ම්ස් තියෙනවා නම් අනිවා කමෙන්ට් කරන්න. පුළුවන් හැම වෙලාවේම මම වැඩේට බහිනවා. හරි එහෙනම්…

ඔබ සැමට ජය වේවා….!!!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 790MB |

Direct Download

| Bluray | x264 | 480p | 350MB |

| Bluray | x264 | 720p | 790MB |

| Bluray | x264 | 1080p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!