Dark Phoenix (2019) AKA X-Men: Dark Phoenix | ජීන් නොහොත් ෆීනික්ස් කෙල්ල…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න කාලෙකට පස්සේ ආපහු චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තටම කාටත් චිත්‍රපටය අමතක වෙන්න තරම් කල් දැන්. ඒත් වෙබ් පිටපතක් එන කම් මේක දෙන්න හැකියාවක් තිබුනේ නැහැනේ. කොහොම හරි රොයිලි සහෝදරයා මුල් හිමිකරු වෙච්ච එක්ස් මෑන් චිත්‍රපට මාලාවෙන් ඉල්ලා ගෙන බළල් පොරයකින් පස්සේ තමා ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නේ. මෙම පොස්ට් එකේ නම් මේ ජින් කියන්නේ කවුද මොනවද කරන්නේ වගේ දේවල් කියන්න යන්නේ නැහැ. ඒ ගැන ලොකු විස්තරයක් මම බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ ඇතුලත් කරලා තියෙනවා. ඒක කියවන්න ඔයාලට ජින් ගැන සම්පුර්ණ විස්තරයක් දැනගන්න අවශ්‍ය නම්.

ජින් සම්බන්ද බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ පළකරනා ලද ලිපිය සඳහා මෙතනින් පිවිසෙන්න

මෙම චිත්‍රපටය ගැන කතා කරනවා නම් ඔයාල දන්නවනේ එක්ස් මෑන් චිත්‍රපට මාලාවේ ටයිම් ලයින් එක එකපාර තේරුම් ගන්න බැරි අවුල් ජාලයක් කියල. කොහොම හරි මෙම චිත්‍රපටයට ආසන්න චිත්‍රපටය තමා X-Men: Apocalypse 2016 චිත්‍රපටය. හිතුව තරම් බොක්ස් ඔෆිස් නම් සාර්ථක උනේ නැති උනත් ඩොලර් මිලියන 250 ක් හොයල තියෙනවා. IMDb දර්ශකයේ 6.0 තමා චිත්‍රපටයට ලැබිලා තියෙන්නේ. Action, Adventure, Sci-Fi වර්ගයේ මෙම චිත්‍රපටයේ Sophie Turner , James McAvoy, Michael Fassbender, Jennifer Lawrence රඟපෑමෙන් දායක වෙනවා.

කතාව ගැන නම් කෙටියෙන් කියනවා නම්, එක්ස් මෙන්  සාමාජිකයෙක් වෙන ජින්ගේ ශරීරයට ඇතුල් වෙන විශ්ව ශක්තියක් ගැන තමා මුලිකවම කියවෙන්නේ. එමගින් එයාගේ ජිවිතේ සිදුවන වෙනස් වීම සහ එයාට මෙන්ම එක්ස් මෙන් කණ්ඩායමටම මුහුණ දෙන්න වෙන ගැටළු සහ ඒවාට මුහුණ දෙන ආකාරය පැය එකහමාරක් පුරා ඔයාලට බලන්න පුළුවන්. එක්ස් මෙන් සතුරන් මෙන්ම මිතුරන් විශාල ප්‍රමාණයක් මෙම චිත්‍රපටයේ ඔයාලට බලාගන්න හැකියි.

ඉතින් වුල්වරින්ගේ ඒක පාර්ශවිය ආදරිය (මෙම චිත්‍රපටයේ ටයිම් ලයින් සමග නොගැලපේ) ගේ චරිතය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය සඳහා උපසිරසි කිරීමට මට බාර දුන් රොයිලි සහෝදරයාට සහ සෝදුපත් කියවූ හසන්ත සහෝදරයාට ස්තුති කරන ගමන් චිත්‍රපටය බලන්න ඔයාලට ආරාධනා කරනවා. BR එනකම් ඉන්නවා, හොඳ කොපියක් ආවම බලනවා කියන්න දෙයක් නැහැ. ඔන්න බ්ලූ රේ කොපියටම සබ් දීලා තියෙනවා.

ගොහින් එන්නම්. බුදු සරණයි.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray  | x264 | 720p | 1GB |

Direct Download

|  Bluray  | x264 |  720p | 540MB |

|  Bluray  | x264 |  720p | 890MB |

|  Bluray  | x264 |  720p | 1GB | YTS |

|  Bluray  | x264 |  1080p | 1.8GB | YTS |

|  Bluray  | x265 |  720p | 620MB |

|  Bluray  | x265 |  720p | 800MB |

|  Bluray  | x265 |  1080p | 1.3GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Dark Phoenix (2019) AKA X-Men: Dark Phoenix | ජීන් නොහොත් ෆීනික්ස් කෙල්ල…

  • August 31, 2019 at 05:04
    Permalink

    540 mb eka download karanna be ,404 not found .

    Reply
  • August 31, 2019 at 20:58
    Permalink

    thanks ……………….

    Reply
  • September 2, 2019 at 00:25
    Permalink

    sub eka download wenne na.no access kiyala watenawa.E mail eken log wennath ba
    .help me

    Reply
  • September 8, 2019 at 18:02
    Permalink

    superb. eth mata subtitles gnn bane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!