Kanchana 2 : Muni 3 (2015) | ගංගා ගේ පළිගැනීම!

ඔන්න යාළුවනේ අපි කාලයක් තිස්සේ හොඳ පිටපතක් එනකල් බලන් ආසාවෙන් බලන් හිටිය බ්ලොක්බස්ටර් චිත්‍රපටියක් අරගෙන ආවා. කාංචනා 2-මුණි 3. ඔයාලට මේ පිටපත ආව ගමන් උපසිරැසි ලබා දෙන අරමුණෙන් මම කලින්ම උපසිරැසි කරලා තිබුණට මොකද, අපි නොසිතුව විදියට චිත්‍රපටියේ බොහෝ දර්ශන කපලා දාලා තිබුණා. එම නිසා නැවත මුල ඉඳලා ටයිම්-ලයින් දාන්න වුණා. පුරා පැය 17 ක් එක දිගට ටයිප් කරලා තමයි අද උණු උණු වෙම උපසිරැසිය ඔයාලට ලබා දෙන්නේ. ඉතාමත් කාර්ය බහුල කාලසටහනක් මැද්දේ ඉඳගෙන තමයි ඔයාලා වෙනුවෙන් දවසකුත් රාත්‍රියකුත් වෙන් කර ගත්තේ. රාඝවා ලෝරන්ස් විසින් පිටපත් ලියා අධ්‍යක්ෂණය කළ මෙම දමිළ චිත්‍රපටය භීතිය හා හාස්‍ය මුසු චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වෙනවා. මෙය මුණි කථා මාලාවේ 3න් වැන්නයි.කතාව පොඩ්ඩක් කියන්නම්කෝ.

රාඝවා කවුද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. හොල්මන් වලට පට්ටම බය පොරක්. මුත්‍රා කරන්න යන්නෙත් අම්මත් එක්ක. හැබැයි මිනිහට හොල්මන් කීවොත් මාරම ඉන්ටරෙස්ට් එකක් තියෙන්නේ. ග්‍රීන් ටීවී කියලා මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙක් ලෙස ඔහු සේවය කරන්නේ. ඔය අතරේ හොල්මන් පිළිබඳ වැඩ සටහනක් පටිගත කරන්න මොහුට සිද්ධ වෙනවා. මේ වැඩ සටහන අධ්‍යක්ෂණය කරන්නේ ඔහුගේ පෙම්වතිය නන්දනී. ඒ වැඩසටහනට ලොකේෂන් හොයද්දී තමයි වෙරළක් අසළ තියෙන පරණ බංගලාවක් හමු වෙන්නේ. ඒ බංගලාව බොහොම භයානක දේවල් සිදුවුණ ස්ථානයක්. කතාව බලද්දී ඔයාලට තේරෙයි. බංගලාව අසළ වෙරළ තීරයට යන මොවුන්ට බලාපොරොත්තු නොවුණ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඔය වෙරළේ වැලි යට තිබිලා තමයි නන්දනී පරණ මාලයක් එළියට ඇදලා ගන්නේ. ඊට පස්සේ තමයි ආතල් එක පටන් ගන්නේ හොඳඳ ! ඒවා ඉතින් මෙතන කියන්නේ නෑ.

ඔය මාලේ ඇත්තටම අයිති ශිවා කියලා තරුණයෙකුට. එයාගේ පෙම්වතිය ගංගා සහ ඔවුන්ගේ මිතුරන් කීප දෙනෙක්ම බොහොම අසාධාරණ ලෙස ඝාතනයට පත්වෙනවා. ඒ අයගේ සිරුරු මිහිදන් කරලා තිබෙන්නේ ඔය වෙරළේ තමයි. ඉතින් මාලේ ගත්තාම ඒ ආත්ම ටික අවදි වුණා. තමන්ට සිදුවුණ අසාධාරණයට ඒ ගොල්ලෝ සාධාරණයක් ඉටු කරගන්න තමයි උත්සාහා කරන්නේ. මේකට මාට්ටු වුනේ රාඝවා-නන්දනී යන ජෝඩුව තමයි. ඔවුන් ලවා යම් ආකාරයක පළි ගැනීමක් කරන්නයි උත්සාහය.

ඒක තමයි කතාවේ හරය. හැබැයි ඔය කීවා වගේ නෙවෙයි චිත්‍රපටිය බලන්න ගියාම. ෆුල් ආතල් එකක් තියෙන්නේ හොඳේ. බය සහ හාසය මුසු වුණ එකක්. ඔයාලම බලන්නකෝ අර හොල්මන් සෙට් එකට සාධාරණයක් ඉටු වෙයිද කියලා. තවත් දෙයක් එකතු කරන්න කැමතියි. මේ චිත්‍රපටයේ තියෙනවා යාළුවනේ පට්ට සිංදුවක් ‘ මොඩ-මොඩ ‘ කියලා. කුඩා දරුවෙක් විසින් ගායනය කරන එම ගීතයත් හුඟාක් ජනප්‍රිය එකක් වුණා. සමාවෙන්න ඕන ඒ සිංදුව හැරෙන්න මේකේ තියන අනිත් සිංදු වලට නම් මම උපසිරැසි දැම්මෙ නැහැ ඉක්මණට දෙන්න ඕන නිසා. එහෙනම් චිත්‍රපටය රසවිඳින්න කියලා ආරාධනා කරනවා..!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | SD | 700MB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!