Independence Day: Resurgence (2016) | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!!

ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර කරලා තිබුන ලිපිය ගැන මුලින්ම සඳහන් කරන්න.

1996 දී අපූර්ව සිනමාපටයක් හොලිවුඩයේ තිරගත වුනා. එය නමින් The Independence Day. මුලින්ම මේ සිනමාපටය ගැන හැරී බලමු. කෙටියෙන්ම කිව්වොත් මේ චිත්‍රපටයට පිටසක්වල ජීවින් මුල් කොට ගෙනයි දිවයන්නෙ!! 1969 දි නීල් ආම්ස්ට්‍රෝං හඳ මත තියලා ආපු ඵලකය, ඉන්පස්සෙ, කවුරුවත්ම දකින්න ඇතිද? ඔව්….ඔවුන් පෘථිවියට ආවේ..ඒ කියන්නෙ.. අපි විශ්වයේ තනිවෙලා නෑ.. ඒක සතුටක් වුණත්, ඔවුන් ආවෙ අපෙන් මහ පොළව උදුර ගන්න නම්….අපි මොකද කරන්නෙ? කවුරුත් හිත ඇතුළින් නුරුස්සන ඇමරිකාවට, ලෝකය එක් කළ හැකි වේවිද? කේබල් රෙපෙයාර් කරන කෙනෙකුට යුද්ධයක් සැලසුම් කළ හැකිද? නාටිකාංගනාවක් විවාහ කරගත්ත නිසා කැප්ටන්ට අහස අහිමිවේවිද,? Area 51 බොරුවක්ද? ආරක්ෂක ලේකම් ගේ අවසන් තීරණයට අනුව ජනාධිපති ක්‍රියා කරයිද? න්‍යෂ්ටික අවි සක්‍රීය කළහොත් කුමක් සිදුවෙයිද? කොකාකෝලා කෑන් එකකට මේ අතර කළ හැක්කේ කුමක්ද? අවසානය ලෝකයට බලාපොරොත්තු වූ නිදහස ලැබේවිද? මේ හැමදේම දැනගන්න…..බලන්න!!! The Independence Dayff.

ඒ සඳහන් කලේ මුල් චිත්‍රපටිය ගැන. බලපු නැති අයට ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. අලුත් චිත්‍රපටිය ගැන කතා කලොත්, මුල් චිත්‍රපටියෙන් වසර 20ක කාලයක් ඉදිරියට අරගෙන ගිහින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පිටසක්වල ප්‍රහාරයකින් වසර 20කට පස්සේ එක්සත් ජාතීන් පෘථිවි අභ්‍යවකාශ ආරක්ෂක මධ්‍යස්ථානයක් ගොඩනැගුවා.  නැවතත් පිටසක්වල ප්‍රහාරයක් ආවොත් ඒකට මූණදෙන්න පුලුවන් විදියට ලෝක ව්‍යාප්ත ආරක්ෂක වැඩපිළිවෙලක් ඔවුන් නිර්මාණය කලා.   2016 ජූලි 2 වෙනිදා ලෝකයේ සියළු දෙනා ආක්‍රමණයෙන් රට බේරාගෙන  20 වසරක් පිරීම මිත්තෙන් සංවත්සර උත්සවයට ලෑස්තිවෙනවා. ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ලෙවින්සන් ඩොක්ටර් කැතරින් එක්ක යුධ නායක ඩිකෙම්බෙ උබුන්ටු හමුවෙන්න යනවා. උබුන්ටු ඉන්නේ අපිකාවේ. උබුන්ටු ඉන්නේ කලින් පැමිණි පිටසක්වල විනාශකාරී යානය විනාස කරපු තැන. ඉතින් ඒ තුන්දෙනා මේ යානයට ආයෙත් ගොඩවෙනවා. එතනදී එයාලා හොයාගන්නවා පිටසක්වලයින් පරාදවෙන්න කලින් ඔවුන් ඒ යානයෙන් ආපදා ඇමතුමක් ඔවුන්ගේ ග්‍රහලෝකයට යවලා කියලා. ඒවගේම තමයි කලින් ජනාධිපති තෝමස් විට්මෝර් සහ උබුන්ටුට පිටසක්වලයන්ගේ දේවල් දැනෙනවා. එයාලාට දැනෙනවා ආපහු පිටසක්වල ආක්‍රමණයක් ලඟ ලඟ එනවා කියලා.

ජූලි 3 වෙනිදා කලින් පැමිණි පිටසක්වලයන්ට වඩා වෙනස් ගෝලාකාර යානයක් හඳේ තියන ආරක්ෂක මධ්‍යස්ථානයට ලඟාවෙන්වා. ලෙවින්සන් හිතනවා ඒක වෙනත් ජාතියක ජීවි කොට්ඨාසයක් කියලා. ඔහු කියනවා ඒකට පහරදෙන්න එපා කියලා. ඒත් නායකයන්ගේ කැමැත්තට හඳේ ආරක්ෂක මධ්‍යස්ථනයෙන් ඒකට පහරදෙනවා. ඒ පහරදීම ලොකු අත්වැරදීමක්. ඒක ඔයාලාට චිත්‍රපටිය බලාගෙන ගියාම තේරේවි. ඒවගේම තමයි මෙවර ආක්‍රමණයට එන පිටසකලයෝ නම් සෙල්ලම් නෑ. මේ විදියට විස්තර කරගෙන යනකොට දන්නේම නැතුව කතාවේ සේරම කියලා තියෙවි. ඔයාලාම බලන්න මේ හැමෝම එකතුවෙලා පිටසක්වලයන්ගෙන් ලෝකය බේරගන්න උදව් කරන්නේ කොහොමද කියලා.

මේ චිත්‍රපටියේ දැනට ලැබී ඇති බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 362.8ක් ලෙස සඳහන් වෙලා තියනවා. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  Roland Emmerich විසින්. මෙහි රංගන තරු අතර Liam Hemsworth, Jeff  Goldblum, Jessie T. Usher, Bill Pullman, Maika Monroe, William Fichtner සිටිනවා. ඔයාලාට මිනිත්තු 129ක් පුරාවට චිත්‍රපටිය රසවිඳින්න ඉඩකඩ ලැබෙනවා. ලිපිය නම් එච්චරම සවිස්තරාත්මක නෑ කියලා හිතෙනවා, ඒ වෙනුවෙන් සමාවෙන්න ඕන. හදිසියේ තමයි මේ ටිකත් කොටලා එවන්නේ. එහෙනම් තවත් හොඳ උපසිරැසියක් සමඟින් නැවත හමුවෙමු.

ඔබට ජය!!!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 800MB |

Direct Download

| Bluray | x264 | 720p | 880MB |

| Bluray | x264 | 1080p | 1.8GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Independence Day: Resurgence (2016) | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!