Assimilate (2019) | උරාගැනීම (පිටසක්වල ප්‍රහාරයක්ද? කෘමි උවදුරක්ද?)

හිටපු හමුදා නිළධාරිණියක් වන ක්ලෙයාර් හැමිල්ටන් හමුදා නිළධාරියෙක් වුණු ඇගේ ස්වාමියාගේ අභාවයෙන් පස්සෙ පුතාත් එක්ක තනි වෙනවා. ඇගේ පියාගේ අභාවයෙන් පියාගේ දේපළ ඇයට උරුම වෙනවා. පසුව නන්නාඳුනන කල්ලියක් ක්ලෙයාර්ගෙ පුතා පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලනවා. හැබැයි මේ කප්පම ඉල්ලන්නෙ අර කල්ලියේ ලොක්කට සල්ලි ඕන හින්දම නෙවෙයි. ක්ලෙයා සහ ඇගේ පුතා අතර ලොකු බැදීමක් නොතිබුණත් එයාත් අම්ම කෙනෙක්නෙ? ක්ලෙයාර් එයාගෙ පුතා බේරගන්න හිතාගෙන කප්පම් මුදලත් අරගෙන යනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.ඔන්න මගේ 12 වෙනි උපසිරැසියත් ඉක්මනට ගෙනාවා. මගේ අනිත් උපසිරැසි 11ටම කමෙන්ට් කරපු හැමෝටම ස්තිතූයි. ඇයි සද්දනැතුවම ඩවුන්ලෝඩ් කරගත්ත අය? ඒ හැමෝටමත්ට බොහොම ස්තූතියි.

මම අද ගෙනාවෙ 2019 මැයි මාසෙ 24 වෙනිදා රදර්ශනය ආරම්භ කරපු චිත්‍රපටියක්. ඒ කියන්නෙ තවම මාස 3යි. මේ වෙද්දි IMDB දර්ශකයේ 5.7ක අගයක්, TMDB දර්ශකයේ 5.3ක අගයක් සහ Rotten Tomatoes ප්‍රේක්ෂක විචාර වලින් 54%ක් හොඳ විචාර ලබාගෙන තියෙනවා. මේක John Murlowskiගෙ අධ්‍යක්ෂණයක්. විනාඩි 93ක කාලයක් කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.

චිත්‍රපටියෙ ප්‍රධාන චරිත කිහිපයක්ය තියෙනවා. සැක්, රැන්ඩි, කයිලා, තමයි ඒ චරිත. “සැක්” චරිතය Joel Courtney ගෙ. මෙයා Agents of S.H.I.E.L.D., Rogue කියන TV Seriesවල වගේම Super 8 (2011), The River Thief (2016) චිත්‍රපටිවල රඟපාලා තියෙනවා. තව Tom Sawyer & Huckleberry (2014) චිත්‍රපටියෙ Tow Sawyer වුනෙත් මෙයාම තමයි. “රැන්ඩි” විදිහට ඉන්න Calum Worthy, Backstorm, Aquarius, Lost Generation TVSeriesවල රඟපාලා තියෙනවා. එතකොට “කයිලා” Andi Matichak Halloween (2018), Evol (2016), Miles (2016) චිත්‍රපටිවල වගේම Orange is the new black (2015), Blue Bloods (2017), Underground (2016) වගේ TV Series වලත් ඔයාලා දැකල ඇති. තව Catherine McNamara, Cam Gigandet, Terry Dale Parks, Mason McNulty කියන නළු නිළියන් දකින්න පුළුවන්. එක අතකට අපට මොකටද ඕවා. අපට ඕන ෆිල්ම් එකනෙ, නේද?

දැන් ලංකාවෙ Youtubersලා ගොඩක් ඉන්නවනෙ? අන්න ඒ වගේ සමාජ ජාලා මාධ්‍ය වලට අලුත් දෙයක් කරන්න හිතාගෙන සැක් සහ රැන්ඩි දෙන්නා ” එයාල ජීවත්වෙන “පොඩන්ක්” කියන නගරය ගැන වීඩියෝ වගයක් කරනවා. ඇත්තටම ඒක බොහොම සාමකාමී නගරයක්. මෙහේ මිනිස්සු රෑ කාලෙදිත් තමන්ගෙ ගෙවල් දොරවල්වත් අගුළු දාන්නෙ නැති ආකාරයේ නගරයක්. ඒ කියන්නෙ හොරු, මංකොල්ලකාරයො කවුරුවත් මෙහෙ නෑ. (ලංකාව වගේ නේ?) මේ වීඩියෝ හදන අතරෙදි මේ යාළුවො දෙන්නට දැනෙනවා නගරෙ සමහරු අමුතු වෙලා වගේ. අමුතු කෘමි සත්තු නැත්නම් කූඹියො වගේ ජාතියකුත් ඉන්නවා මේගොල්ලො දකිනවා. ඒ අතරෙ සැක් ට්‍රයි කරන කෙල්ල කයිලා ත් සැක් ළඟට අඬාගෙන ඇවිත් තමන්ගෙ තාත්තත් වෙනස් වෙලා වගේ කියල කියනවා. ඉතින් මේ යාළුවො තුන් දෙනා එකතු වෙලා මේ වෙනස්වීම් ගැන හොයන්න පටන් ගන්නවා.. තමන්ගෙ නගරය පෙර තිබුණු තත්වයටම සාමකාමී නගරයක් කරගන්න මේ තුන් දෙනාට පුළුවන් වේවිද? ඒ ගැන මොකද හිතෙන්නෙ?
හිත හිත ඉන්න දෙයක් නෑ…. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. එතකොට ඔය ප්‍රශ්නවලට උත්තර ලැබෙයි… උපසිරැසිය බාන ගමන් පොඩි අදහසකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා…. හොඳේ…. එහෙනම් ටටා.. බායි.. සී යූ…!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 804MB | YTS

Direct Download

| WEB | x264 | 720p | 794MB | 

| WEB | x264 | 720p | 804MB | YTS

| WEB | x264 | 1080p | 1.5GB | YTS

x265

| WEB | x265 | 720p | 660MB | PSA

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Assimilate (2019) | උරාගැනීම (පිටසක්වල ප්‍රහාරයක්ද? කෘමි උවදුරක්ද?)

  • August 28, 2019 at 05:13
    Permalink

    torrent link wrong movie

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!