Akira (1988) | යහළුවන් දෙදෙනෙක්, ඉරණම් දෙකක් (18+)

අද ගෙනාවෙ IMDb හොඳම චිත්‍රපටි 250 ඇතුලෙ තියෙන විශිෂ්ඨ ඝණයෙ චිත්‍රපටියක්. ඒ වගේම එදා මෙදා තුර බිහිවුන අග්‍රගන්‍ය ඇනිමෙ එකක්. මේ ගැන දැනටමත් අහලා තියෙන අයත් ඇති. මේ වෙනකොට Akira IMDb දර්ශකයෙ අරන් තියෙන්නෙ 242 වෙනි තැන. 8.1/10 ක් අරන් හොඳම 250 අතර තියෙන එකේ කථාවෙ විටනාකම තේරුම් ගන්න පුළුවන්නෙ!

සමහරවිට මේක නිකුත් වෙච්ච අවුරුද්ද බලලා හද්ද පරණයි කියලා ගොඩක් අය අතාරියි. ඇනිමෙ බලන ටික දෙනාගෙනුත් ඕනෙනම් පොඩ්ඩ දෙනෙක් ඇහැ ඇරලා බලයි. ඒත් කමක් නෑ. ඒ බලන ටික දෙනාට තමයි මේක අරන් ආවෙ. මේ ගැන කියන්න නම් කතා ගොඩක් තියෙනවා. ඒත් මුලින් චිත්‍රපටිය නරඹලා ඉන්න ඕනෙ කියලා හිතෙන අය බලලා ඉන්න. මං පහළින් මේ ගැන ඇතිවුන ප්‍රධාන ප්‍රශ්නයි ඒවට උත්තරයි දාලා තියෙනවා. චිත්‍රපටිය බලලා මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් ආයෙත් ඇවිත් උත්තර හොයාගෙනම යන්න. මොකද එකපාරක් බැලුවට තේරෙන එකක් නැති වෙයි කියලා පොඩි එකකුත් තියෙනවා. මොකද මට තේරුනෙත් නෑ . ඒ හේතුව නිසාම වෙන්න ඇති මේ චිතප්‍රටිය ක්ලැසික් චිත්‍රපටි අතර ලොකු තැනක් අරන් තියෙන්නෙ. මුලින් චිත්‍රපටියෙ පිටුපස විස්තර දැනගමු.

නිර්මාණකරුවන් සහා පසුබිම :

මුලින්ම කියන්න ඕනෙ අකිරා චිත්‍රපටිය චිත්‍රපටියක් විදියට එළිදක්වන්න පාදක වෙන්නෙ ලොකු ප්‍රසිද්ධියක් ලබපු මේකෙ චිත්‍ර කථාව. (මන්ගා එක) 1982 ඉඳන් 1990 වෙනකන් නිකුත් වුන මේ චිත්‍ර කථාව පිටු 2000කින් සමන්විතයි. ඔතොමෝ සහා හිසෝ මෂිමොතෝ තමයි චිත්‍ර කථාවෙ අයිතිකාරයො. එයාලගෙ සහයත් ඇතිව කත්සුහිරෝ ඔතෝමෝ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා 1988 දි එළිදක්වනවා. ඩොලර් මිලියන 9ක් වියදම් කරලා හදපු අකිරා ඒ කාලෙ වැඩිම වියදමක් දරලා හදපු චිත්‍රපටිය බවට පත්වුනා. ආදායම් අතින් ඉතින් ඉදිරියෙන්ම ඉන්නවා කොහොමත්.

සාමාන්‍යයෙන් ඇනිමෙ එකකදි වෙන්නෙ මුලින් ඇනිමේෂන් නිර්මාණය කරලා හඬනළුවන් ඒ සඳහා හඬගන්වන එක. ඒත් අකිරා සම්පූර්ණයෙන් වෙනස්. හඬ නළුවන් විශාල පුහුණුවක් සිදු කරලා තියෙනවා වගේම ඇනිමේෂන් නිර්මාණයට කලින්මයි චිත්‍රපටියෙ හඬපටි රෙකෝඩ් කරලා තියෙන්නෙ. අකිරා හදන්න චිත්‍ර 120 000ක් යොදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණය මේ ධාවන කාලය තියෙන ඇනිමෙ එකකට යොදාගන්න රූපරාමු වගේ දෙගුණයක්.

ඒ වගේම චිත්‍රපටිය බැලුවට පස්සෙ ඔයාලා දකියි මේකෙ තියෙනවා ඔලිම්පික් ක්‍රීඩාංගනයක්. සිද්ධිය පදනම් වෙන්නෙ 2019 අවුරුද්දෙ වුනත් චිත්‍රපටිය හදන්නෙ 1988. 2020 ඔලිම්පික් ජපානයෙ පැවැත්වෙන්න යන වෙලාවක එයාලා ගොඩක් සාර්ථක විදියට අනාගත ඔලිම්පික් ක්‍රීඩාංගනයේ අනුරුවක් සහා වර්ෂය ගණනය කරලා තියෙනවා. හරියට කිව්වොත් නිවැරදි අනාවැකි කීමක්.

කථා වස්තුව :

කථාවෙ කථා නායකයා වෙන්නෙ කනේදා. කනේදා කියන්නෙ වෘත්තීය පුහුණු පාසලක ඉගෙන ගන්න බයික් ගැන්සියක් පවත්වන් යන තරුණ හාදයෙක්. කනේදාගෙ පොඩි කාලෙ ඉඳන් හොඳම යාළුවා තමයි තෙත්සුවෝ. මේ තෙත්සුවෝට වෙන අනතුරකින්, යම්කිසි සිද්ධි දාමයක් නිසා, පාලනය කළ නොහැකි බලයක් ලැබෙනවා. තෙත්සුවෝ මේ බලය සමග හාද වෙන ගමන් කනේදා තමන්ගෙ යාළුවව පාලනයෙන් තොර වෙන එක නතර කරන්න දරණ උත්සහයක් ප්‍රධාන කථාව විදියට ගන්න පුළුවන්. ඒත් අවසාන නිගමනය ඔයාලට භාර කරලා තියෙනවා. තව කියන්න ඕනෙ ඒකෙන් චිත්‍රපටිය නරඹන කෙනෙක්ට හානියක් වෙන්නෙ නෑ..

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 1080p | 2GB | English |

Direct Download

| BluRay | x264 | 720p | 800MB | Japanese |

| BluRay | x264 | 720p | 1.1GB | English |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!