John Wick: Chapter 3 – Parabellum (2019) | යුද්ධයට සූදානම් වෙන්න!![Bluray Updates]

ඔබට මතකද 2014 වර්ෂයේ ආව ජෝන් වික් පළමු චිත්‍රපටය. සිය බිරියගේ අභාවයෙන් පසුව ඇයගෙන් තෑග්ගක් විදිහට ලැබෙන බලු පැටියාව පිරිසක් විසින් ඝාතනය කිරීම නිසා හැමෝවම පිස්සුවෙන් වගේ මරාගෙන මරාගෙන ගිය ජෝන් වික්ව, එහෙමත් නැත්නම් හැමෝම බියෙන් කතා කරන බාබා යාගාව? ඉතින් 2014 වර්ෂයේ සිය බලු පැටියා වෙනුවෙන් පළිගත් ඝාතකයාගේ චිත්‍රපටිය ලබපු අතිශය සාර්ථකත්වය නිසාම 2017 වසරේ මෙහි දෙවැන්නක් තිරගත කෙරුනා. එයත් මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ආදායම් වාර්තා තබමින් තිරගත වීම හේතු කොට ගෙන එහි තුන්වැන්න 2019 වර්ෂයේ JOHN WICK CHAPTER 3 – PARABELLUM නමින් සිනමාහල්වලට පැමිණෙනවා. එසේම මේ වන විටත් තීන්දු කොට හමාරයි ජෝන් වික් සිනමාපටමාලාවේ 4වැන්නක් 2021 වර්ෂයේදී තිරගත වෙන බවට. ඉතින් Keanu Reevesගෙ අද්විතීය රංගනයෙන් හැඩ උන ජෝන් වික් තුන්වැන්න මේ වන විට IMDB දර්ශකයේ 8.0ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 89%ක් තරම් වූ ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා.එසේම මේ වන විට ලොව වටා මිලියන 300 ඉක්මවූ ආදායමක් ඉපයිමටද සමත්ව තිබෙනවා.

ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ ජෝන් වික්ව හයි ටේබල් විසින් නෙරපා දැමූවෙක් ලෙස නම් කරලා ඔහුගෙ හිසට ඩොලර් මිලියන 14ක ත්‍යාග මුදලක් නියම කරනවා. ඒ හා සමගම සෑම ඝාතකයෙක්ම පාහේ ජෝන් වික් පසුපස හඹා එන්නෙ ඔහුව මරා දමා අදාල ත්‍යාග මුදල ලබාගැනීමේ අපේක්‍ෂාවෙන්. ඉතින් මෙවර ජෝන් වික්ට සටන් වදින්නට සිදු වන්නේ ඔහුගේ ජීවිතය වෙනුවෙන්. වෙනදාට වැඩිය අමාරු සටනකට තමයි ඔහුට මුහුණ දෙන්නට වෙන්නෙ. මොකද හයි ටේබල් එක ජෝන්ව නෙරපා දාලා තියෙන නිසා හැම කෙනෙක්ම වගේ ජෝන්ව මරන්න තමයි උත්සාහය

එසේනම් ඔබ ලෑස්තිද බාබා යාගාගෙ බිහිසුණු සටන් අත්දකිමින් විනාඩියකට හෝ ඔබේ ඇස ඉවතට නොගෙන ජෝන් වික් තුන්වැන්න නරඹන්න. එසේනම් ඔබට සිනමාපටය නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා!

IF YOU WANT PEACE,
PARABELLUM.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 900MB |

Direct Download

| Bluray | x264 | 480p | 400MB |

| Bluray | x264 | 720p | 900MB | 

| Bluray | x264 | 1080p | 1.6GB |

| Bluray | x265 | 720p | 520MB |

| Bluray | x265 | 1080p | 904MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “John Wick: Chapter 3 – Parabellum (2019) | යුද්ධයට සූදානම් වෙන්න!![Bluray Updates]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!