Annabelle Comes Home (2019) | ලොවක් බියගැන්වු වියරු බෝනික්කා නැවතත් (18+)

ඔන්න යාලුවනේ හැමෝම එනකල් ඇගිලි ගැන ගැන හිටපු චිත්‍රපටයක් උනු උනුවෙම අරගෙන ආවා. ඉතින් මේක ගැන වැඩිය විස්තර කරන්න ඕනි නැති තරම්. මොකද හැමෝම දන්නවනේ. ඉතින් වැඩි කතා ඕනී නැහෑ එහෙනම් ෆිල්ම් එක ගැන බලමුකෝ.

කට්ටියට මතක ඇතිනේ කලින් ආව ඇනබෙල් ෆිල්ම් 2ක ඉතින් කාල රාමුවට අනු පලවෙනි ෆිල්ම් එක තමා Annabelle creation 2017 ඒක මතක් කරගෙනම මේක ගැන කතා කරමු.

ඇමරිකාවේ පිටිසර ගම්පියසක “මූලින්ස්” නමින් පව්ලක් ජීවත් වෙනවා. බෝනික්කෝ හදලා විකුනලා තමයි මෙයාලා ජිවිතය ගැටගහ ගන්නේ. ඉතින් මේ මූලින්ස් නෝනටයි මහත්තයටයි පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම “ඇනබෙල්”. ඒත් ඔවුන් ඇයට ආදරේට කතා කලේ “බී” කියලා, ඉතින් බී කියන්නේ හුගක් හුරතල්, ලස්සන, අහින්සක කෙලි පැටික්කියක්. ඉතින් මෙයාලා හරිම සතුටින් තමයි කාලය ගත කරන්නේ. එත් එක දවසකින් මේ සතුටින් හිටිය පව්ල කදුළු උල්පතක් කරමින් අවාසනාවන්ත විදිහට අඩු වයසින්ම බී මේ ලෝකේ දාලා යනවා. මූලින්ස් නෝනයි මහත්තයයි හැමදාම ප්‍රාර්ථනා කරනවා තමන් ආදරේ කරපු ඒ කෙලි පැටික්කියව ආපහු වතාවක් දකින්න ලැබෙන්න කියලා..

දේවල් ටිකෙන් ටික වෙනස් වෙනවා. බී ගේ ආත්මය නිවස පුරා සැරි සරන්න ගන්නවා. ඒක පටන් ගන්නේ පොඩි පොඩි ශබ්ද වලින්. එත් ටිකෙන් ටික ඒක වර්ධනය වෙනවා. දවස් එකින් එක ගතවෙනවා. එක පාරටම බී තම දෙමව්පියන්ගෙන් බෝනික්කෙකුට ආවේස වෙන්න අවසර ඉල්ලනවා. එහෙම වුනොත් ඇයට දෙමව්පියන් ඉදිරියට එන්න පුළුවන් කියලා ඇය කියනවා. බීව දැකීමට තියන අසීමිත ආසාව නිසා මූලින්ස් යුවල ඒකට කැමති වෙනවා. අවසානයේ ඔවුන්ට ඕනිවුන දේ ලැබෙනවා එත් ටිකෙන් ටික තත්වය දරැණු වෙන්න ගන්නවා. ඇනබෙල් නපුරු දේවල් කරන්න ගන්නවා. මුලින්ස් යුවලට තේරැම් යනවා ඒ ඉන්නේ පරණ හුරතල් ඇනබෙල්ම නෙමෙයි කියලා. තත්වය හුගාක් භයානක වෙනවත් එක්කම මූලින්ස් යුවල පල්ලියේ පූජකයන්ගේ උපකාරයෙන් ඒ වියරැ වැටුනු බෝනික්කව ඇනබෙල්ගේ ආත්මයත් එක්කම දැඩි රැකවරණය යටතේ රහස් කුටියක සදහටම හංගලා දානවා…

වසර 12ක් නිහඩව ගතවෙනවා. මූලින්ස් පව්ල තීරනය කරනවා. ගෙදර තියන තනිකම පාළුව මැකිලා යන්නත් එක්ක කන්‍යාරාමයක හැදී වැඩුනු අනාථ වුන ළමයි පිරිසකට නවාතැන් දෙන්න. ඔවුන් සමග කන්‍යා සොයුරියක්ද මූලින්ස් නිවසට පැමිනෙනවා. පළවෙනි දවස ඔවුන් සතුටින් ගත කරනවා. මේ පිරිස අතර ඉන්නවා එක විශේෂිත ළමයෙක්. ඒ තමයි ජේනිස්. ජේනිස්ට පුංචිකාලෙදිම වැලදුන රෝගයක් නිසා එක කකුලක් පණ නැති වෙලා තියෙන්නේ. ඉතින් කාටවත් නොදැනෙන්න මේ ළමයව පාවිච්චි කරලා ඇනබෙල් අර රහස් කුටියෙන් එළියට එනවා. එතනින් තමයි හැම දෙයක්ම පටන් ගන්නේ ඉතින් ඊට පස්සේ අවසානෙට පෙන්නන්නේ ජෙනිස්ව යුවලක් හදාගන්න අරන් යනවා ඉතින් ඒ වගේම ඒක අවසන් වෙන්නේ annabelle 2014 චිත්‍රපටය පටන් ගන්න තැනින් ඒක ගැන මම වැඩිය කියන්න යන්නේ නෑ ඒක අවසන් වෙන තැන හැමෝටම මතක ඇති කියලා හිතනවා. ඉතින් එතනින් තමා මේ චිත්‍රපටය පටන් ගන්නේ.

කට්ටියට මතක ඇතිනේ Annabelle 2014 අවසානෙට තරුන හෙදියකට එයාහේ ආච්චි අම්මා ඇනබෙල්ව තෑගි කරනවා. ඉතින් ඊය පස්සේ ඇනබෙල් ඒ දෙන්නට කරදර කරන්න ගන්නවා පස්සේ වොරන්ස් යුවල ගිහින් ඒක විසදලා ඇනබෙල්ව අරන් එනවා. ඊට පස්සේ එයාලගේ සුරක්ශිතාගාරේ අධි ආරක්ෂාවක් යටතේ ඒක තැම්පත් කරනවා. ඉතින් ඊට පස්සේ ඒ දෙන්නා පිටතට යනවා විමර්ශන වැඩකට එයාලගේ චූටී දුව ජූඩි කට්ටියට මතක ඇතිනේ ඉතින් ජූඩියි එයා බලාගන්න කෙනා මේරියි විතරයි ගෙදර ඉන්නේ. ඔය අතරේ මේරිගේ ඉස්කෝලේ යාලුවෙක් මේ ගෙදරට එනවා එයා මේ අත්භූත දේවල් ගැන පිස්සු වැටුන කෙනෙක් කොහොම හරි එයාගේ මෝඩ වැඩ නිසා ඇනබෙල් අර ආරක්ශාවෙන් මිදිලා එලියට එනවා. ඉතින් එතනින් එහාට මොනාද වෙන්නේ කියලා ඔයාලටම බාරයි..

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HC-HDRip | x264 | 1080p | 1.4GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HC-HDRip | x264 | 480p | 290MB |

| HC-HDRip | x264 | 480p | 350MB |

| HC-HDRip | x264 | 720p | 630MB |

| HC-HDRip | x264 | 720p | 850MB |

| HC-HDRip | x264 | 1080p | 1.4GB |

| HC-HDRip | x264 | 1080p HQ | 2.2GB |

HEVC – x265

| HC-HDRip | x265 | 720p | 220MB |

| HC-HDRip | x265 | 720p | 580MB | PSA |

| HC-HDRip | x265 | 1080p | 400MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Annabelle Comes Home (2019) | ලොවක් බියගැන්වු වියරු බෝනික්කා නැවතත් (18+)

Leave a Reply to rusiru shan Cancel reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!