Gridiron Gang (2006) | ග්‍රිඩයන් ගැන්සිය

දැනටමත් ඔයාලා බලලත් ඇති මේක. IMDb 6.9 ඇති මේ චිත්‍රපටය අපි කවුරුත් දන්න The Rock එහෙමත් නැත්නම් Dwayne Johnson තමයි ප්‍රධාන නලුවා.

කතාව බොහොම සරල කතාවක්.

නොමග ගිය තරුණයින් වැරදි පුද්ගලයින් සමග සම්බන්ධකම් පැවැත්වීම නිසා අඩු වයසින් වැරදි වලට පෙළඹිලා පුනරුත්ථාපන කදවුරු වලට වැටෙනවා. කිල්පැට්‍රික් කදවුරත් අන්න ඒ වගේ කදවුරක්. ෂෝන් පෝටර් වැඩ කරන්නෙත් මේ කදවුරේ. තම දඩුවම් කාලය නිම කරලා නැවතත් සමාජයට වැටිලා ආයෙත් වැරදි වලට අහුවෙලා හිරේ වැටෙනවා, නැත්නම් අකාලයේ වෙඩි පහරකට අහුවෙලා මිය යනවා. මෙය දකින ෂොන් කදවුර තුල පාපන්දු (රග්බි) කණ්ඩායමක් හදනවා. ඒ මේ ජවය ඇති තරුණයින් නැවත නැවතත් වැරදි වලට නොපැටලී ක්‍රීඩාවෙන් හෝ ඉදිරියට යමින් ජීවිතය ජයගන්නටයි.

ගහ මරාගන්න Dwayne Johnson මේ චිත්‍රපටයේ සංවේදී චරිතයක් තමයි ඉදිරිපත් කරන්නේ. ඇත්තටම කියනවානම් 1990 කිල්පැට්‍රික් මස්ටෑන්ග් සත්‍ය කථාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට ඒ සැබෑ චරිතත් චිත්‍රපටයේ අවසානයේ බලාගන්න පුලුවන්.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Phil Joanou. විනාඩි 126 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය 2006 සැප්තැම්බර් 15 තිරගත වූවකි.

එහෙනම් මේ චිත්‍රපටය රසවිදින්න..!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 720p | 1.5GB |

Direct Download

| BluRay | x264 | 720p | 750MB |

| BluRay | x264 | 1080p | 1.8GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!