Money Heist aka La casa de papel [S03 : E01] | මගේ නම ටෝකියෝ… මතකද මාව ?

ඔව් ඊට වසරකට පසු නැවත ඔයාල වෙත තෙවන කතා සමය සමීප කරන්න වෙන්නේ ඉහළින් මං කිව්වා කතාව නිසයි. ඔව්, ඒ කොහොමද කියලා අද හරි අපුරුවට පළමු කොටස තුලින් ඔයාලට පැහැදිලි කරාවි. ඒ ගැන වැඩිමනක් නොකියා අලුතින් කතාවට එක්කාසු වෙන ප්‍රේක්‍ෂක ඔබට යමක් කියන්නම්. අති තීක්ෂණ බුද්ධියකින් මෙහෙය වූ සැළසුමකින් යුක්ත වූ මෙතෙක් විකාශය වූ හොඳම මුදල් කොල්ලකෑමේ තේමාවක් රැගත්, සියලු දර්ශකයන් උඩු යටිකුරු කල ස්පාඥ්ඥයේ විකාශනය ආරම්භ වී පසුව Netflix හරහා ලොව පුරා විකාශනය වූ කතා මාලාවක් ඔයාලට තිළිණ කරන්නට අප බයිස්කෝප් සහෝදර කැල එකතු වෙලා තියෙනවා. කතාව පළමු සමයේ පළමු කොටසේ පටන් තෙවන සමයේ අවසන් කොටස දක්වා එක හුස්මට නරඹන්න පුළුවන් කියලා මම සහතික වෙනවා කිව්වොත්, ඒ ඇති නේද කතාවට අලුතින් එක්කාසු වෙන ප්‍රේක්‍ෂක ඔබට. බය නැතුව අරගෙන බලන්න මේ වගේ ටෙලි කතා මාලා හැමදාම එන්නේ නෑ.. මතක ඇතිව ස්පාඥ්ඥ හා ඉංග්‍රීසි හඬ සහිත Dual Audio වීඩියෝ පිටපත් ගත්තොත් වැඩි රසවින්දනයක් ඔබට ලබා ගන්නට හැකිවේවි.

හැමදාමත් වගේ තනියම නැතුව මගේ සහෝදර උපසිරැසි කණ්ඩායම කොටසින් කොටස ඔයාල වෙතට ඉක්මණින්ම සමීප වේවි. උපසිරැසිකරණයේදී මෙච්චර ඉක්මණින් තෙවන සමය ඔයාලට සමීප කරන්න සහය දුන් ඇඩ්මින් කණ්ඩායම ඇතුළු හසා අයියාටත් , රවිඳු මලයාටත් අනෙකුත් උපසිරැසිකරුවන්ටත් ස්තුති කරන ගමන් පෙර සමයන් වලදී මෙන්ම මෙවරත් ඔයාලගේ අදහස් එක්කාසු කරන්න පහල ඕන තරම් ඉඩ තියෙනවා කියා මතක් කරන ගමන් ගිහින් එන්නම්. ජය…!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p  | 3.1GB | Complete S03

Direct Download

| WEB | x264 | 720p | 416MB |

| WEB  | x264 | 720p | 3.1GB | Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!