Brightburn (2019) | සුපර්මෑන් නපුරට පෙළඹුනොත්? [Bluray Updates]

නිකමට හරි හිතිලා තියෙනවද සුපිරි වීරයෙක් නපුරට හැරුනොත් මොනවා වෙයිද කියලා?
සුපර්මෑන් වගේ හුගක් හිත හොද චරිතයක් එහෙම?
පොඩි කාලෙදී හදුනාගන්න බලයන් නපුරට පාවිච්චි කලොත්?
හතුරන්ව පරාද කරනවා වෙනුවෙන් පොඩි දේටත් පලිගන්න ගත්තොත්?
මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙනවා වෙනුවට
හිතේ හැටියට මිනි මරන්න ගත්තොත්?

මං හිතන්නෙ මේ මාතෘකාව ගැන කතා කරපු පලවෙනි කෙනා මම නෙවෙයි. මොකද සුපර්මෑන්ගේ මරණයෙන් පස්සෙ නැවතත් පණ ලැබෙන කෙනා විදිහට “බ්ලැක් සුපර්මෑන්” කියලා චරිතයක් ගැන අහලා ඇති. දැකලත් ඇති. Superman: Doomsday, The Death of Superman කියන්නේ මේවට හොද උදාහරණ. ඒවගේම මේ ප්‍රශ්නෙම මේ විදිහට BvS එකේදී අවසානෙදි සුපර්මෑන් මැරිලා ගියාම Suicide Squad චිත්‍රපටය පටන් ගද්දි මේ ප්‍රශ්නෙම ඇහුවා. ඉතින් මේ කියන්න හදන්නෙ සුපර්මෑන් වගේ චරිතයක් පොඩි කාලේදී හදුනාගන්න බලයන් නපුර පැත්තට යොදාගත්තොත් මොන විදිහෙ දෙයක්ද වෙන්නෙ කියලා. හැබැයි පහල තියෙන ලිපිය කියෙව්වට පස්සෙ තේරුම් යාවි චිත්‍රපටයෙ නිර්මාතෘවරුන් එක්කාසු වෙලා ප්‍රේක්ෂකයන් හට ලබා දෙන්න උත්සහ කලේ මොන විදිහෙ අදහසක්ද කියලා.

එතකොට මේක මාවල් හො ඩීසි සිනමාපටයක්ද?

නැහැ. මේක මාවල්/ඩීසි සිනමාපටයක් හො යුනිවර්ස් වලින් වෙනමම නිර්මාණය වෙච්ච යුනිවර්ස් එකක සිනමාපටයක්වත් නෙවෙයි. දැනට Brightburn සිනමාපටය සලකන්නෙ එහෙමයි. මොකද මේක SONY සමාගම යටතෙ බිහි වුණු සිනමාපටයක්. දැනට DC Comics වල චරිත අයිතිය තාමත් තියෙන්නෙ වෝනර් බ්‍රදර්ස්ලට. ඉතින් එයාලට චරිත අයිතිය තියෙද්දී තව කාටවත් බැහැ කොමික් සිනමාපට නිර්මාණය කරන්න. ඒත් මේක ඇතුලෙ තියෙන විශේෂත්වය ගැන කියනවනම් Brightburn සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නේ කොමික් වර්ග කිහිපයක එකතුවෙන් කියලා සලන්න පුලුවන්. ඒ මොනාද කියනවනම්,

Image Comics

2015 පෙබරවාරි 04 වැනිදා Image Comics යටතේ “Nameless” කියලා චිත්‍රකතා නිකුත්වෙලා තියෙනවා. මෙහි නිර්මාණ කටයුතු සිදු කරලා තියෙන්නෙ ග්‍රෑන්ට් මොරිසන් විසින්. විශේෂයෙන්ම කියන්න ඕන 2015 වසරේ නිකුත් වූ භයංකරම කොමික් කලාපය වෙන තරමටම මේක ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා. මේ කොමික් කලාපය ඇතුලෙ තිබිලා නිර්නාමික සංකේතයක් දකින්න ලැබෙනවා හරියටම ජේම්ස් ගන් Brightburn සිනමාපටය සදහා යොදාගත්ත සංකේතයට සමාන එකක්ම. ඉතින් Brightburn සිනමාපටය ගොඩනගන්න මේ සංකේතය Image Comics වලින් උපුටාගන්න ඇතියි කියලා සලකන්න පුලුවන්.

නිර්නාමික සංකේතය

DC Comics
DC House of Horror

Bump in the Night

DC Comics යටතෙ 2007 දී නිකුත් වෙච්ච හැලොවින් සදහාම වෙන් වූ විශේෂ කොමික් සීරීස් එකේම අලුත් එක තමයි DC House of Horror කියන්නෙ. 2017 ඔක්තෝබර් 25’වැනිදා තමයි මේ චිත්‍රකතාව නිකුත් වෙන්නෙ එකම එක කොමික් කලාපයකින් සමන්විත වෙන විදිහට. Keith Giffen තමයි කතාව ලියලා තියෙන්නෙ. මේ කොමික් කලාපයේ “Bump in the Night”කොටස තුලින් දැකගන්න ලැබෙනවා කැන්සාස්වල පිහිටි ස්මෝල්විල් වලට ක්‍රිප්ටෝනියන් යානයකින් එන කැල්-එල්ව, නමුත් පෙනුමෙන් හුගක් ලාබාල බවක් පේන්න තියෙන කෙනෙක්ගෙ ආගමනයක් ගැන. එයාගෙත් එල් වංශයේ සංකේතය රතු පාටින් පපුවේ සටහන් වෙලා තියෙනවා. පෘතුවියට එන කැල්-එල් පුංචි කාලෙ ඉදලම සුපිරි දුෂ්ට චරිතයක් වුනොත් මොකද වෙන්නෙ කියන සංකල්පය මේ කලාපය තුලින් ඉස්මතු වෙනවා. හරියටම කියනවනම් ජේම්ස් ගන්ගෙ Brightburn සිනමාපටයෙ ඉන්න බ්‍රැන්ඩන්ට සමාන කෙනෙක්වමයි DC House of Horror කලාපයේ “Bump in the Night” කොටසින් දැකගන්න ලැබුනෙත්. ඉතින් ජේම්ස් ගන් මේකෙනුත් උපුටාගන්න ඇතියි කියලා මෙතැනදීත් උපකල්පනය කරන්න පුලුවන්.

Superman: The Dark Side

Superman: The Dark Side : Elseworlds 1998

උඩ සදහන් කරලා තියෙන දෙකට අමතරව DC Comics යටතෙ Elseworlds 1998 දී අගෝස්තු ඉදන් ඔක්තෝබර් දක්වා කලාප තුනක් යටතෙ John Francis Moore විසින් කතාව ලියු නිකුත් වෙච්ච Superman: The Dark Side කොමික් එකතුව Brightburn සිනමාපටයට උදව්වක් වෙන්න ඇති කියලා හිතන්න පුලුවන්. මොකද මේ කලාපය තුලින් කියන්න හදලා තියෙන්නෙ කැල්-එල් ක්‍රිප්ටෝන් ඉදලා එද්දී එයාගෙ යානය පෘතුවියට නැතුව ඇපොකලිප්ස් වලට ගොඩ බෑවොත් මොන විදිහේ භයංකර චරිතයක් වෙයිද කියන එකයි. මෙතනදීත් සුපුරුදු පරිදි සුපර්මෑන්ගේ අදුරු භයංකාර පැතිකඩ ඉස්මතු වෙලා පෙන්නනවා.

E.V.I.L. Heroes Digital Comics
මීට අමතරව තවත් කලාප කිහිපයකින් නිර්මාණය වෙච්ච E.V.I.L. Heroes Digital Comics චිත්‍රකතා වලින් පවා ජේම්ස් ගන් Brightburn සිනමාපටයට උපුටා ගන්න ඇතියි කියලා සලකන්න පුලුවන්. මොකද මේවයෙ සදහන් වෙන්නෙ පෘතුවියට එන සුපිරි වීරයන් සැළකෙන්නේ මනුස්ස වර්ගය

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 730MB |

Direct Download

| Bluray | x264 | 720p | 730MB | YTS |

| Bluray | x264 | 720p | 900MB | MkvCage |

| Bluray | x264 | 1080p | 1.5GB | YTS |

| Bluray | x265 | 720p | 240MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!