Bommarillu (2006) | ජීවිතය සුන්දර කරන්නේ ආදරයයි..!

මේක තෙලිඟු සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි, Bommarillu, 2006 වසරේදී තමයි මේ චිත්‍රපටිය තිරගත උනේ. ටිකක් පරණ උනාට හරිම ලස්සන ආදර කතාවක්, ඒ නිසාමයි මගේ පළමු උපසිරැසිය විදිහට මේ චිත්‍රපටිය තෝරා ගත්තේ. ඒ වගේම Imdb දර්ශකයේ 8.0 ක අගයක් ලබා ගැනීමටද මේ චිත්‍රපටියට හැකියාව ලැබිල තියෙනවා. ඔබ කව්රුත් දන්නා Siddharth Narayan තමයි මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. භාෂා කිහිපයකින්ම රූගත කර ඇති මෙම චිත්‍රපටිය ඉන්දියානු සිනමා උළෙලවල් දෙකකදීම හොඳම චිත්‍රපටිය හැටියට සහ තවත් සම්මාන රැසක් දිනාගෙන තියෙනවා

මම දැන් ඔයාලට කතාව ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්, මේ චිත්‍රපටියේ ප්‍රධානම චරිතය තමයි සිද්දු (Siddharth ). එයාගේ තාත්තා (Prakash Raj) ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම තමයි, මේ තාත්තා සිද්දුට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ වැඩිකම නිසාම සිද්දුට හැමදෙයක්ම එයා අරගෙන දෙනවා, ඒ වගේම සිද්දුගේ ජිවිතේ හැමදෙයක්ම තීරණේ කරන්නෙත් එයාගේ තාත්තා, කොටින්ම කියනවා නම්, සිද්දු අඳින ඇඳුම පවා එයට තෝරලා දෙන්නේ එයාගේ තාත්තා. ඒත් සිද්දුට නම් මේක හරිම හිසරදයක්..ඔහොම යද්දී තාත්තා සිද්දුට පෝසත් පව්ලක ගැහැණු ළමයෙක් හොයල දෙනවා විවාහ වෙන්න, හැබැයි සිද්දුගේ නම් කිසිම කැමැත්තක් නෑ, මේ විවාහයට. ඒත් අන්තිමේදී තාත්තගේ කීමට සිද්දු මේ ගෑණු ළමයත් සමඟ විවාහ ගිවිස ගන්නවා. ඒත් ඒ හැමදේකටම පස්සේ සිද්දු තීරණේ කරනවා තමන් කැමති වෙන ගැහැණු ළමයෙක්ව විතරක් එයාගේ ජීවිත සහකාරිය හැටියට තෝර ගන්නවා කියල.. ඔය අතරේදී තමයි සිද්දුට හසිනිව (Jenelia) මුණගැහෙන්නේ. හසිනි කියන්නේ ජිවිතේ හැමදෙයක්ම සැහැල්ලුවෙන් හිතන, හිතට එන ඕනෑම දෙයක් කරන ටිකක් දඟකාර ගැහැණු ළමයෙක්, ඒත් සිද්දු හසිනිගේ මේ දඟකාරකමට ආදරේ කරන්න පටන් ගන්නවා, සිද්දු තීරණේ කරනවා මේ ආදරේ හසිනිට කියන්න, ඒත් හසිනි දැනගත්තොත් සිද්දු මේ වෙද්දීත් විවාහ ගිවිසගෙන කියල? සිද්දුට පුළුවන් වෙයිද එයාගේ ආදරේ ජය ගන්න? සිද්දු ගෙ තාත්තා මේ දේවල් දැන ගත්තොත් මොකද්ද වෙන්නේ? අවසානෙදි මොකද වෙන්නේ කියල දැන ගන්න ඔයාලත් මේ චිත්‍රපටිය බලන්න,

මට විශ්වාසයි ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව මේ චිත්‍රපටිය රසවිඳින්න හැකිවෙයි කියල…

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | 720p | 1.2GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| DVDRip | x264 | SD | 700MB |

| DVDRip | x264 | 720p | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!