A Dog’s Journey (2019) | නිමා නොවූ අරමුණ…

ඉතින් යාලුවනේ ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් දුක හිතෙන සුපිරිම ජාතියේ කතාවක්. ඉතින් මම කියන්න ඕනේ නෑ ඔයාලා දන්නවා මේ ෆිල්ම් එකේ ෆොටෝ එක දැක්ක ගමන් ඒ මොකද්ද කියලා. මේ ෆිල්ම් එක තමයි A Dog´s Propose කියන ෆිල්ම් එකේ දෙවෙනි දිගහැරුම. මේ ෆිල්ම් එක නම් වෙලා තියෙන්නේ A Dog´s Journey කියලා. ඉතින් යාලුවනේ හැමෝම කියන දෙයක් තමයි ෆිල්ම් එකක කෙල්ල මැරුණට වඩා දුකයි බල්ලා මැරුණම කියලා. මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලට බලාගන්න පුළුවන් මේ ෆිල්ම් එක ඔයා බැලුවොත්. මම ගොඩක් කල් ඉඳන් හොඳ ෆිල්ම් එකක් හොයා හොයා හිටියේ. හැබැයි ඇත්තටම මට හොඳයි කියලා කියන්න පුළුවන් ෆිල්ම් එකක්වත් පහුගිය කාලේ හම්බවුනේ නෑ. ඇත්තටම මම අන්තර්ජාලේ ඉන්නකොට අහම්බෙන් වගේ තමයි මට මේ ෆිල්ම් එක හම්බවුනේ. මමත් හිතුවේ නෑ මේ ෆිල්ම් එක මේ තරම් ලස්සන එකක් කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ නිර්මාණි අක්කාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ෆිල්ම් එකේ පලවෙනි කොටසේ සබ් ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තම කිව්වොත් ෆිල්ම් එකේ ගුණාත්මකභාවය රැකගන්න ඕන නිසා මටත් සමහර තැන් වල නිර්මාණි අක්කාගේ වචන පාවිච්චි කරන්නම වුනා. ඉතින් වෙනස්ම විදිහේ අද්ද්කිමක් ඔයාලටත් ලබාගන්න ඕනේ නම් අනිවාරෙන්ම මේ ෆිල්ම් දෙක නම් බලන්නම ඕනේ. ඒ වගේම ගොඩක් අය කියන දෙයක් තමයි මේ පුනුරුප්පත්තිය කියන්නේ බොරුවක් කියලා. මම දන්නෙත් නෑ ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා නම්, හැබැයි මාත් හිතන්නේ ඒක නම් ඇත්තක් වෙන්න ඇති. ඔයා මේ ෆිල්ම් එක බැලුවොත් අනිවාරෙන්ම ඔයාටත් පුනුරුප්පත්තිය තියෙනවද නැද්ද කියන එක හරියටම තහවුරු කරගන්න පුළුවන්.

හරි හරි. දැන් අපි බලමු මේ කතාව මොන වගේද කියලා. මම කලින් කිව්වා වගේ මේක දුක හිතෙන කතාවක්. මේකේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ප්‍රධාන චරිතෙට ඉන්නේ බල්ලෙක්. ඉතින් එයාගේ නම තමයි බේලි කියන්නේ. ඉතින් මේ බේලි කියන බල්ලා තමන්ගේ ස්වාමියා වෙච්ච ඊතන් එක්ක ගොඩක් හොඳින් කාලේ ගත කරනවා. ඒත් අපි හැමෝම දන්නවනේ. සුරතල්ලු හැමදාම අපිව මගින් දාලා යනවා. ඉතින් එහෙම අත්දැකීම් 5ක් පුද්ගලිකවම මගේ ජීවිතෙත් තියෙනවා. ඒක නම් මහා වේදනාවක්. ඒත් මොනා කරන්නද? ඉතින් මේ බේලි කියන බල්ලා ආයේ ඊතන්ව හොයාගෙන එනවා. ඒ කොහොමද කියලා ඔයාලට මම කියන්නේ නෑ. මම ඔට්ටුවක් දානවා ඔයාට ඒක ෆිල්ම් එක බලන්නේ නැතුව හිතා ගන්නත් බෑ කියලා. ඒක නිසා අනිවා ෆිල්ම් එක බලන්න.

හරි දැන් අපි බලමු මේ ෆිල්ම් එකේ වානිජමය වටිනාකම මොන වගේද කියලා. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. කොහොමත් ෆිල්ම් එකක වටිනාකම මනින්නේ IMDb රේටින්ග් වලින් නිසා අපි එතනින් පටන් ගමු. ඉතින් මේ ෆිල්ම් එකට IMDb Ratings 7.4ක් වගේ ඉතා ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒවගේ IMDb ප්‍රමාණයක් ලැබුන එකෙන්ම තේරෙනවා ඇති ඔයාලට ඒ ෆිල්ම් එක කොච්චර ලස්සනද කියලා.

හරි යාලුවනේ. ඔන්න වැඩිපුරත් එක්ක කතා කළා. ඉතින් එහෙනම් මම දැන් නවතින්න තමයි හදන්නේ. මතක ඇතුව කමෙන්ට් එකක් පහලින් ලියාගෙන යන්න නම් අමතක කරන්න එපා. මොකද ඒවා බලලා තමයි අපි අපේ අඩුපාඩු හදාගන්නේ. ඒක නිසා ඔයාලගේ එක වචනෙත් අපිට ගොඩක් වටිනවා…

මතක තියාගන්න. මේ ෆිල්ම් එක බලන්න කලින් A Dog´s Purpose (2017) ෆිල්ම් එක බලලා ඉන්න. ඊට පස්සේ මේක බලන්න..

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 800MB |

Direct Download

| WEB | x264 | 720p | 860MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “A Dog’s Journey (2019) | නිමා නොවූ අරමුණ…

  • August 11, 2019 at 14:16
    Permalink

    Kohomada me film eka download kraganne? Download kraganna haduwata download wenne naane..

    Reply
    • August 11, 2019 at 14:18
      Permalink

      USERDRIVE gihin download kraganna baane..

      Reply
  • September 14, 2019 at 02:10
    Permalink

    Superb movie and thanks for the subtleties ❤🤘

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!