Shaft (2019) | වසර 19 කට පසු ඔවුන් නැවතත්… (18+)

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට තමයි මේ රැගෙන එන්නෙ. හරියට මෙය අවුරුදු 19 කට පස්සෙ එන්නෙ. ඒ කියන්නෙ මෙහි 2000 වර්ෂයෙදී තවත් චිත්‍රපටයක් නිකුත් වුණා. ඒක බලල නැත්තම් දැන් බලන්න කියලා කියනවා. මොකද එතකොට පුළුවන් වෙයි චරිත ගැන ටිකක් දැනගන්න. ඒ කොහොමහරි මෙය නිකුත් වුණේ 2019 වර්ෂයෙ ජූනි මස 11. මේ වෙනකොටත් IMDb අගය 6.4 ක් සහ කුණු තක්කාලි අගය 31% වැනි අගයක් අරගන්න සමත්වෙලා තිබෙනවා. රංගයෙන් දායක වෙන්නෙ Jessie Usher l Richard Roundtree l Samuel L. Jackson l Regina Hall l Alexandra Shipp l Method Man යන කළුකැලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ජුනියර් කියන්නෙ අවුරුදු 20 කින් තමන්ගෙ තාත්තගෙන් ඈත්වෙලා හිටපු කෙනෙක්. තාත්ත කෙනෙක්ගෙ ආදරේ ලැබුණේ නැති කෙනෙක්. ඒත් ඉතින් මැරිලා නෙමේ. තාත්ත කෙනෙක් හිටියත් එයාගෙන් ආදරේ ලැබුණේ නැහැ.ඒ මොකද කියනවා නම් පොඩි කාලෙම ජුනියර්ගෙ අම්ම තම දරුවාව ඈත් කරනවා. මොකද ජෝන් කියන්නෙ යන යන තැන ප්‍රශ්ණ අරගෙන එන කෙනෙක්. ජුනියර් අත දරුවෙක් කාලේදී වෙඩි තැබීමක් සිද්ධ වෙනවා ජෝන්ට. එවෙලේ ළමයි සහ එයාගෙ බිරිඳ ඉන්නෙ කාර් එක ඇතුළේ. ඉතින් මෙන්න මේ හේතුව නිසාම මායා ළමයත් අරගෙන ඈතට යනවා. කාලයක් ගෙවිල ජුනියර් දැන් වැඩ කරන්නෙ FBI එකට. මෙයාගෙ හොඳම යහළුවා දවසක් මරල දානවා. හැබැයි පොලීසියෙ කට්ටිය හිතන්නෙ මත්ද්‍රවය නිසා කියලා. මොකද ඒ කට්ටියට පෙන්වන්න ඕන කරේ එහෙමයි. නමුත් ජුනියර් වැඩේ නවත්තන්නෙ නැහැ. තමන්ගෙ යහළුවට කරපු දේ ගැන තදින්ම හොයනවා. ඔන්න කොහොමහරි මෙයට පොටක් පෑදෙනවා. හැබැයි හෙන බයානකයි. මොකද ඒ හැමදේම යොමුවෙන්නෙ බයානක කල්ලියකට. ඉතින් මෙයට ඒක කරන්න බැරිවෙන නිසා යනවා අවුරුදු 20 කින්වත් දැකපු නැති තාත්තව හොයාගෙන. ඉතින් ඊට පස්සෙ මොකක් සිද්ධ වෙයිද? ජුනියර්ට මේක කරපු කට්ටිය අල්ල්ගනන් පුළුවන් වෙයිද? එහෙනම් ඉතින් අවසානය තෙක් බලන්නකො.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 950MB |

Direct Download

| WEBRip | x264 | 480p | 400MB |

| WEBRip | x264 | 720p | 790MB |

| WEBRip | x264 | 720p | 950MB |

HEVC x265

| WEBRip | x265 | 720p | 600MB |

| WEBRip | x265 10bit | 720p | 900MB | 6CH | PSA |

| WEBRip | x265 10bit | 1080p | 1.5GB | 6CH | PSA |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!