The Curse of La Llorona (2019) | කදුලු සලන ස්ත්‍රිය…[Bluray Updates]

ඔන්න හුග දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් උස්සන් ආවා. මේක එනකන් Horror සිනමාවට ආදරේ කරන රසික රසිකාවියෝ නම් ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ.ෆිල්ම් එකේ හොද පිටපතක් ඇවිත් දවස් කීපයක් වුනත් හොද උපසිරැසි පිටපතක් ආවේ නෑ. මේ හදපු එකත් 100% සාර්තක නෑ. ඒකට හේතුව මේ පිටපතේ සවුන්ඩ් ට්‍රැක් එකක් ටිකක් අපැහැදිලි කම වෙන්න ඇති. හොද පිටපතක් ආව ගමන් අප්ඩෙට් කරන්නම්. ඉතින් මේකට IMDb මීටරේ 5.3ක අගයක් ලැබිලා තියනවා. ඉතින් කෙටියෙන්ම කියනවනම් මේක හොරර් සිනමා විශ්වයේ Conjuring Universe එකේ එන ඇනබෙල් චිත්‍රපටි මාලාවේ Spin Off එකක් සමහරු කියනවා ඒක එහෙම නෑ කියලා ඒත් මේ චිත්‍රපටිය හරියට බැලුවොත් මැදදි ඇනබෙල් එකත් එක්ක සම්බන්ද කරනවා ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.

ඉතින් ඔකෝටම කලින් බලමු කවුද මේ La llorona පුරාවෘත්තය කියලා. මේකත් හරියට ලංකාවේ මිනිස්සු බාලගිරි කියලා විශ්වාස කරන්නේ අන්න ඒ වගේ දෙයක්. La llorona ඇයව හදුන්වන්නේ කදුලු සලන ස්ත්‍රිය කියලා. මෙක්ශිකෝවේ පිටිසර ගම් පියසක හිටපු රූමත්ම ගෑණු කෙනෙක්. දවසක් ඒ ගම හරහා පොහොසත් සහා රූමත් තරුණයෙක් යනවා ඒ තරුනයා අර තරුණියව දැකලා ඇයත් සමග ආදරෙන් බැදෙනවා. ඉතින් දෙන්නා විවාහ වෙනවා ඒ දෙන්නට ලමයි දෙන්නෙක් ලැබෙනවා. කාලය ටිකින් ටික ගෙවිලා යනකොට අර තරුනයා වෙනත් තරුන කාන්තාවක් සමග ආදරෙන් බැදෙනවා. ඒක දැනගත්තට පස්සේ la lloronaට දරාගන්න බැරිවෙනවා. ඇය ඇගේ ළමයි දියේ ගිල්වලා මරලා දානවා. ඒත් පස්සේ ඇය ඒ ගැන හුගක් දුක් වෙනවා. අඩනවා. ඒ දුකෙන්ම ඇයත් සියදිවි නසාගන්නවා. දුශ්ඨ ආත්මයක් වෙනවා. ඊට පස්සේ කදුලු හල හලා එයාගේ දරුවන් හොය හොය සැරි සරනවා. ඇය දරුවෙක්ව දැක්කොත් ඒ තමගේ දරුවා කියලා හිතලා ඒළමයව සලකුණු කරනවා ඊට පස්සේ ටික දවසකින් ඒ ළමයවත් මරලා දානවා.

ඉතින් ඕය පුරාවෘත්තය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ. එහෙනම් වැඩි විස්තර ඕනී නෑ ෆිල්ම් එක පැත්තට යමු.

ඇනා කියන්නේ ඇමරිකාවේ ලොසැන්ජලීස් වල දිවි ගෙවන තරුණ කාන්තාවක්. ඇයට හිතපු නැති විදිහට ඇගේ සැමියව අහිමි වෙනවා. පස්සේ ළමයි දෙන්නයි එයයි තනියම තමයි ජීවත් වෙන්නේ. ඇමරිකාවේ ලමා සුභසාදන ආයතනයක තමයි ඇය සේවය කරන්නේ. ඉතින් දවසක් ඇයට දැනගන්න ලැබෙනවා පැට්‍රීශියා ඇල්විස් කියලා කෙනෙක් තමන්ගේ ළමයි ඉස්කෝලේ එවන් නෑ කියලා. ඇය ඒ ප්‍රශ්නේ බලන්න යනවා. බලනකොට ඒ කාන්තාව ළමයින්ව කාමරයක දාලා හිර කරලා. ලමයින්ගේ අත් වලත් පිලිස්සුම් තුවාල තියන්වා. ඇය කියනවා එහෙම කරේ ආරක්ශාවට කියාලා. ඉතින් ඇනා ඇය ඒ කාන්තාව අතඩංගුවට අරන් අර  ළමයි දෙන්නා සුරක්ෂිත තැනකට බාර කරනවා ඒත් අභිරහස් විදිහට පහුවෙනිදා උදේ වෙනකොට ඒ ළමයි දෙන්නා දියේ ගිලිලා මැරිලා කියලා දැනගන්න ලැබෙනවා. ඇනා එයාගේ ලමයි දෙන්නත් එක්ක රෑම ඒ සිරුරු හම්භවුන තැනට යනවා. එයාට හිතාගන්න වත් බෑ වුන දේ. ඔය අතර ඇනාගේ ලොකු පුතා මොකද වුනේ බලන්න එලියට යනවා. එයා දකිනවා ගෑනු කෙනෙක් කැලේ අයිනේ අඩ අඩ ඉන්නවා. එයා ඒ දිහා බලන් ඉන්නකොට ඒ ගෑනු කෙනා එක පාරටම මගේ පුතා කියලා අර ලමයා පැත්තට එනවා. ඒ විදිහට ඇනාගේ පවුලට la lloronaගේ ශාපය අතුල් වෙනවා.ඉතින් මේ ඇනාට එයාගේ පවුල මේ ශාපයෙන් ගලවාගන්න පුලුවන් වෙයිද. කියලා ඔයාලම බලාගන්න.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුව ඇතිව මම යනවා. ගුඩ් බායී.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 790MB |

Direct Download

| Bluray | x264 | 720p | 790MB |

   

| Bluray | x264 | 1080p | 1.5GB |

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!