The Art of the Steal (2013) | සොරකම් කිරීමේ කලාව…

කොහොමද කස්ටිය, මේක මගෙ මුල්ම උපසිරසි නිර්මාණය. මම මගෙ පහසුවට උපසිරැසි කීපයක්ම හැදුව මීට කලින්. මගෙ යාළුවො කීව මේ සුපිරි සලරුවටත් සබක් ගහලදෙන්න කියල. එතකොටයි මමත් දැක්කෙ මේක පිස්සු හැදෙන කතාවක් බව. කතාවේ එක තප්පරයක්වත් මගහැරගන්න හිතෙන්නෙ නැති සුපිරි ෆිල්ම් එකක් මේක. එක මොහොතක් මගහැරුනොත් සිද්දවෙන දේ හිතාගන්න බැරුව යනවා. ඉතින් එක මොහොතක්වත් මගහැරගන්න එපා.

Italian Job වගේ කතා වලට ප්‍රියකරන අය ආස වෙන කතාවක් මේක. විශ්වාසය පදනම් කරගෙන ජීවිතේ ගෙනියන්න බැරි අයට අවසානෙදි වෙන්නෙ මොකද කියල මේ සලරුවේ හොඳින් කියවෙනවා. තමුන්ගේ සහෝදරයාව පාවා දෙන කෙනෙක්ට දඬුවම් දෙන්න මහන්සිවෙන, විශ්වාසවන්ත යාළුවො කීප දෙනෙක් ගැනයි කියවෙන්නෙ. ඒ මහන්සියට ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන්නෙ මිලියන ගණනින්. දඬුවම දෙන්නෙ නම් උපරිම ධර්මෙන්. අන්තිමට කාටවත් හිතාගන්න බැරි විදියට මේ පුද්ගලයා තමුන්ගෙම සැලැස්ම ඇතුලේ තමුන්ටම වල කපාගන්නවා. “ෂර්ලොක් හෝම්ස්” වගේ දුර දකින, “ක්‍රන්ච්” කියන පුද්ගලයා තමයි ඔහුට මේ පාඩම උගන්නන්නෙ. කතාව බලලම හොඳද නැද්ද කියල තීරණයකට එන්නකො. හීනියට හොර වැඩක් කලාට මේ වගේ වැඩ නම් කරන්න  හිතන්නවත් එපා කියල තමයි කියන්න තියෙන්නෙ.

සැ.යු :-  සමහර තැන්වල තේරුම පැහැදිලි කිරීමේදී පොඩි පොඩි වෙනස්කම් වුනා. එහෙම අඩුපාඩුවක් අහුවුනොත් මගෙ am[email protected] ලිපිනයට ගුණ-දොස් එවන්න. දවස් ගානක් මහන්සිවෙලා කොටපු උපසිරැසිය ගැන comment එකක් දාන්න, ඔයාලගේ තප්පරයක් නාස්තිකරගන්නත් අමතක කරන්න එපා. ඒ වචන අපට ලොකු හයියක්. MEDIA PLAYER CLASSIC (321 player)  යොදාගෙන සලරුව නැරඹුවොත්  සුපිරි අත්දැකීමක් විඳින්න පුළුවන් වේවි.

බයිස්කෝප් නඩේට සුභපතන ගමන්, සලරුව ඔයාලට බලන්න තියල මම යනවා මගෙ ඊළඟ සබ ගහන්න.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 700MB |

Direct Download

| Bluray | x264 | 720p | 700MB 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Art of the Steal (2013) | සොරකම් කිරීමේ කලාව…

  • July 21, 2019 at 13:03
    Permalink

    Elama mcn…jaya wewa..!!!!!

    Reply
  • July 21, 2019 at 17:21
    Permalink

    Thank you Amila,,,,Good Job….

    Reply
  • August 16, 2019 at 00:19
    Permalink

    thank you bro balala hoda naraka kiyannam

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!