Machine (2017) | යන්ත්‍රයක් වගේ හදවතක්..

මේකට ලැබිලා තියෙන imdb 2.2 ක් වගේ අඩු අගයක් තමා ලැබිලා තියෙන්නේ, ඒ වගේ අගයක් මේ වගේ චිත්‍රපටයකට ලැබුනේ ඇයිද කියලා මට හිතාගන්නත් බැරි වුණා. ඒත් කතාවේ කිසිම අඩුපාඩුවක් නැතිව ගලාගෙන යනවා කියලා නම් කියන්න පුළුවන්. මොනවා වුනත් , අපරාධ , අභිරහස් , ක්‍රියාදාම වගේ චිත්‍රපට හොයන අයට නම් මේක අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා මම සැකයක් නැතිවම කියනවා. ඒ ගැන ඔයාලට පහළ කතාවෙන්ම පැහැදිලි වේවි.

සාරා කියන්නේ බාල්රාජ් කියන කෝටිපති ව්‍යාපාරිකයාගේ එකම දුව. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. බාල්රාජ් කියන්නේ සාරාගේ ඇත්තම තාත්තා නෙවෙයි. ඒ මොකද කිව්වොත් සාරාගේ දෙමව්පියන්ව මේ බාල්රාජ් කියන කෝටිපති ව්‍යාපාරිකයා සාරා පොඩිකාලෙදීම අනතුරකින් මරලා දාලා. ඒකට හේතුව තමයි, සාරාගේ දෙමව්පියන්ට තියෙන දේපල , සල්ලි වලට මේ බාල්රාජ් කියන කෝටිපතියාගේ හිතේ ආසාවක් ඇතිවෙන එක. ඒ නිසා සාරාගේ දෙමව්පියන්ව මරලා දාලා බාල්රාජ් සාරාගේ බොරු තාත්තා විදිහට පෙනී ඉන්නවා. තව දෙයක් තියෙනවා, දේපල වලින් 50%ක් සාරාට අවුරුදු 21ක් ලැබුවට පස්සේ හිමි වෙන්න ඕනේ කියලත් සාරාගේ සීයා තාපර් තමන්ගේ අන්තිම කැමැත්ත විදිහට ලියලයි මැරෙන්නේ. මේ නිසා අවුරුදු 21ක් ලැබුවට පස්සේ සාරාවත් මරලා දාලා ඒ දේපල කොටසත් තමන්ගේ කර ගන්න තමයි බාල්රාජ් උත්සහා කරන්නේ. මේකට තමන්ගේ එකම පුතා රාන්ෂ්ව, පොඩි කාලේ ඉදන්ම හොදට පුරුදු කරවනවා. සාරාට අවුරුදු 21ක ලැබුවට පස්සේ, බාල්රාජ් රාන්ෂ්ව සාරා ඉස්සරහට යවලා සාරාගේ හිතේ රාන්ෂ් ගැන ආදරයක් ඇති කරවලා දෙන්නව කසාද බන්දනවා. ඊට පස්සේ සාරාට මොනවා වෙයිද?, බාල්රාජ් කියන්නේ සාරාගේ ඇත්තම තාත්තා නෙවෙයි කියලා සාරා දැන ගනීවිද?, රාන්ෂ් සාරාව මරලා දාවිද?, කතාවේ තව පැති මොනාද? මේ ගැන දැන ගන්න නම් ඉතින් මේක බලන්නම වෙනවා තව දෙයක් කියන්න ඕනේ, චිත්‍රපටය බාගන්න කලින් ප්‍රචාරක පටයත් බලලා හිටියනම් හොදයි කියලා තමයි මම නම් කියන්නේ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 720p | 1.1GB |

Direct Download

| HDRIP | x264 | 720p | 1.1GB 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Machine (2017) | යන්ත්‍රයක් වගේ හදවතක්..

  • July 12, 2019 at 19:47
    Permalink

    hawasath hema thanama hewwa. me film eka enaknma thma hitiye. Supiri. Thanks Sub ekatath

    Reply
  • July 13, 2019 at 11:02
    Permalink

    Meke sub aka km player akata wada nane bro mona player akatada meka wada karanne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!