Out of the Dark (2014) | නොසන්සිඳුණු වෛරය…

ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන එන්නෙ  Horror, Thriller කාණ්ඩ වලට අයත්වන, සුපිරිම ඉංග්‍රීසි චිත්‍රපටයක්.මේක 2014 දී ජර්මනියේ  Fantasy Filmfest හිදී ප්‍රදර්ශණය කෙරුවත්, නිළ වශයෙන් සිනමාහල් වල ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2015 වර්ෂයේදී. විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටයේ කැමරාකරණය නම් අති විශිෂ්ට මට්ටමේ තියෙනවා.චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ කොලොම්බියාවේ අති රමණීය දර්ශන තලයන්.කොලොම්බියාවේ තිබෙන්නා වූ මනරම් වනාන්තර, දිය ඇලි, ගංගා, ආදී ඉතාමත් සුන්දර පසුබිම් දර්ශන චිත්‍රපටය පුරාම දැකගන්න පුළුවන්.භයංකාර ස්ථාන පවා, ප්‍රේක්ෂකයාගේ සිත් ඇද බැඳ ගන්නා ආකාරයට ඉදිරිපත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයක් වෙනවා.ඒ නිසාවෙන්ම මේ චිත්‍රපටයට, සාමාන්‍ය Horror චිත්‍රපට වලට වඩා සුවිශේෂී ස්ථානයක් නිතැතින්ම ලැබෙනවා.චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ සම්මාන ලාභී නළු දෙපලක් වන, Scott Speedman සහ Julia Stiles විසින්.

කතාව ආරම්භ වන්නේ 1992 වර්ෂයේ සිදුවන සිදුවීමකින්.ලහි ලහියේ, වැදගත් ලිය කියවිලි පුළුස්සා දමමින් නිවසින් පිටවී යාමට උත්සාහ දරණ වෛද්‍යවරයෙකු, කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් මගින් මරා දමනවා.ඉන් වසර ගණනාවකට පසුව, ලන්ඩනයේ ජීවත් වන පවුලක් කොලොම්බියාවට පැමිණෙනවා.පවුලේ සිටින්නෙ මව, පියා සහ සිඟිති දියණිය.කොලොම්බියාවට පැමිණෙන මෙම පවුල, සිය නිවහන බවට පත්කර ගන්නේ, වසර ගණනාවකට පෙර ඉහත කී මරණය සිදුවූ නිවසයි.ඉතා මනරම් භූමි බාගයක පිහිටා ඇති මෙම සුවිසල් මන්දිරයේ පදිංචි වන මොවුනට සැනසිල්ලේ සිටින්නට හැකිවන්නේ දින කිහිපයක් පමණි.හදිසියේම මොවුන්ගේ සිඟිති දියණිය අතුරුදහන් වෙනවා.මෙරට වැසියන් පවසන ආකාරයට මෙය සිදුකරන ලද්දේ, වසර 500 කට ඉහතදී, කැරලිකරුවන් විසින් පන්සලක සිරකොට පණපිටින් ගිනි තබන ලද ළමයින්ගේ ආත්මයන් විසිනි.මොවුන් ශත වර්ෂ ගණනක් මුළුල්ලේම ද්වේශයෙන් සිටින බව එරට වැසියන්ගේ මතයයි.කුඩා ගැහැණු ළමයා අතුරුදහන් වූයේ කෙසේද….වසර ගණනාවකට පෙර වෛද්‍යවරයා එම නිවසේදීම මියගිය හේතුව කුමක්ද…..තම එකම දරුවා බේරා ගැනීමට දෙමවුපියන් කුමන අන්දමේ තීරණයක් ගනීද…..මෙම සුන්දර නිර්මාණය නරඹා, ප්‍රේක්ෂක ඔබම කුතුහලය සංසිඳුවා ගන්න.ඉතාමත් අලංකාර නිර්මාණයක් බවට සහතික කරලා කියනවා. එහෙනම්, තවත් නිර්මාණයකින් හමුවෙනකම්.

සියලු දෙනාටම ජයවේවා…!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 800MB | YTS

Direct Download

| BluRay | x264 | 480p | 780MB |

| BluRay | x264 | 720p | 800MB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!