Podhu Nalan Karudhi (2018) | මහජන සේවය පිණිසයි !

ආයුබෝවන් යාලුවනේ. 2019 පෙබරවාරි මස 07 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Action, Comedy, Drama ගණයට අයත් පැය 1.59ක් පුරා දිවෙන ෆිලුමක් ඔන්න ඔයාල වෙනුවෙන් අරගෙන ආවා. චරිත විදියට Adith Arun, Karunakaran, Santhosh Prathap යන අය තමයි මෙයට දායකත්වය දක්වන්නේ.

1990 දි තිරුනෙල්වෙලිදි ස්ත්‍රික්කයේ, පාලයම්කෝටෙයිවල ණය දෙන පවුලක ඉදලා කසාදයට අකමැතී කියලා චෙන්නෙයි වලට දුම්රියේ ආව කොල්ලෙක් තමයි රුද්‍රමූර්තී කියන්නෙ. ඒ අවුරුද්දෙම රාජස්ථාන්වල ඉදලා රුපියල් 10001 /=ක් මුදල් රැගෙන විශාල මූල්‍යකරුවෙකු වීමට චෙන්නෙයි වලට පැමිණි කොල්ලෙක් තමයි බාබු ජේන්. එකම ඉලක්කයක් තියෙන අය කාලයා විසින් කොහේ සිටියත් එකට එකතු කරනවා ඒක ඉලක්කය හොද හෝ නරක දෙයක් වුවත් කාලය දන්නෙ නැතුව වුණත්. ඒ වගේ කාලයක එකට එක්සත් වුණ අය තමයි බාබු ජේන් සහ රුද්‍රමූර්ති කියන්නෙ. එහෙම එකට එකතු වුණ කොල්ලෝ චෙන්නායි හි විශාල මූල්‍යකරුවෙකු වන මොටිලාල් සෙත් සමඟ එකතු වෙලා සල්ලි එකතු කිරීමේ කොල්ලන් ලෙස වැඩ කරන්න පටන් ගත්තා. අවුරුදු 5කට විතර පස්සේ ජීවිතයේ ඊළග පියවරට යන්න ඕනෙ කියල හැම කෙනෙක්ම හිතනවා වගේ මේ දෙන්නත් ආශා කරන්න පටන් ගත්තා. කෙලින්ම මෝටිලාල් සේත් ළගට ගිහිල්ලා එයාලට තනියම මුල්‍ය සමාගමක් කරන්න උදව් කරන්න කියල ඉල්ලපුවාම මෝටිලාල් ඒකට අකමැතිවෙලා දෙන්නවම රස්සාවෙන් දොට්ට දානවා. ප්‍රතිකේෂ්ප වෙලා එළියට එන දෙන්නා හරියටම සැලසුම් කරලා මෝටිලාල් සේත් එයාගෙ කාර්යයේම තියල මරලා දානවා. ඉතින් ඔන්න ඔහොම 1999 දී , ව්‍යාපාරය කියල දුන්න ගුරුවරයව ඝාතනය කරලා දෙන්නම තනි තනියම චෙන්නෙයිවල ගාම්බීර විදියටම මුල්‍ය සමාගම් පටන් ගන්නවා. ඕක තමයි කතාවේ මූලාරම්භය වන්නේ.

නැපෝලියන්,රුද්‍රමූර්ති නොහොත් උත්තරන්ගෙ දකුණු අත වගේ එයා ළගින්ම ඉදන් වැඩ කරන ඔහුගේ ප්‍රධාන ගෝලයා. ණය එකතු කරන ඒවා, ණය දෙන්නෙ නැතිනම් ගහන, මරන, දේපල උදුරගන්න හැම වැඩක්ම කරන්නෙ නැපෝලියන්. පූවරසන්, අයියා අතුරුදහන්වෙලා අවුරුදු 2ක් තිස්සේ හොයමින් ගෙදර තාත්තගෙන් බැණුම් අහමින් පොලිසි ගානේ රස්තියාදු වෙන කෙනෙක්. නැපෝලියන් එයාගෙ පෙම්වන්තියත් අතාරිනවා උත්තරන්ට තියෙන ලැදියාව නිසා. පස්සෙ දවසක උත්තරන්ගෙන් ණය ගත්ත කෙනෙක්ගෙ පුතෙක් අර්ගෙන ඇවිත් ණය ගෙව්වේ නෑ කියල එයාට ගහල දේපල ඔක්කොම ලියාගන්නවා හිරිදයම් කියල කෙනෙක්ගෙන්. හිරිදයම්ට කරගන්න දෙයක් නැතුව උත්තරන් ළග වැඩ කරන්න පටන් ගන්නවා.ඔය අතරේ දවසක් ණය ගත්ත කෙනෙක් මගුල් ගෙදර දවසෙම උත්තරන්ගෙ අය ගිහිල්ලා රණ්ඩු කරල ගහලා සල්ලි අරගෙන එන්න උත්සාහ කරනවා. මෙතැනට නැපෝලියන් එන්න පරක්කු වෙනවා. ඇවිත් බලනකොට එයාගෙ පෙම්වතියගෙ තාත්තාට තමයි කට්ටිය ගහන්නෙ. මේකට තරහ ගිහින් නැපෝලියන්, උත්තරන්ගෙ අයට ගහනවා. මේ සිද්දිය නිසා උත්තරන් එයාගෙම තරහ කාරයෙක් දම්මල නැපෝලියන්ට ගස්සනවා. මේ හේතුවෙන් ඒ කියන්නෙ කෙල්ලගෙ පැත්ත අරන් උත්තරන්ට විරුද්ධ වුණා කියල නැපෝලියන්ව ඈත් කරනවා. නමුත් නැපෝලියන්ට උත්තරන් ගැන තරහක් නෑ.. ඔය අතරේ උඩින් හොද හිත තියාගෙන උත්තරන්ව මරන්න කීප දෙනෙක් තැත් කරනවා.ඉතින් මොන මොන ආරවුල්ද වෙන්නෙ කියල,කාව කාවද මරන්නෙ

පූවරසන්ගෙ අයියට මොකද වුණේ කියල කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරමින් ආයෙත් ෆිලුමකින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා…

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 700MB |

1.) Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්.

2.) MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න.. පසුව ඔබගේ Email ලිපිනයද සදහන් කර MEGA Account එක හදා ගන්න.. ඉන්පසුව මෙම MEGA ලින්ක් භාවිතා කරන්න..

Direct Download

| HDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Podhu Nalan Karudhi (2018) | මහජන සේවය පිණිසයි !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!