Kumbalangi Nights (2019) | පැල්පතේ ජීවිතේ!

ආයුබෝවේවා! ඔන්න තවත් බලාගෙන හිටිය මලයාලම් චිත්‍රපටයක් අරන් ආවා. 2019 පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුන මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ C. Narayanan විසින්. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට නිෂ්පාදනයෙන් දායක වී තිබෙන්නේ Fahadh Faasil, Nazriya Nazim, Dileesh Pothan, සහ Syam Pushkaran විසින්.

ඉන්දියානු රුපියල් කෝටි 6.5ක වියදමකින් නිෂ්පාදනය වුනු මේ චිත්‍රපටය අතිශය ජනප්‍රසාදය දිනා ගැනීම හේතුවෙන් රුපියල් කෝටි 39ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබන්නට සමත්කම් දැක්වුවා. ඒ වගේම IMDb දර්ශකයේ 8.9ක් වැනි ඉතා ඉහළ අගයක් මේ වන විට හිමි වී තිබෙනවා. Shane Nigam, Fahadh Faasil, Soubin Shahir, Sreenath Bhasi, Anna Ben, සහ Mathew Thomas යන අය ප්‍රධාන චරිත වලට රංගණ දායකත්වය දක්වා තිබෙනවා.

මේ චිත්‍රපටය කුම්බලංගි කියන දූපත් වලින් සමන්විත ධීවර ගම්මාණයේ පැල්පතක ජීවත් වන සහෝදරයෝ හතර දෙනෙක් වටා ගෙතෙන සොඳුරු සිනමා සිත්තමක්. සාජි,බොනී,බොබී සහ ෆ්රෑන්කි කියන මේ සහෝදරයෝ හතර දෙනා වෙනස් අදහස් තියෙන, වෙනස් වයස් මට්ටම්වල ඉන්න හතර දෙනෙක්. ෆ්රෑන්කි තමයි බාලයා. අයියා කියන විදිහට කොහෙදෝ නැති වාසනාවක් පාත් වෙලා තමයි මූට හොඳ ඉස්කෝලෙකට ඇතුලත් වෙන්න ලැබිලා තියෙන්නේ. ඉස්කෝලේ නිවාඩුවට යාලුවෝ ෆ්රෑන්කිලාගේ ගෙදර යමු කියනකොට ලැජ්ජාව නිසාදෝ බොරුවක් කියලා ගෙදර එනවා. ගෙදර ඉන්නේ සාජි සහ බොබී කියන අයියලා දෙන්නා විතරයි. බොබී වැඩක් පලක් නොකර ඔහේ වැව් ඉවුරට වෙලා ඉන්න චරිතයක්. ඉතින් ඕකත් අල්ලගෙන මේ අයියලා දෙන්නගෙ වැඩේ මරාගන්න එක. ෆ්රෑන්කිට මේ දෙන්නගේ ආරවුල් නිසා මේ දෙන්නව එපා වෙලා ඉන්නේ. ඒත් ෆ්රෑන්කි කැමතිම සහ එයා ගැන හොයලා බලන අයියා තමයි බොනී. එයා ගෙදරින් ටිකක් ඈත් වෙලා ඉන්නේ.

දවසක් බොබීගේ කට්ට කලු යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් වෙනවා. බොබීට ඒක නම් ටිකක් වදිනවා. මොකද මට නැත්තේ කියලා හිතෙන්න ඇති. කොහොමින් කොහොම හරි බොබීටත් හුරු බුහුටි කෙලි පැටික්කියකගේ බැල්ම වැටෙනවා. එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක් වුනත් ඉතින් හිත ගිය තැන මාළිගාව කියනවනේ. ඒත් එක්ක තමයි ප්‍රශ්න මතු වෙන්න ගන්නේ. නිකමෙක් වගේ ඉන්න රස්සාවක්වත් නැති කෙනෙක් කොහොමද ගෑණු ළමයගේ ගෙදරින් කැමැත්ත ගන්නේ? ඒකත් එක්කම නිකමෙක් වගේ හිටිය බොබී ට අරමුණක් ලැබෙනවා. ඒ අරමුණත් එක්ක පසුබිම විපරම් කරපු චිත්‍රපටයට කතාවක් ලැබෙනවා. එහෙනම් ඒ සොඳුරු කතාව රස විඳින්නට ඔබ සැමට ආරාධනා කරමින් අදට සමු ගන්නවා. ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x265 | 720p | 950MB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| HDRip | x264 | SD | 200MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.2GB |

HEVC x265

| HDRip | x265 | 720p | 950MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Kumbalangi Nights (2019) | පැල්පතේ ජීවිතේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!