The Hobbit: The Desolation of Smaug (2013) | එරබෝර්හි හිමිකම උදෙසා… [Extended BluRay Update]

Lord of the Ring චිත්‍රපට මාලාවට පසුව එහි අධ්‍යක්ෂකවරයා අත ගහපු දෙවැනි වැඩේ තමයි The Hobbit කියන්නේ. මේ චිත්‍රපට තුනකින් යුතු හෝබිට් චිත්‍රපට Lord of the Ring චිත්‍රපට මාලාවට කලින් සිදු වූ සිද්ධීන් ගැන දැක්වෙන්නක් හෙවත් prequel එකක්. මෙහි පළමු වැන්න 2012 වසර අග බාගයේදී තිරගත උනා. එහෙ දෙවැන්න තමයි අද මේ සමීප කරන්න යන්නේ. ඒ වගේම මෙහි තෙවැන්න 2014 වසර අග බාගයේදී අපට බලන්න පුළුවන් වේවි. වසර අවසානය කියන්නේ ස්ක්‍රීන් පිටපත් වසන්තය වගේ. චිත්‍රපට නිකුත් වෙනවා දවසට එක ගානේ. දැනට ලෝකයේ ඇති හොඳම චිත්‍රපට අතරින් 174 වෙනියට ඇති චිත්‍රපටය ලෙසට නමක් දිනා ඇති මේ සලරුව IMDb 8.2 ක අගයක් ලබාගෙන තියෙනවා. ආදායම් වාර්තා ගැන කිව්වොත් මේ චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 225ක් වැය කරලා තියෙනවා. ඒ වගේ අති සාර්ථක ලෙසින් ධාවනය වෙන මේ චිත්‍රපටය දැනට ලොව පුරා ලබා තියෙන අදායම ඩොලර් මිලියන 625ක්.

එහෙනම් මම කතාව ගැන කියන්නම්. කලින් කොටසේදී අහිමි වූ රාජ්‍ය සොයා තෝරින් , බිල්බෝ සහ ගන්ඩල්ෆ් සහ පිරිස ගමනක් ආරම්භ කළා. ඒ කලකට කලින් අහිමි වූ කුරුමිටි රාජධානිය, කන්ද යට අධිරාජ්‍යය හෙවත් එරබෝර් රාජධානිය නැවත ලබා ගන්න අරමුණෙන්. කලින් කොටසේදී ඒ ගමන නතර උනේ මීදුම් පව්ව අසලින් ඒ කියන්නේ එරබෝර් රාජධානිය පෙනී පෙනී. එහිදී බිල්බෝ ඉතා වැදගත් යමක් සොයා ගන්නවා මේ ගමන සාර්ථක කර ගන්න. ඒ මුද්දක්. ඒක තමා Lord of the Ring චිත්‍රපට මාලාවේ ප්‍රධාන මාතෘකාව වෙන්නෙත්. අද මේ ගමනේ දෙවන කොටස ආරම්භ කරනවා. ඒ එරබෝර් රාජධානිය තුල ආධිපත්‍යය පතුරන Smaug නමැති මකරාගෙන් ඒ රාජධානිය නැවත ලබා ගන්නයි. එහෙනම් කලින් කොටසේ හමු නොවූ පිරිසක් මේ අද්විතීය ගමන සමඟ එක්කාසු වෙන්න නියමිතයි. එහෙනම් මෙන්න බාරයි මේ ගමනේ දෙවන කොටස ගමන් ආරම්භ කරන්න. අවසානය නම් එච්චරම සතුටු දායක නොවයි කියල හිතෙනවා බලන අයට. ඒකත් එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.9GB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| BluRay | x264 | 720p | 1.9GB |

| BluRay | x265 | 720p | 890MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Hobbit: The Desolation of Smaug (2013) | එරබෝර්හි හිමිකම උදෙසා… [Extended BluRay Update]

  • July 4, 2019 at 16:50
    Permalink

    Hobit eke upasirasa galapenna ni

    Reply
  • July 7, 2019 at 20:31
    Permalink

    Meke anith film tikath danna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!