Police Story 3: Super Cop (1992) AKA Ging chaat goo si III: Chiu kup ging chaat | සුපිරි පොලිස් නිලධාරි ජැකි චැන් මත්කුඩු අධිපතියෙක් සොයා පොලිස් නිලධාරිනියක් සමඟ අපුරු රහසිගත මෙහෙයුමක (18+)

Police Story 1 – 2 යන චිත්‍රපටි අතරින් මේක තමයි හොඳම චිත්‍රපටිය. ජැකිගේ සුපිරි ක්‍රියාදම දර්ශන පෙලක්ම බොහොම අපූරුවට මේ චිත්‍රපටියේ එක්කහු වෙලා තියනවා. මේකේ කොච්චියක ජැකි චැන් සටන් වදින බොහොම නෙත් ඇදගන්නා සුළු දර්ශනයක් තියනවා, ඒ දර්ශනයි අනිත් චිත්‍රපටි 2කේ වගේම සියලුම ක්‍රියාදාම සටන් දර්ශන ගන්නේ ඇත්තටමයි. පරිගණක සජීවිකරණ දේවල් මුකුත්ම නෑ. ජැකීගේ මේ Police Story චිත්‍රපටි මාලාව රූගත කරන්න විශාල කැමරා ප්‍රමාණයක් යොදාගෙන තියනවා. ඒ වගේම හුඟක් තැන් වල ජැකීට තුවාලත් වෙලා ලේ හිටං ගලන අවස්ථා වෙලා තියනවා. ඒ සමහර කොටස් ඔයාලා මේ චිත්‍රපටි මාලාවේ අවසන් කොටස් වල දකින්න ඇතිනේ.

මේ චිත්‍රපටිය තියලා තියන Box Office වාර්තාව ඇවිල්ලා ඇමරිකානු ඩොලර් මිලියන $16,270,600ක්. බොහොම විශාල ආදායමක් උපයන්න සමත් වෙලා තියනවා.

කතාව මේකයි,

චායිබාට් නැමති ප්‍රබල මත්ද්‍රව්‍ය අධිපතියෙක් නිතීයේ ‍රැහනට කො‍ටු කරගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් විශාල සැලසුමක් සකස් කරනවා. මේ වැඩේට යවන්න ජාත්‍යන්තර පොලිසියේ උදවිය හොයන්නේ එක විශේෂ සුපිරි පොලිස් නිලධාරියෙකුවයි, මොකද මේ චායිබාට් කියන මත්කුඩු අධිපතියව අල්ලන ඒක ලේසි වැඩක් නෙමෙයි හින්දා. විශාල හමුදාවක් පිරිවරාගෙන රහසිගත දූපතක තමයි මිනිහා ඉන්නේ. මේ වගේ මෙහෙයුම් සම්බන්ධයෙන් අත්දැකීම් බහුල දක්ෂ අපේ සුපිරි පොලිස් නිලධාරියා වන චැන් කාකූයිව තමයි යවන්න යෝජනා වෙන්නේ. මේ මෙහෙයුමට තවත් එක ජාත්‍යන්තර පොලිසියේ උසස් නිලධාරිනියක් කාකූයි එක්ක යනවා. මෙයාලා යන්නේ වෙස්වලාගෙන චායිබාට් මත්කුඩු අධිපතියගේ දකුණු අත විදියට ඉඳපු දැන් සිරගත වෙලා ඉන්න පුද්ගලයෙක් සමග හාද වෙලා චායිබාට්ට කිට්‍ටු වෙන්නයි.

හොඳයි, එහෙනම් තවත් වැඩි විස්තරයක් මම කරන්න උවමනා නෑ කියලා හිතනවා, චිත්‍රපටිය එහෙනම් අරගෙනම බලන්න.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.8GB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| BluRay | x264 | 480p | 350MB |

| BluRay | x264 | 720p | 750MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!