Amma Kanakku (2016) | අම්මාගේ ගණන් පාඩම… !

ඉතින් අද මම ඇරන් එන්නේ අම්මෙකුගේ සෙනෙහස ගැන ඉතා මෑතකදී එළි දැක්වුණු “අම්මා කනක්කු “ චිත්‍රපටිය. මේ ගැන කියද්දි ධනුෂ්ව අමතක කරන්නත් බැහැ මොකද ධනුෂ් මෙහි නිශ්පාදකයෙක් වන නිසා. තම දියණියට හොඳින් ඉගැන්වීමට නොවිඳිනා දුක් විඳින තවත් තනිකඩ අම්මා කෙනෙකුගේ හැඟීම් බර කතාවක්.

ශාන්තිගේ ස්වාමියා නැතිවන්නේ අභින්‍යා එයාගේ කුසේ ඉන්නැද්දි. එදා එඳන් අද දක්වා අභින්‍යාගේ සතුට වෙනුවෙන් ශාන්ති නොවිඳපු දුකක් නෑ. දැන් අභින්‍යා ඉන්නේ දහයේ පංතියේ. ශාන්තිට තියන එකම අභියෝගය තමයි අභින්‍යාව 10 සමත් කරවන එක. මොකද අභින්‍යා ගණන් වලට හුඟක් අදක්ෂ නිසා. නමුත් අභින්‍යා කිසිම දෙයක් ගණන් නොගන්නා මුරණ්ඩු ගෑනු ළමයෙක්. එයා දක්ෂ නමුත් ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නෑ. මොකද එයා ලොකු වැරදි වැටහීමක ජීවත් වෙන නිසා. එයා හිතන් ඉන්නේ අම්මා වැඩකාරියක් නිසා තමනුත් ලොකුවෙලා වැඩකාරියක් තමයි වෙන්න යන්නේ කියලා. ඒ නිසා එයා උවමනාවෙන් පාඩම් වැඩ කරන්නේ නෑ. අම්මා තමුන් වෙනුවෙන් දුක් විඳින එක එයාට ගාණක් නැහැ. එයා ඒක හිතන්නෙවත් නෑ. අම්මා වැඩකාරියක් කිය කියා හැමවෙලේම අම්මාව මානසිකව වට්ටනවා. මේ සියල්ල හිතේ තද කරන් ශාන්ති බොහොම දුකින් කල් ගත කරනවා. ඉතින් ඔහොම ඉන්නැද්දි දවසක් ශාන්ති තමුන්ගේ ප්‍රශ්ණය, එයා වැඩකරන ගෙදර නෝනට කියනවා. ශාන්ති කියනවා “මං වත් ඉගෙනගෙන තිබ්බා නම් මගේ දුවට කියලා දෙන්න තිබුණා“ කියලා. ඉතින් ඒ නෝනා මොකද කරන්නේ ශාන්තිට නැවත ඉගෙන ගන්න අවස්ථාවක් ඇරන් දෙනවා. ඒ තමයි අභින්‍යාගේ ඉස්කෝලේ එයාගේම පංතියේ. ඉතින් ඊට පස්සේ මොකද වුණේ කියලා මේ චිත්‍රපටිය බැලුවාම දැනගන්න පුළුවන්.

හරිම අපූරු චිත්‍රපටියක්. එතැනින් එහාට කතාව කොහොම වෙන්න ඇද්ද? අම්මයි දුවයි එකම පංතියට දැම්මාම..එ රසවින්ඳනය ඔබම ලබා ගත යුතුයි. අවසානයේ අපේ ඇහැට කඳුලක් නංවන තරමටම මේ අධ්‍යක්ෂක තුමිය අශ්විනි කටයුතු කරලා තියනවා. මෙවැනි චිත්‍රපටි අපි අතාරින්න හොඳ නෑ යාළුවනේ. අනිවාර්යෙන්ම බලන්න ඕන..මොකද අපි හුඟක් වැඩ රාජකාරි මැද්දේ ඉන්න නිසා අපේ දෙමවුපියන්ව අපිට අමතක වෙලා ඉන්නත් පුළුවන්. ඉතින් මේ උපසිරැසිය කරන්න ලැබීම මා ලැබූ භාග්‍යයක් කියලා හිතෙනවා. අපිත් අපේ දෙමවුපියන්ට කොච්චර දුක් වේදනා දෙන්න ඇද්ද? එයාලව අඬවන්න ඇද්ද? මාවත් අතීතයට ඇරන් ගිහින් මගේ අම්මට මං කොච්චර වද දුන්නද කියන කාරණය මතක් කරවලා මාව අඬවන්න මේ චිත්‍රපටියට පුළුවන් වුණා. ඔයාලත් අනිවාර්යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය අමරා පෝල්. සම්මානලාභී නවක නිළියක්. 2015 ෆිල්ම් ෆෙයා උළෙලේදී වසරේ හොඳම නිළිය ලෙස වේල ඉල්ලා පට්ටධාරී චිත්‍රපටයෙහි රඟපෑම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. ගිය වසරේ පැවති ඒසියා විෂන් සම්මාන උළෙලේදීත් දක්ෂතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා මිලි මලයාලම් චිත්‍රපටය වෙනුවෙන්. ඒ වගේම සමුද්‍රගනී, රේවතී යන සම්මානලාභී නළු නිළියන්ද මෙහි රඟපානවා. සමුද්‍රගනීගේ “අප්පා (තාත්තා)“ චිත්‍රපටයත් මේ වෙද්දී සාර්ථකව තිරගත වෙන බව මතක් කළ යුතුයි. ඒ වගේම මෙහි සංගීතය ඉලයාරජා කියන කාරණයත් මතක් කර දෙමින්..ලිපිය අවසන් කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.4GB |

1.) Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්.

2.) MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න.. පසුව ඔබගේ Email ලිපිනයද සදහන් කර MEGA Account එක හදා ගන්න.. ඉන්පසුව මෙම MEGA ලින්ක් භාවිතා කරන්න..

Direct Download

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!