Why Cheat India (2019) | තාත්තලගෙ විභාගෙ…

අපේ රටේ හීන පොත් වල ප්‍රින්ට් කරල විකුනනවා
සතියකින් බර අඩු කරගන්න
සුදෝ සුදු වෙන්න
හැබැයි ලොකුම පිස්සුව හැදෙන්නෙ…
ඉන්ජිනේරු, වෛද්‍ය, කලමනාකරන
පාඨමාලා වලට බඳවගන්නකොට…
ලස්සන කාර් එකක, හොඳ සූට් එකක, හොඳ පඩියක
ටිකට් එක වෙන්නෙ මෙන්න මේ බඳවා ගැනීම තමයි.
ඒ හීන දකින්නෙ දෙමව්පියො.
ඒත් ඒවා හැබෑ කරන්නෙ දරුවො.

ඒකත් මරු සර්කස් එකක්.

අපේ කතා නායකයා…
සට්ටු හෙවත් සත්යේන්ද්‍ර ඩුබේ!

අවුරුදු හතරකට එයා කෝටා එකේ,
ඒ කියන්නෙ ඉන්දියානු අධ්‍යාපන ෆැක්ටරියෙ
ඉත්තෙක් වෙලා.
සට්ටුගෙ තාත්තා, ඒ කියන්නෙ යෝගේශ්
එයාව හොඳ පහසුකම් තියෙන තැනක නැවැත්තුවා.
එයාගෙ ෆෝන් එකේ සල්ලි තියෙන්නෙ ගෙදරින් හරි
අක්ක නූපූර්ගෙන් කෝල් එන්න විතරයි
සට්ටු ඉන්න ගෙදර අයිතිකාරයම තමයි සට්ටුගෙ බාරකාරයා වුනේ
සට්ටු දත් බෙහෙත් එකක් ගන්නවත්
එලියට යන්නෙ නැහැ කියල එයා තහවුරු කරගන්නවා
ඒ රාජකාරිය වෙනුවෙන් එයා රුපියල් දාහක් වැඩිපුර ගන්නවා

ඒක විහිලුවක් නෙවෙයි…

දත් බෙහෙත් එකක් ගන්න එලියට යන එකෙන්,
විනාඩි දහයක් නාස්ති වෙන්න පුලුවන්
ඒ විනාඩි දහයෙන් මේ ළමයට ගනන් තුනක් හදල ඉවර කරගන්න පුලුවන්.
මේ ඉතුරු කරගත්තු විනාඩි, ගනන් වලින් පිරුනු
දවස්, මාස, අවුරුදු ගනන් ගෙවිල ගිහින්…
එයාගෙ මේ කෝටා එක ඉවර වෙලා,
ඉන්ජිනේරු පීඨයට ඇතුලත් වීමේ විභාගයට පෙනී සිටිනවා
අවුරුදු ගානක මහන්සියෙන් වැඩක් උනාද නැද්ද කියන එක
පැය තුනකින් තීරනය කරනවා
තාත්තගෙ හීනෙ තමන්ගෙ ඉරනම කරගෙන ජීවත් වෙනවා

මේ ඒ සට්ටුලගෙ කතාව.

3 Idiots චිත්‍රපටියෙ මතක ඇතිනෙ අමීර් කාන් වෙන කෙනෙක් වෙනුවෙන් ඉන්ජිනේරු විභාගෙට පෙනී සිටිනවා. මේ චිත්‍රපටියෙ තියෙන්නෙත් එහෙම කතාවක්. අපේ රටෙත් ළමයින්ව විභාග පාස් කරවන්න ළමයින්ටත් වැඩිය මහන්සි වෙන්නෙ අම්මල තාත්තල. ඉන්දියාවෙත් එහෙමම තමයි.තමන්ගෙ දරුවන්ව විභාග වලින් සමත් කරවන්න තාත්තල මොන වගේ දේවල්ද කරන්නෙ කියල මේ චිත්‍රපටියෙන් බලා ගන්න පුලුවන්.

2019 අවුරුද්දෙ ජනවාරි 18 වෙනිදා තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Soumik Sen. මිශ්‍ර ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබුනු මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙන්නෙ Emraan Hashmi, Shreya Dhanwanthary, Snighadeep Chatterjee, Manuj Sharma සමගින් Nawal Shukla. සංගිත අධ්‍යක්ශනය කරන්නෙ Rochak Kohli, Guru Randhawa, Krsna Solo, Kunaal-Rangon, Agnee සහ Soumik Sen. ගී පද රචනය Manoj Muntashir, Kumaar, Kunaal Verma, Guru Randhawa සහ Juhi Saklani.

බාරගෙන ගොඩක් කල් වුනත් ඉවර කරගන්න ටිකක් කල් ගියා. ඒ ගැනත් සමාවෙන්න. ඉතින්, හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් චිත්‍රපටියකින් මුන ගැසෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 1080p | 1.6GB | 

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| HDRip | x264 | ESub | 400MB |

| HDRip | x264 | ESub | 700MB |

| HDRip | x264 | 1080p | 1.7GB | 

| HDRip | x265 | 720p | 800MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!