Kadhalil Vizhunthen (2008) | මම ආදරය කරමි – ආදරවන්තයන්ට පිදෙන තිළිණයකි.

ඔයාට මතකද ඔයාගේ ආදරයණීය පෙම්වතා? පෙම්වතිය? හම්බවුනේ කොහොමද කියලා?..හැමෝටම එක එක විදිහට ඒ හමුවීම තියෙයි. ඒත් ඔයාල කාටවත් ඔයලගේ ආදරය හමුබවුනේ අනතුරකින් (accident) එකකින් ලැබුන කෙනෙක් ඉදීවිද? හැබැයිි මේකෙ කෙනාටනම් ඒක ලැබුනේ අනතුරක් නිසා..අප ජීවිතේ එකතුවෙන්නෙත් කේන්දර බලල, නැකත් බලල නෙමෙයි, ඒ වගේමයි අපි ජීවිතෙන් වෙන්වෙන්නෙත් කේන්දර බලල නැකත් බලල නෙමෙයි? මං හිතන්නේ ජීවිතේ හමුවීමත්, වෙන්වීමත් හරිම පුදුම දෙයක් කියලා? අපි ප්‍රාර්ථනා කරන කොටනම් හිතනවා අපි එකතු වෙලා , මේ සංසාරේ එකට ගිහිල්ලා එකට වෙන් වෙමු කියලා… ජීවිතේ අතරමැදදි කොහොමද පුන්සද මැරුණොත් එහෙම…

අපි කැමති හැමදාමත් තමන් ආදරය කරන කෙනා ලගින්ම ඉන්න, ආදරය කරමින්, ඒත් නොසිතූ වෙලාවක තමන්ගේ ආදරය අහිමිවුනොත් තමන්ට මොනව වගේ නම් දෙයක් දැනේවිද?

ඇරඔුමම කදුලක් වෙලා..
මා බලා ඉද්දී ඒ දිහා…
ආ දුරත් දුර වැඩි නිසා…
අවසානයට පෙර ඈ ගියා…

2008 සැප්තැම්බර් 26 වෙනිද තිරගත වුන Romance | Thriller කියන categories එකට අයත් වෙන මේ ෆීල්ම් එකට IMDB මීටරේ 5.5/10 අගයක් හමුවෙලා තියෙනවා. මේක Nakul සහ Sunaina යන දෙපලගේ රංගන දායකත්වයෙන් හැඩ වෙන බොහොම ලස්සන දුක හිතෙන ආදර කථාවක්. KANDHAKOTTAI (2009), BRAHMA.COM (2017), SEI (2018), Masilamani යන චිත්‍රපට වල මොහු රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයකි.

අධ්‍යක්ෂණය – එස් උමපති
කථාව රචනය – පී.වී. ප්‍රසාද්
රංගන ශිල්පීන – Naku, Sunaina, Sampath Raj
IMDB අගය5.5/10
ධාවන කාලය – මිනිත්තු 188
විකාශණය – 26 September 2008

එහෙනම් මේකෙ කථාව ගැන පොඩි හැදින්වීමක් කැන්නම්, සබාපති(නකුල්) පාපන්දු ක්‍රීඩාවට ලැදිව සිය මව අහිමිව පියා සමග ඉතා දුක්බර ජීවිතයක් ගත කරනු ලබන , මත්පැනට අබ්බැහි වූ පුදගලයෙකි.දිනක් මොහු පාපැදියෙන් ගමන් කරන අතර තුරදී රිය අනතුරකට ලක්වේ. එය ඔහුගේ වරදකින් සිදුවන්නක් නොවන අතර, එයට හේතුව වන්නේ ඒ අසලින් ගමන් කරමින් සිටි මීරා (සුනයිනා) ගේ සළුව සුලගට ගසා ගොස් සබාගේ මූණෙහි වැදීම නිසා ඔහු අනතුරකට ලක්වේ. මෙයින් බොහෝ බියට පත්වන මීරා ඔහුව රෝහලට ඇතුලත් කරනු ලබයි.ඔහුගේ තත්වය අසාධ්‍ය බව පවසන වෛද්‍යවරුන් ඔහුව බේරාගත හැක්කේ දෙවියන්ට පමණක් බව පවසයි.ඇයගේ මවද මියගෝ සිටින අතර ඇය ඔහුව බේරා දෙන මෙන් සිය මියගිය මවගෙන් ඉල්ලා සිටියි. කෙසේ හෝ ඇය ඔහුව බේරා ගැනීමට සියළු වෙහෙසන් දරමින් ඔහුව රැක බලා ගනී. අවසානයේ සබා හොද තත්වයට පත්වන අතර සබා සහ මීරා ඉතාම සුහද මිතුරන් බවට පත්වේ. මීරා යනු පොහොසත් පවුලක එකම හිමිකාරිණිය වේ.

සබා කෙමෙන් කෙමෙන් මීරාට ආදරය කිරීමට පටන් ගත්තද, ඇය පොහොසත් කෙල්ලක් නිසා තම ප්‍රේමය ඇය හට පැවසීමට බියවේ.කෙසේ හෝ පසුව ඔහු තම ආදරය ඇයට ප්‍රකාශ කරයි, පසුව ඇය ඔහුගේ ආදරය පිළිගනී. සබා දිනක් ඔහුගේ විද්‍යාලයේ පාපන්දු තරග සදහා පිටත් වන අතර , ඔහු නැවත මීරාව දැකීමට පැමිනෙන්නේ කුසලානයද දිනා බව පවසමිනි. සබා කුසලානයද දිනා ප්‍රීතියෙන් පැමිනෙන්නේ තම ආදරවන්තිය දැකීමේ නිමිත්තෙනි.නමුත් ඔහුගේ බලාපොරොත්තුව ඔහුට සිදු වන්නේ සිහිනෙකින්වත් නොසිතූ දෙයකි, මීරාට සිදු වන්නේ කුමක්ද? පොලීසිය සබා පසුපස පැමිනෙන්නේ කුමකටද? ඔවුන්ගේ ආදරයට සිදුවන්නේ කුමක්ද? කියලා දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් ලස්සන ආදර කථාවකින් හමුවෙන තුරු සියළු දෙනාටම ජය.

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| DVDRip | x264 | SD | 400MB |

| DVDRip | x264 | SD | 650MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!