Buisness man (2012) | වීරයාත්, දුෂ්ටයාත් දෙදෙනෙකු නොවී, එකෙකු වූ කල..

“ජීවිතය යුද පිටියක් වගේ. අපිට ඒ යුද්ධ කරන්න ඕන හැම දෙයක්ම ධෛවය දෙනවා. ජීවිතයට ඉලක්කයක් හදාගෙන ඒක සැබෑ කරගන්න පුලුවන් හැම දෙයක්ම කරන්න. ඔයාට සින්දු කියන්න ඕන නම් ඒ වෙනුවෙන් කැපවෙන්න, ඔයාට ඉගෙන ගන්න ඕන නම් ඒ වෙනුවෙන් කැපවෙන්න. ජීවිතයට ඉලක්කයක් නැති මිනිස්සු ඉක්මනට විනාස වෙනවා. මොකද උන්ගෙන් මේ ලොකෙට වැඩක් නැති නිසා. එක දෙයක් මතක තියාගන්න ඔයාට වඩා විශිටයෙක් තවත් මේ ලෝකෙ නෑ. ඔබට හරි කියල හිතෙන දේ කරන්න. ඔයාට සැතපුම් 10ක් යන්න ඕන නම් සැතපුම් 11 ක් දුර ඉලක්ක කරන්න. එහෙම උනොත් ඔයා බාධා කරන හැම කෙනාම පරද්දලා ජීවිතය දිනාවි”

මහේශ් බාබු සහ කාජල් අගර්වාල් ගේ අද්වතීය රංගනයෙන් හැඩවැඩ වුන Businessman චිත්‍රපටිය 2012 දි තමයි. IMDb අගය 7.2 තරම් වෙනවා. දෙමළ චිත්‍රපටියක් වුන නිසා කවුරුහරි මේක නොබලා ඉන්න තීරනය කරනවනම් ඒක ගොඩක් වැරදි තීරණයක් කියලා මම නම් හිතන්නෙ. හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම චිත්‍රපටියක්ද කියලා හිතෙන තරමටම මේ චිත්‍රපටිය තාක්ශණය අතින් ගොඩක් පෝසත්. මහේශ් බාබු, කාජල් නලු නිලි දෙපලට අමතරව තෙලිඟු සිනමාවේ දක්ශ රංගන ශිල්පීන් වෙන Prakash Raj, Sayaji Shinde, Raza Murad පවා Businessman චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය සපයන නිසා ගුණාමත්ක හා රසාත්මක බවින් අනූන නිර්මාණයක් කියලා කියන්න තවත් අටුවාටිකා ඕන නැති වේවි කියලයි මම හිතන්නෙ.

චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම මුම්බායි නගරයේ සිදුවූ සිදුවීම් පෙලක් ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ. කමිෂනර් බරත්වාජ් මුම්බායි නගරෙයේ පාතාල ලෝකය සම්පූරනයෙන් මැඩ පවත්වලා මාධ්‍ය සාකච්චාවක් පවත්වනවා. ඒ අතර සූර්යා කියන අබිරහස් තරුණයා දුම්රියෙන් මුම්බායි නගරයට එනවා. සූර්යාගේ අමුතු සිතුම් පැතුම් එක්ක ඔහු මුම්බායි නගරේ ජීවිතය කොහොම වේවිද? ඇත්තටම ඔහු කවුද? . කමිෂනර් බරත්වාජ් ගේ දුව චිත්‍රා මේ කතාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ හැම දෙයක්ම දැනගන්න Businessman බලන්න කියලා ඔයාල හැමෝටම ආරධනා කරනවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1GB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| BluRay | x264 | 720p | 1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!