Oppam (2016) | දෑස් නොපෙනෙන නමුත්, දියණියක් වෙනුවෙන් ඝාතකයෙකුට එරෙහිව සටන් වැදි අභීත මිනිසා

මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රියතම චිත්‍රපටය මොකක්ද කියලා මං ඔයාලගෙන් ඇහුවොත්, සැකයක් නැහැ ගොඩක් දෙනාගේ පිළිතුර වෙන්නෙ Drishyam (2013) චිත්‍රපටය. නමුත්, මං කිව්වොත් ඔබ වැරදියි කියලා….? වසර ගණනාවක් මුළුල්ලේ මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රියතම චිත්‍රපටයට හිමි ස්ථානය රැකගෙන පැමිණි Drishyam චිත්‍රපටය, තෙවැනි ස්ථානය දක්වා පහළට ඇද දමමින්, එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය තහවුරු කරගැනීමට සමත්වූ චිත්‍රපටය තමයි, මෙම Oppam චිත්‍රපටය. Garam Masala (2005), Khatta Meetha (2010), Billu (2009) ආදී අති සාර්ථක චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරන ලද, Priyadarshan සහ, මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ ජනප්‍රියතම තරුව, Mohanlal යන ද්විත්වයේ සුසංයෝගයෙන් බිහිවූ, Imdb දර්ශකයේ 8.0 ක ඉහළම අගයකින් සමන්විත වන්නාවූ මෙම චිත්‍රපයට, ඉන්දියානු රුපියල් කෝටි 61 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවීමද සමත්විය. එමෙන්ම, Asiavision සම්මාන උළෙලේදී, හොඳම අධ්‍යක්ෂණය, වසරේ විශිෂ්ඨතම චිත්‍රපටය, වසරේ ජනප්‍රියතම නළුවා, හොඳම ගායකයා (පිරිමි), හොඳම පද රචනාව, ගායනයේ නව ස්වරය… යන අංශයන් හය සඳහා යෝජනාවී, අදාළ අංශ හයෙන්ම ජයග්‍රහණය ලැබීමට පවා සමත්වූවා. එමෙන්ම, මෙම චිත්‍රපටයේ හින්දි සංස්කරණය, බොලිවුඩයේ ජනකාන්ත නළු අජය දෙව්ගන්ගේ ප්‍රධාන රංගන දායකත්වය යටතේ, නුදුරු අනාගතයේදීම නිෂ්පාදනය කෙරෙන බැව් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබ තිබෙනවා.

කැමති අය අරගෙන බලන්න.එක හුස්මට බලන්න පුලුවන් තවත් චිත්‍රපටයක් කියලා සැකයකින් තොරව නිර්දේශ කරනවා. තවමත් සැකයක් තියෙනවා නම්, පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම නිගමනයකට එන්නකො.

එහෙනම්, මෙවැනි වූ තවත් රසබර සිත්තමකින් හමුවන තුරාවට, හැම දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | SD | 700MB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| DVDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!