Nannaku Prematho (2016) | තාත්තාට, ආදරෙන්…

බඩගින්න, ආදරය සහ නින්ද.. සෑම සතෙකුටම සහ මිනිසෙකුටම පොදු කාරණා තුනක්. ඒත් මිනිසුන්ටයි සතුන්ටයි වෙනස් වන කාරණය තමයි, හැඟීම. ඉතින්..දැන් මගේ හැඟීම් බිංදුවයි. හැඟීම් බිංදුවයි කියන්නේ සතුරන් බිංදුවයි කියන එක. තාත්තා..හැම තිස්සෙම මගේ පස්සෙන් පන්නන හැඟීම. සියළුම හැඟීම් වලට සිනහාවකින් පිළිතුරු දුන් කෙනෙක් හැටියට මම දැක්කනම්, ඒ මගේ තාත්තා විතරයි. මට සමාවෙන්න ක්‍රිෂ්ණ මූර්ති මහත්මයා, මං මේ දේ කළේ ඔයා ගැන තියන තරහකින් නෙවෙයි. මගේ තාත්තට තියන ආදරය නිසා.

ඔන්න මං අද ඇරගෙන ආවේ තවත් ලස්සන වගේම සුපිරි තෙළිඟු සිනමාපටයක්. නානකු ප්‍රේමදෝ..තාත්තා වෙනුවෙන් තම යුතුකම ඉටු කළ පුතෙකුගේ කතාවක්. මේ චිත්‍රපටය තෙළිඟු සිනමාවේ සුපිරි ෆිලුමක් කීවොත් නිවැරදියි. සුපිරි තෙළිඟු නළු ජූනියර් NTR (රාම රාවෝ) රඟන මෙම චිත්‍රපටය පළවෙනි දින තුන තුළ පමණක් රුපියල් කෝටි 30 කට වැඩි ආදායමක් ලබාගනිමින් බොක්ස් ඔෆිස් ලැයිස්තුවට ඇතුළත් වුණා. කතාව මෙහෙමයි.

රමේෂ් චන්ද්‍ර ප්‍රසාද්. එංගලන්තයේ එවකට හිටපු පොහොසත්ම ඉන්දියානු ව්‍යවසායකයා. ඔහුගේ අරමුණ වුණේ බ්‍රිතාන්‍යෙයේ ඉන්න සෑම ඉන්දියානුවෙකුටම නිවසක් ලබා දීම. නමුත් ක්‍රිෂ්ණ මූර්ති නැමැති පුද්ගලයෙක් වංචනික විදියට රමේෂ් චන්ද්‍ර ප්‍රසාද්ගේ ස්ථානය ලබා ගන්නවා. ඒ ඔහු බොරුකාරයෙක් බව ප්‍රකාශ කරමින්. ලෝකයට මුහුණ දීමට බැරි නිසා, රමේෂ් තම අනන්‍යතාවය “සුබ්‍රමනියම්“ ලෙස වෙනස් කර, ඒ රටින් පලා යනවා. එදා ඉඳන් තමුන්ගේ පුතුන් තුන් දෙනා උස් මහත් කරන්න සුබ්‍රමනියම් නොකරපු රස්සාවක් නැහැ. අම්මත් නැතිව දරුවන් තුන් දෙනෙක් උස් මහත් කරන්න, තාත්තා කෙනෙකුට කන්න පුළුවන් හැම කට්ටක්ම ඔහු කෑවා. අද ඔහුගේ දරුවන් හොඳ තැන්වල සිටිනවා. හදිසියේම සුබ්‍රමනියම් රෝගාතුර වී මරණාසන්න වෙනවා. එතෙක් කල් තම හිත තුළ සිරකරගෙන සිටි ඒ රහස, ඔහු තම පුතුන් තිදෙනාට හෙළිකරනවා. ඔහුගේ අවසාන කැමැත්ත වුණේ සුබ්‍රමනියම් ලෙස නොව, රමේෂ් චන්ද්‍ර ප්‍රසාද් ලෙස තමා මිය යා යුතු බවයි. නමුත් අද වන විට ක්‍රිෂ්ණ මූර්ති ඉතා බලවතෙක්. ඔහුගේ වත්කම පමණක් කෝටි 26000 ක්. ඔවුන්ට ක්‍රිෂ්ණ මූර්තිව පැරදිය නොහැකි බව සිතූ ලොකු පුතා, තමන් ක්‍රිෂ්ණ මූර්තිට එරෙහිව නීති ක්‍රියා මාර්ගයක් ගන්නා බව කියමින් තාත්තාව රවට්ටනවා. නමුත් අභිරාම් (අභී) නැමැති පුතා ක්‍රිෂ්ණ මූර්තිව බිංදුවට වැට්ටීමේ මෙහෙයුම තම අතට ගන්නවා. ඒ තමයි අපේ කතාවේ වීරයා, NTR. ඔහුට තියෙන්නේ දවස් 30 ක කාලයක්. දවස් 30 ක් කියන්නේ පැය 720 ක්. පැය 720 කි කියන්නේ, මිනිත්තු 43,200 ක්.මිනිත්තු 43,200 ක් කියන්නේ, තප්පර 25,92,000 ක්. ක්‍රිෂ්ණ මූර්තිගේ වත්කම කෝටි 26000 ක්. ඒ කියන්නේ අභීගේ එක තප්පරේක වටිනාකම දළ වශයෙන් කෝටි 10 යි. ඉතින් තාත්තා වෙනුවෙන් අභී තමන්ගේ යුතුකම කොහොමද ඉටු කළේ කියලා ඔයාලට චිත්‍රපටිය බැලුවාම තේරෙයි.

මේ චිත්‍රපටයේ අතිශයෝක්තියක් ගැබ්වෙලා තියනවා කියලා ඔයාලට තේරෙයි. එය තෙළිඟු සිනමාවට ආවේණික දෙයක්. නමුත් ඉන් ඔබ්බට ගිය ලස්සන කතාවක් මේ චිත්‍රපටයට තියනවා. අපේ ඇස්වලට කඳුලු උණන මට්ටමට මෙහි සමහර දෙබස් හැඟීම්බරයි. තාත්තලාට ආදරේ කරන ඔබ සියළු දෙනාම නැරඹිය යුතුම චිත්‍රපටයක්..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 1GB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| HDRip | x264 | SD | 800MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Nannaku Prematho (2016) | තාත්තාට, ආදරෙන්…

  • June 24, 2019 at 12:17
    Permalink

    lagadi dapu film okkoma openload eken ganna be, user drive ekai, speed4 ekai slow eke download wenne

    Reply
    • June 25, 2019 at 13:34
      Permalink

      Ehemada , Habai dan Usersdrive eketh poddam speed wedi.

      Reply
    • June 26, 2019 at 10:42
      Permalink

      Dashing diljala 2018 Tamil movie eke sinhala sub denna baida

      Reply
      • July 9, 2019 at 22:07
        Permalink

        meka wada naa neda bro wena lonk ekak nadda

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!