Lucifer [S04 : E06] | ලුසිෆර්ගේ නරක වැඩ නම් තවත් ඉවසන්න බෑ..!

එපිය පටන්ගන්නෙම ලුසිෆර්ගේ තැනේ පොඩි ඕර්ජි පාර්ටියක් (Orgy- අසංවර ලෙස හැසිරෙන) දාලා තියෙනවා මේස් එද්දිම දකිනවා.මේස්ට මල පයිනවා එයාව කපලා පාටි දැම්මට..කොහොමහරි මන් කලින් කිව්වා වගේම වැඩිහිටියන්ට පමණක් බලන්න පුලුවන් සීන් තියෙන නිසා ලුසිෆර්ගේ නරක වැඩ ගොඩක් බලාගන්න පුලුවන්.ලුසිෆර් විනොදයට ගොඩක් බර වෙන්න ගන්නකොට එයාට ටිකෙන් ටික ක්ලෝයි, රාජකාරිය, එයා යක්ෂයෙක් කියන කාරණා ටික අමතක වෙනවා.ලින්ඩගේ බඩ ඇවිල්ලා දරුවා හම්බවෙන නිසා.තව එක වැදගත් දෙයක් වෙනවා.රෙමීල් හෙවත් රෙමී කියල චරිතයක් කතාවට එනවා.රෙමී කියන්නේ ලුසිෆර්ගෙත් ඇමනඩීල්ගෙත් සහෝදරිය.ඇය එන්නේ දරුවගේ අම්මා මරලා දරුවව අරන් යන්න.එයා හිතන්නේ මුලදී ලුසිෆර් තමයි දරුවගේ තාත්තා කියල.ඒත් ඇමනඩීල් පස්සේ කියනවා “මමයි තාත්තා…මම මගේ දරුවටත් ලින්ඩත් කරදරයක් වෙන්න දෙන්නේ නෑ” කියල.

– ලුසිෆර්ගේ හා ඇමනඩීල්ගේ සහෝදරිය රෙමීල් –
වෙනදා වගේම අපරාධයක ක්‍රියාවක් කතාවේ තියෙන කොට ඒ අපරාධයට හේතු වුණු පුද්ගලයා ලුසිෆර්ගේ ඉස්සරහ එයාගේ රාජකාරියේ ඉන්නේ හිතවත් කාන්තාවක් මරලා දාලා පැනලා යනවා.ලුසිෆර්ට අමතක වෙලා තිබුණේ එයා යක්ෂයා කියල…ඒත් ඒක ආයෙමත් එයාට මතක් කරන්න උදව් වෙනවා ඊව්.ඊව් ඇහුවා “ඔයා ඇත්තටම කවුද කියල..?” එතකොට ලුසිෆර් “මම තමයි යක්ෂයා..!” කියන ලස්සන දෙබසත් එක්කම තමයි අර මිනීමරුවත් මරලා කතාව ඉවර වෙන්නේ. ඔන්න ඔහොම කතා ටිකක් තමයි ලුසිෆර් හතරවෙනි කතා මාලාවේ හයවෙනි එපියෙන් වෙන්නේ.ලස්සන කතාවක් ඉවර වෙද්දී තවත් ලස්සන කතාවක් ඊළගට එන්න ඉන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x265 | 720p | 2.5GB | Complete S04|

Direct Download

| WEB | x264 | SD | 435MB |

| WEB | x265 | 720p | 260MB | PSA |

| WEB | x265 | 720p | 2.5GB | Complete S04 |

| WEB | x264 | 720p | 3.3GB | Complete S04 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!