Lucifer [S04 : E05] | කාර් හොරකම!

පසු ගිය කොටසෙන් ඔයාල දකින්න ඇති, පාබ්ලෝගෙ ඝාතකය හොයාගෙන යන වැඩේදි, ලුසිෆර් සහ ක්ලෝවි අමනාප වෙලයි ඉන්නෙ. ඉතින් වැඩේ ලේසි වෙන්නෙ නැහැ. ඔය අතර ලුසිෆර්ට එයාගෙ පරණ යලුවෙක් මුන ගැහෙනව. ඊව්. ඔව් එයාම තමයි (ඇඩම් සහ ඊව්.) අවුරුදු දහස් ගානකට පස්සෙ ලුසිෆර්ට ඊව්ව මුන ගැහෙනව බාර් එකකදි. ඉතින් දෙන්න කතාබහ කරගෙන ලුසිෆර් ඊව්ව ඇරවන්න වාහනයක් ගෙන්නනව. වාහනේ ඉන්න ඩ්‍රයිවර් ලුසිෆර්ට වෙඩි තියනව. ඔන්න ඊට පස්සෙ තමයි දැනගන්නෙ ඊව් පාබ්ලෝගෙ ඝාතන සිද්ධියෙ සාක්ෂිකාරියක් කියල. පාබ්ලෝ තමයි ඊව්ව ගෙනත් ඇරලල තියෙන්නෙ, එයාගෙ ගුවන් යානෙන්ම. ඔය අතරෙදි අර වටින කියන නෙක්ලස් එක ඊව් දැකල තියනව. ඔය අතරෙ පීට් එයාගෙ සහකාරියක් යොදවගෙන නෙක්ලස් එක හොරකම් කරනව. අවසානෙට ඔයාල දකින්න ඇති ඇත්තම ඝාතකය වෙන කවුරුත් නෙවෙයි පාබ්ලෝගෙ සඟය ටොබී ගෝල්ඩන්මයි කියල.

අද කතාවෙන් පොඩ්ඩක් මතක් කරගෙනම යන්නම්, ඩෙරෙක් ලී කියන පුද්ගලයව එයාගෙ ගෙදරදිම ඝාතනයට ලක්වෙලා, ඉතින් ක්ලෝවිට තමයි රාජකාරිය බාර වෙන්නෙ. හරිම අභිරහස් විදිහට තමයි මරණෙ සිද්දවෙලා තියෙන්නෙ. කිසිම හොරකමක් සිද්ද වෙලත් නැහැ. මැසේජ් එකකින් හොයාගන්න පුලුවන් වෙනව මෙයාගෙ මරණෙ මෙයාගෙ කාර් එකට සම්බන්ධයි කියල. ඒකෙ සඳහන් වෙනව උත්සවයක් ගැන. පරණ කාර් එකතු කරන අයගෙ එකමුතුවක් වගේ. ඉතින් මෙතනට යන්න පරණ කාර් එපැයි. ක්ලෝවි දන්නව පරණ කාර් එකක් තියෙන්නෙ කාගෙ ගාවද කියල. වෙන කවුරුත් නෙවෙයි ලුසිෆර්. ඔන්න මේ කොටසෙදිත් මෙයාල එකතුවෙලා අභිරහසක් විසඳන්නයි ලෑස්තිය. ඉතින් ඉතිරිය ඔයාලට බලන්න ඉඩ ඇරල මම කතාව විස්තර කරන එක නවත්තන්නම්.

අද කතාවෙ නම : Expire Erect
අධ්‍යක්ෂනය : Viet Nguyen
රචනය : Neil Gaiman
මෙම කොටසට අදාල IMDb අගය : 9.4යි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x265 | 720p | 2.5GB | Complete S04|

Direct Download

| WEB | x264 | 720p | 925MB |

| WEB | x265 | 720p | 300MB | PSA |

| WEB | x265 | 720p | 2.5GB | Complete S04 |

| WEB | x264 | 720p | 3.3GB | Complete S04 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!