Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E05] | පැචකුටික්

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marvel Agent Of Shield කතාමාලාවේ පස්වන කොටසයි.

පසුගිය කොටස වැඩි හරියක්ම වෙන් වුනේ ඩීක් සම්බන්ධ කාරණා වෙනුවෙන් කියලා මතක ඇතිනෙ. ඒ වගේම අභ්‍යවකාශයෙ ඉන්නෙ නියෝජිතයන් කට්ටියම ෆිට්ස්ව හොයාගෙන යන ගමනෙ අවසානයට ආවා, මොකද කිව්වොත් කණ්ඩායමට ෆිට්ස්ව හම්බවුන නිසාවෙන්. හැබැයි නොහිතපු විදිහට ඒ සැනිම ෆිට්ස්ව කෙනෙක් ආයෙ පැහැරගන්නවා. ඒ කවුද ඒකට හේතුව අද කොටසින් බලාගන්න පුළුවන්.

අපි හැමෝම හිතුවෙ ග්‍රැවිටෝන්ව පරද්දපු එකෙන් ඩීක් ෂෝවත් මේ යථාර්ථයෙන් මැකිලා යන්න ඇති කියලනෙ. හැබැයි එහෙම නෑ, එයා වෙනම ගමනක් ගිහින් තියනවා අවුරුද්දක කාලෙ ඇතුලත. හැබැයි ශීල්ඩ් එක මෙයාව තනි කරලා නෑ, ඩීක් එක්ක ශීල්ඩ් නියෝජිතයෙකුත් ඉන්නවා කාටත් නොදැනෙන්න. ඔය අතරෙ තමයි සාර්ජ් ඔතෙන්ට එන්නෙ. සාර්ජ් දැක්ක ගමන් ඩීක් කෝල්සන් කියලා හිතන් කතාවට ගියත් පස්සෙ තේරුම් යනවා මේ කෝල්සන් නොවන කාරණේ. ඒ නිසා ඩීක් එතනින් පැනගන්නවා. හැබැයි ඩීක්ට ගැලවුමක් ලැබෙන්නෙ නෑ.

ඔය අතරෙ තමයි ශීල්ඩ් එකෙන් මෙතනට එන්නෙ. ඒත් එක්කම වැඩේ ටිකක් දරුණු වෙනවා. කොහොම නමුත් අවසානයෙ සාර්ගෙ සගයො දෙන්නෙක් ශීල්ඩ් එකෙන් අල්ල ගන්නවා හැබැයි සාර්ජ් සහා ස්නෝව් දෙන්නා නියෝජිත මේවත් අරගෙන පැනගන්නවා. අද බලාගන්න පුළුවන් කවුද මේ සාර්ජ් කියන්නෙ. එයාගෙ අරමුණ මොකක්ද වගේම ඇයි එයා මේ එක්තරා පිරිසක් හොයලා මරන්නෙ කියලත්.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 720p | 770MB | 

Direct Download  

| HDTV | x264 | 720p | 770MB |

| HDTV | x265 | 720p | 140MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!