Allegiant (2016) | පිටත ලෝකය කරා.

මේ වෙනකොටත් කට්ටිය දන්නව ඇති කියල හිතනවා මේකේ පසුබිම ගැන, මොකද මේකේ පලවෙනි ෆිල්ම් දෙක නොබලා මේක බලන්න ගන්නවානම් ඒක තේරුමක් නැති වැඩක්, බලනවානම් කලින් දෙකම බලල ඉන්න ඕන, ඉතින් හැමෝම දන්නා විදියට මේ වෙනකොට ට්‍රිෂ් ජෙනින්ව පරාජයට පත්කරල ඉන්නේ, ඒ වගේම අපසාරින් කියන්නේ කවුද? මොවුන්ව මේ විදියට වසර දෙසියයක් පමණ එක තැනකට කොටු කරල අනිත් අය බලාපොරොත්තු උනේ මොනවගේ දේවල්ද ? වැනි කාරණාවන් ගැන දැනගන්න ලැබුන, ඒ Insurgent 2015 සිනමාපටයේ ට්‍රිස් විසින් විවෘත කරගනු ලබන පණිවුඩය අඩංගු පෙට්ටිය නිසා. එහි අඩංගු වෙච්ච පණිවුඩයෙන් කියවුනේ චිකාගෝ නගරය කණපිට හරවනු ලබන දෙයක්, ඒ තමා මෙතෙක් කල් අපසාරීන් විදියට හංවඩු ගහල මරල දාපු අය තමා දැන් පවතින ලෝකයට අවශ්‍යම අය බව, ඉතින් දැන් වෙනකොට ජෙනින් මියගිහින්, ෆෝ ගේ මව වන කණ්ඩායමක් රහිත අයගේ නායිකාව වන එව්ලින් තමයි මේ වෙනකොට පාලනය ගෙනියන්නේ, කුමන්ත්‍රණකාරී වියත් කණ්ඩායමේ අයව නිර්ව්‍යාජ කණ්ඩායමේ අය ගාව තියන බෙහෙත විදල සත්‍ය පැවසීමට යොමු කරවල මරල දානවා, ඒ අතර ට්‍රිස්ගේ සොහොයුරා කේලබ් පවා ඉන්නවා. ට්‍රිස් කැමති නෑ මේ කරගෙන යන වැඩේට, ට්‍රිස්ට ඕන පිටත ලෝකයට යන්න.. එව්ලින්ගේ නියෝගය තමා පිටත ලෝකයට නොයන එක, මුරණ්ඩු ට්‍රිස්ව නවත්වන්න ඒ නියෝග වලට බැරිවෙනවා.. ඒ වගේම මිත්‍රත්ව කණ්ඩායමේ ජොහැන්නා විසින් පිරිස සංවිධානය කරලා එව්ලින්ට එරෙහිව යුද්ධයක් ආරම්භ කරනවා, ඒ අත රවාරයේ තාප්පය දිගේ නැගල පිටත ලෝකයට යන ට්‍රිස් ෆෝ ඇතුළු කණ්ඩායමට දකින්න වෙන්නේ කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්.. ඉතිං ඒ මොනවගේ ලෝකයකද කියල දැකගන්න ඔබට ඉඩකඩ සපයමින් සමුගන්නව,


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 900MB | YTS

Direct Download

| Bluray | x264 | 720p | 900MB |

   

| Bluray | x264 | 1080p | 1.8GB |

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!