I Am Mother (2019) | මනුශ්‍යත්වයෙ නව ඇරඹුම…

2019 වර්ෂය විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය සඳහා වෙන් වෙච්ච අවුරුද්දක්ද කියල හිතෙනවා එන චිත්‍රපට ටික දැක්කමහම . ඔන්න මේ පාරත් එන්නෙ මේ කාණ්ඩයට අයත් චිත්‍රපටයක් රැගෙනයි. I Am Mother නම කිව්වට හිතාගන්න බැරිවෙයි. හැබැයි චිත්‍රපටය බලනකොට තේරෙයි මෙය කෙතරම් අපූරු විද්‍යා ප්‍රබන්ද ගණයට අයත් චිත්‍රපටයක්ද කියල. Netflix ආයතනය මගින් 2019 වර්ෂයෙ ජූනි මස 7 වනදින තමයි මෙය නිකුත් කරේ. මේ වනවිට චිත්‍රපටය හට හුගක් ධනාත්මක ප්‍රතිචාර ලබාගන්න හැකියාවක් ලැබී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස IMDb අගය 6.8 සහ කුණු තක්කාලි අගය 90% වැනි ඉහළ අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. Sci-Fi l Thriller කාණ්ඩයට අයත් වෙන මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක ඔබට පැයයි විනාඩි පනස්පහක වෙලාවක් රසවිදින්න හැකියාවක් පවතිනවා. ඔස්ට්‍රේලියානු අධ්‍යක්‍ෂකවරයෙක් වෙන Grant Sputore තමයි මෙහි අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ. හරියටම කියනවා නම් අවුරුදු දාහකින් පසුවයි ප්‍රේක්ෂක ඔබ වෙත මෙවැනි සිනමා සිත්තමක් රැගෙන එන්නෙ. රංගනය පැත්තෙන් දායක වෙන්නෙ Rose Byrne l Hilary Swank l Clara Rugaard l Luke Hawker l Tahlia Sturzaker ය. එහෙනම් තවත් වැල්වටාරම් නැතිව කතාව පැත්තට හැරෙමුකො.

අනාගතයෙ මිනිස් වාසය මෙලොවින් තුරන් වෙලා ගිහින් තියෙන්නෙ. ලෝකය රොබෝලාගෙන් අත්පත් කරගෙන. එක රොබෝවෙක් බංකරයක් තුළ ජනග්‍රහණය ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කරන වැඩසටහනක් කරගෙන යනවා. මෙම අංගනය තුළ කලල් ගොඩක් තියෙනවා. දවසක් ඇය එහෙමත් නැත්තම් මෙම රොබෝ මව එක් කලලකට උපත ලබාදෙනවා. ඇයට කිසිම උවදුරක් නොවෙන්න හැමදෙයකිනම වගේ ආරක්ෂා කරනවා. ඉතින් මෙම රොබෝ මාව උත්සහ කරන්නෙ ඇයව මෙම වැඩ වලට අනුවර්තනය කරන්න. අනාගතය ලෝකය බාරගන්න ඉන්න ළමයින්ව තමන්ගෙම පවුලක් වගේ රැකබලාගන්න තත්ත්වෙකට පත්කරන්න. හිතේ කිසි කහටක් නැති වගේම වඩා හොඳ මනුෂ්‍යයෙක් විදියට. හැබැයි දවසක් මේ හැමදේම ඉවරයක් වෙනවා. මේ රොබෝ මාව කියලා තියෙන්නෙ වෛරසයක් නිසා මතුපිට ජිවත් වීමට නොහැකි තත්තෙකට පත්වෙලා තිබෙනවා කියලා. නමුත් ඇයට ජිවය හොයාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මීයෙක් මතුපිටින් පැමිණිච්ච. ඉතින් ඇයට තේරුම් යනවා මේ රොබෝ මාව කරන්නෙ බොරුවක් කියලා. ඉතින් ඇයට දවසක් මතුපිටින් මනුෂ්‍ය වාසයක් හම්බවෙනවා අංගනය තුළදී. ඇයට ඒ වෙලාවේදී වෙඩි වැදිලා තිබෙන්නෙ. ඒ වෙඩි වැඩිම සිදු කර තියෙන්නෙ වෙනත් රොබෝලා මගින්. ඒ රොබෝලා මේ ඇතුළෙ රොබෝ හා සමාන කෙනෙක්. ඉතින් මැයගෙ තිබිච්ච සැකය තවත් වැඩි වෙනවා. අර එළියෙන් ආපු ගැහැණු කෙනා ඇයට සෑම විස්තරයක්ම වගේ පවසනවා. ඉතින් මේ දෙදෙනා හදන්නෙ මෙතනින් පැනගන්න. හැබැයි මේ රොබෝ අම්මා ඇයව මෙතරම් කාලයක් පුහුණු කරේ මෙලොව එලිය නොදැකපු ළමයිගෙ ආරක්ෂකයෙක් වෙන්නයි. එතකොට ඇය මේ රාජකාරියේදී අසමත් වුණාද? මේ රොබෝ මාව ඒ කරපු දේට මොනව කරයිද තමන් අවුරුදු ගාණක් හදාවඩාගත්තු දුවටම? මතුපිටින් පැමිණි කෙනාටයි මැයටයි එළියෙ සිටින රොබෝලාගෙන් සහ රොබෝ මවගෙන් බේරිලා යන්න හැකියාවක් ලැබෙයිද? එහෙනම් අවසානය තෙක් නරඹන්නකෝ. ඒවගේම තමයි චිත්‍රපටයෙ පොඩි ”අභිරසක්” තියෙනවා. හොඳ අවධානයකින් බැලුවොත් ඔබලාට තේරුම් යයි එය කුමක්ද කියලා. එහෙනම් ඉතින් නැවත වාරයක් ආරාධනා කරනවා මෙම අපූරු චිත්‍රපටය නැරඹීම සඳහා..

තවත් මෙවැනි අපූරු සිනමාපටයකින් හම්බවෙන තුරු ජය!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 950MB | MkvCage

Direct Download

| WEB-DL | x264 | 480p | 411MB | 

   

| WEB-DL | x264 | 720p | 800MB | 

     

| WEB-DL | x264 | 720p | 950MB | MkvCage

   

| WEB-DL | x264 | 1080p | 1.4GB |

   

| WEB-DL | x265 | 720p | 660MB | PSA

     

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!