The Rite (2011) | යක්ෂයා සමඟ…

කොහොමද යාලුවනේ, දවසේ වැඩි හරියක් ඉතින් බැලුවොත් ඇත්නම් මාත් මේ බයිස්කෝප් site එකේ තමා  එන එන අලුත් ෆිල්ම් බාගෙන බලනවා ඉතින්, ඒ අතරේ තමයි මටත් හිතුනේ මාත් උපසිරැසියක් හදලා බලන්න ඕන කියලා. ඉතින් මේක තමා මම උපසිරැසි ලබාදෙන මුල්ම උපසිරැසිය. අඩුපාඩුනම් ගොඩාක් ඇති. ඒක නිසා මම ටිකක් කලින් ආපු චිත්‍රපටියක්ම තෝරගත්තා. සබ් බාගෙන ලොක්කා වගේ film බැලුවට සබ් එක හදන්න ගියාමනේ ඒකේ රඟේ තේරෙන්නේ . බලන් ගියාම සබ් දෙන අනික් යාලුවො දරන වෙහෙස මට හිතාගන්න පුලුවන්. මුලින් මම ඒ සියලුදෙනාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා නොමිලේ කරන මේ සේවයට. හොඳයි, චිත්‍රපටය ගැන කිවුවොත් මේක American supernatural thriller films ගනයට තමා අයත් වන්නේ. Mikael Hafstrom තමා මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. ඔබ හොඳින් දන්නා Anold Schwarzengger හා Sylvester Stallone රංගනය කල Escape Plan චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඔහු විසින්මයි.

The Rite : The Making of modern exorcist කියන පොත පදනම් කරගෙන තමා මේ කථාව ගෙතිලා තිබෙන්නේ. අපේ සමහර අයට හිටපු ගමන් යක්කු වැහෙනවා නේද ඊට පස්සේ ඉතින් කට්ටඩියො ගෙන්නලා තොවිල් පෙවිල් එහෙම කරලනේ යක්කු පන්නලා දාන්නේ. අන්න ඒ වගේ මේ film එකෙත් සමහර අයට යක්කු වැහෙනවා. අන්න ඒ යක්කු එලවන්න දාන සෙල්ලම් මේකෙදි බලාගන්න පුලුවන්. ඒවගේම කතාවේ මුල ගැන පොඩ්ඩක් කිවුවොත් Colin O’Donoghue එනම් කතාවේ පරිදි ‘මයිකල් කොවැක්’ තමා මේකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ.ඔහුගේ පියා අවමංගල්‍ය සංවිධායකයෙක්. ඔහු තාත්තා එක්ක මුලින් ඒ වැඩ වලට උදව් වෙමින් ඉඳලා පසුව පූජක විද්‍යාලයකට ඇතුල් වෙනවා.එතැනින් ඔහුව යකැදුරන් පුහුණු කරන පාඨමාලාවකට යොමු කරනවා, එහිදී ඔහු යකුන් සමඟ ගනුදෙනු කරන හැටි හා ලබන අත්දැකීම් ගැන ඔයාලට මේ චිත්‍රපටිය හරහා බලාගන්න පුලුවන්. එහෙනම් ඔයාලා මේක හොඳද කියලා අරගෙනම බලන්නකෝ. ආයෙත් තව උපසිරැසියක් එක්ක ඔයාල හමුවට ඉක්මනටම එන්නම්. එහෙනම් මම ගියා, බැලුවට කමක් නෑ බයවෙන්න එහෙම එපා

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 650MB |

Direct Download

| Bluray | x264 | 720p | 650MB | YIFY |

| Bluray | x264 | 1080p | 2.8GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!