Njan Prakashan (2018) | මම ප්‍රකාශන්

මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 සැප්තැම්බර් 21 වෙනිදා. box office වාර්තා වලින් කෝටි 52 ක ආදායමක් වගේම ලොවපුරා තිරගත වුනු පළමු දින 40 ඇතුලත ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මත වැඩිම ආදාමයක් ඉපයූ ඉන්දියානු මලයානම් චිත්‍රපටි ලැයිස්තුවේ නව වෙනි ස්ථානයට හිමිකම් කියන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. ඒවගේම imdb මීටරයෙත් 7.7ක් වගේ අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි ගූගල් පරිශීලක ප්‍රතිචාරත් 95% ක වගේ ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. එහෙනම් කතාව පැත්තට හරෙමු,

ප්‍රකාශන් කියන්නේ, කිසිම රස්සාවක් නොකර පිට රට වලට යන්න හීන මවන කෙනෙක්. මෙයාට තියෙන උපාධිය තමයි B.sc. නර්සින්. මේ රටේ නර්සින් කරන්නේ ගෑණු මිස පිරිමි නෙවෙයි ඒ නිසා තමන්ට මේ රස්සාව හරියන්නේ නෑ කියලා මෙයා තීරණය කරනවා. අනිත් එක මෙයාගේ ප්‍රකාශන් කියන නම පරණ තාලේ නමක් කියලා හිතලා මෙයා ඒකත් P.R. ආකාෂ් විදිහට වෙනස් කරගන්නවා. ඔය අතරේ මෙයත් එක්ක එකට උපාධිය හදාරපු සලෝමි කියලා කෙල්ලෙක් ජර්මනියට එයාට රස්සාවක් ලැබුනා කියලා එකට ඉගෙන ගත්ත යාළුවන්ට කියලා යන්න එනවා. එතකොටම ප්‍රකාශන්ටත් හිතෙනවා සලෝමි කෙල්ලෙක් වෙලත් මේ දේවල් කරගන්නවනම් තමන්ට බැරි මොකද කියලා. මේ නිසා ප්‍රකාශන් තීරණය කරනවා ජර්මනියට එයාටත් යන්න පුළුවන් වෙන විදිහේ පොටක් පාදගන්න. මේකට උදව්වක් අරගන්න පුළුවන් හොදම මනුස්සයා කවුද කියලා කල්පනා කරනකොට මෙයාගේ තාත්තාගේ පරණ ශිෂ්‍යයෙක් වෙන ගෝපාල්ජිව ගිහින් මුන ගැහෙනවා. ඒගියාම ගෝපාල්ජි කියනවා වීසා හදාගන්න වැඩේ ගොඩක් අමාරුයි කියලා. ඒත් කසාද බැන්දොතින් තමන්ට පවුලේ වීසා එකකින් ජර්මනියට යන්න පුළුවන් කියලා. ඉතින් මේ දේ නිසා සලෝමිව කසාද බැන්දොතින් තමාටත් ජර්මනියට යන්න පුළුවන් කියලා ප්‍රකාශන් හිතනවා. ඉතින් මෙයාගේ ජර්මනියට යන්න හදන ගමන සාර්ථක වෙයිද?, සලෝමි මෙයාව කසාද බදීවිද?, ප්‍රකාශන්ට ඉස්සරහට මුහුණ දෙන්න වෙන ගැටළු මොනාද. මේ දේවල් ගැන දැන ගන්න මේක බලලම ඉන්නකෝ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.4GB |

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x264 | 1080p | 2.7GB | HQ |

| HDRip | x265 | 720p | 850MB | HEVC |

| HDRip | x265 | 1080p | 1.5GB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!