Chernobyl 2019 [S01 : E01] | සෝවියට් හවුලේ න්‍යෂ්ටික ව්‍යවසනය…

දැනට IMDb එකට අනූව අංක එකේ කතාව මොකක් කියලද හිතන් ඉන්නේ? Games of Thrones නැත්තන් Breaking Bad? එක්කෝ Planet Earth II හරි Band of Brothers? එහෙමනම් හිතන් ඉන්නේ පොඩ්ඩක් මෙතනට ගිහින් බලන්න ටොප් රේටඩ් ටීවී ශෝ එක මොකද්ද කියල. බැලුවද? පුදුමද? ඔව් වැඩි හැල හොල්මනක් නැතුව HBO ආයතනයෙන් මීට සති තුනකට කලින් නිකුත් කල අලුත්ම මිනි සීරිස් එකක් ඒ කියන්නේ කොටස් 5 කින් යුත් කතා මාලාවක් තමයි මේ විප්ලවය කරලා තියෙන්නේ. පුදුමයි නේ? සීසන් පිට සීසන් ආව කතා ඔක්කොම යට කරගෙන මේ කොහෙවත් නැති එපිසෝඩ් පහක් ලොකු පෙරලියක් කලේ කොහොමද? එත් තාම කොටස් තුනක් විතරයි විකාශය උනේ. ඒක වෙන්න හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව අනික් කිසිම කතාවක් වගේ නෙමේ මේ කතාව 1986 අප්‍රේල් මාසයේ යුක්රේනයේ සිද්ධ උන සත්‍ය වගේම ඉතාමත් බිහිසුණු සිදුවීමක් පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. සත්‍ය සිදුවීම් නම් ඕන තරම් ඔය යන්නේ හැබැයි මේ කතාවේ ඔයාල දකින රූපරාමු සහ කතාව යම් යම් සිද්දි එකිනෙක අමුණලා තියෙන ආකාරය නිසා ඕනෑම කෙනෙක්ට දැනෙන්න ගන්නවා දෙයියනේ මෙහෙම දෙයක් උනාද කියල. මම දැන්ම කියන්නම් සමහර සිදුවීම් වලදී ඇඟේ හිරිගඩු පිපුනේ නැත්තන් වහාම ගිහින් ලාදුරු චෙක් කරගන්න. දැන් කියන්නම් මොකද්ද මේ අරුම පුදුම සිදුවීම කියල.

නිකන් වගේ අහල හෝ දැකලා තියෙනවද Chernobyl කියන නම? ඔව් මේ නම ලෝක ප්‍රසිද්ධ වෙන්න ලොකු හේතුවක් තියෙනවා. 1986 අප්‍රේල් මාසයේ 25-26 දින දෙක තුල යුක්රේනයේ ප්‍රිප්යට් කියන පළාතේ ලොකු පිපිරීමක් සිද්ධ උනා. ඒ වෙනකොහෙවත් නෙමේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුල. මේ කාලය තුල සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව හරහා තමයි මේ රටවල් සියල්ල පාලනය උනේ. ඔව් සමාජ වාදය. කතාව බලනකොට ඔයාලට ගොඩක් සහෝදරයෝ මුණ ගැහෙයි. රුසියාව ප්‍රමුඛ රටවල් වල සන්ධානයක් උන සෝවියට් සමූහාණ්ඩුව යටතේ ක්‍රියාත්මක උන තවත් රහස් නය්ෂ්ටික බලාගාරයක් තමයි චර්නොබිල් කියන්නේ. මේ බලාගාරය තුල බල ශක්තිය නිපදවීමට යොදාගෙන තිබුනේ යුරේනියම් (235 U සමස්ථානිකය) කියන මූලද්‍රව්‍යයි. න්‍යෂ්ටික බලාගාරයක ක්‍රියාකාරිත්වය ගැන සවිස්තරාත්මකව මෙතන විස්තර කරන්න ගිහින් ඔලුව පිස්සු වට්ටන්නේ නැතුව මම කියන්නම් මේ බලාගාර නිපදවන්නේ ඇයි සහ ඒ හරහා ඇති අවදානම ගැන වගේම එහි සැකැස්ම සහ ක්‍රියාකාරිත්වය ගැන යම් මට්ටමකට. මේ බලාගාර නිර්මාණය කරන්නේ ඇත්තටම විදුලිය නිපදවාගන්න සහ තාපය නිපදවාගන්න. නිපදවා ගන්න යොදාගන්න ක්‍රමය නම් ටිකක් සංකීර්ණයි.

පරමාණු ගැන අහල තියෙනවනේ. ඒවගෙත් තවත් කුඩා අංශු තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන කියල. ඉතින් මේව යොදාගෙන ඒ අතර ගැටීමක් සිදු කරලා ඉන් පිටවන ශක්තිය පරිවර්තනය කරගන්න තමයි න්‍යෂ්ටික බලාගාර නිර්මාණය කරන්නේ. මෙවැනි බලාගාරයක් හරහා සාමාන්‍යයෙන් මෙගාවොට් 3200 වගේ තාපයක් සහ මෙගාවොට් 1000ක පමණ විදුලියක් නිපදවාගන්න පුළුවන්. මම මේ කියන්නේ මේ සිදුවීමට අදාළ න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන්. චර්නොබිල් බලාගාරය තුල සෝවියට් සමූහාණ්ඩුවට ආවේනික වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියකාරක වර්ගයක් තමයි භාවිතා උනේ. ඒවා නමින් RBMK (Reaktor Bolshoy Moshchnosti Kanalnyy) වූ අතර මේ කෙටිනාමය දීර්ග රුසියානු නමක කෙටි කිරීමක්. මේ ප්‍රතික්‍රියාකාරක වලත් විවිධ ප්‍රභේද පැමිණි අතර චර්නොබිල් බලාගාරය තුල යොදා ගැනුනේ RBMK – 1000 නමැති ප්‍රභේදයයි. RBMK ප්‍රතික්‍රියාකාරක වලත් 1000, 1500, 2400 වැනි සංස්කරණ පසුකාලීනව නිර්මාණය උනා. කෙසේ වෙතත් මේ ව්‍යසනයට මුල් උනේ RBMK – 1000 නමැති Reactor හෙවත් ප්‍රතික්‍රියාකාරකයයි. ඉතින් මේවගේ ප්‍රධාන ශක්ති නිෂ්පාදන මූලද්‍රවය වෙන්නේ යුරේනියම් විශාල තාපයක් පිටවීම නිසා මෙහි සිසිලනය සිදුවන්නේ ජාල ප්‍රවාහයක් හරහා. පහත දැක්වෙන්නේ එවැනි ප්‍රතික්‍රියාකාරකයක ක්‍රියාකාරිත්වය සහ කොටස් වල දල සටහන් දෙකක්. මොකද මේ වචන කතාව තුල අහන්න ලැබෙනකොට ඒ මොකද්ද අර මොකද්ද කියල බලාගන්න මේ හරහා පුළුවන් වෙයි.

RBMK ප්‍රතික්‍රියාකාරකයක කොටස්

ඒ වගේම දැනට මෙවැනි ප්‍රතික්‍රියකාරක එනම් RBMK – 1000 දක්නට ලැබෙන්නේ රුසියාවේ ස්ථාන තුනක පමණයි. ඉන් එකක් Kursk-1,2,3,4 නමින් Kursk නගරයේත්, Sosnovy Bor නගරයේ Leningrad-1,2,3,4 නමින් ප්‍රතික්‍රියාකාරක 4ක් තිබෙන අතර ඉන් එකක් 2018 වසරේදී වසා දමනු ලැබුවා. ඒ වගේම Smolensk පළාත තුල තවත් Smolensk-1,2,3 නමින් ප්‍රතික්‍රියාකාරක තුනකුත් අදවන විටත් ක්‍රියාත්මක වෙනවා.

RBMK ප්‍රතික්‍රියාකාරකයක ක්‍රියාකාරිත්වය

ඉතින් මෙහෙම හරිම ආරක්ෂාකාරීව නිර්මාණය උනත් 1986 අප්‍රේල් මාසයේදී සිද්ධ උන සිදුවීම න්‍යෂ්ටික බලාගාර වලට අපල කාලයක් උදා කෙරුවා. ඒ පිපිරීමත් සමඟ සෝවියට් සමූහාණ්ඩුව තුල තිබු බොහෝ න්‍යෂ්ටික බලාගාර වසා දමන්න ඔවුන් පියවර ගනු ලැබුවා. මේ කතාවේ එක්තරා අවස්ථාවක ඔයාලට දකින්න ලැබේවි න්‍යෂ්ටික බලාගාරයක විකිරණ කාන්දුවක් උනාම ඒවා කොයි තරම් ප්‍රබලද සහ කොයි කාලයක් පවතිනවද කියල

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 1080p | 1.9GB |    

Direct Download

| WEB | x264 | 480p | 180MB |

| WEB | x265 | 720p | 230MB |

| WEB | x265 | 1080p | 1.9GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Chernobyl 2019 [S01 : E01] | සෝවියට් හවුලේ න්‍යෂ්ටික ව්‍යවසනය…

  • May 23, 2019 at 23:29
    Permalink

    Doom patrol oona 😑😑😑

    Reply
  • May 24, 2019 at 12:47
    Permalink

    Bro ituru tikat ikmanata dennooooooo….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!