Pandemic (2016) | වසංගතය

අපි සෑහෙන කාලෙක ඉදලා සොම්බි කතා බලලා තියෙනවනේ! The Walking Dead, World war z,වගේ දැවැන්ත නිර්මාණ බිහිවුනේ සොම්බින්ට පින් සිද්ධ වෙන්න! මේ කතාවත් ඒ වගේ එකක් තමයි! හැබැයි සොම්බිම නෙවේ. ෆිලා වෛරසය ගැන තමයි තියෙන්නෙ! හුගක් අයනම් අහලත් ඇති! වෛරසයේ අන්තිම අවස්ථාව තමයි සොම්බි වගේ වෙන්නෙ. මේ වෛරසය මුළු ලෝකෙ පුරාම උඩු දුවල තියෙන වෙලාවක මිනිස්සු කණ්ඩායමක් සටන් කරනවා මේකෙන් ගැ‍ලවෙන්න, මේ අය හුගක්ම හමුදාවෙ අය, කතාවෙ ප්‍රධාන චරිතය ඩොක්ටර් කෙනෙක්. එයා තමන්ගෙ පවුලෙ අයව හොයාගෙන යන එක තමයි කතාවෙ තියෙන්නෙ. ෆිල්ම් එක රූගත කරල තියෙන ආකාරය හුගක් වෙනස්. ඒ අය ඇඳල ඉන්න ආරක්‍ෂක ඇදුමෙ තියෙන කැමරා වලින් රූගත වෙන ආකාරයට තමයි කරල තියෙන්නෙ, ඔයාල ප්ලේ කරල තියෙන Far Cry 3 ගේම් එකේ විදියට සමහර රූගත කිරීම් තියෙනවා කියලා හිතෙනවා ඒවා දැක්කම. කොහොම වුනත් ශ්‍රේණිගත කිරීම් වල නම් ලොකු අගයක් ලැබිලා නෑ! කොහොම උනත් ඒකත් කියන්න ඕන, මේක සුපිරිම මට්ටමේ එකක් නෙවෙයි. කැමති අය ‍බාගෙන බලන්න!
එහෙනම් අළුත් උපසිරසියකින් හමුවෙමු! හැමෝටම ජය! 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 690MB |

Direct Download

| WEB | x264 | 720p | 690MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!