Photograph (2019) | ෆොටෝකාරයාගේ මනමාලී

‘වැරදි කෝච්චියට නැග්ගට බය වෙන්නෙපා,
සමහරවිට ඒක ඔයාව හරි නැවතුමට ගිහින් දාවි’

කාටහරි මේ වාක්‍ය පේලිය මතකයි නම්, එයා පහුගිය වසර කිහිපය ඇතුලත ආපු හොඳම හොඳ බොලිවුඩ් ආදර කතාවක් බොක්කෙන්ම රස විඳලා තියෙන කෙනෙක් කියතහැකි. බොලිවුඩ් ආදර කතාවක්!! මොකක්ද ඒ? Aashiqui 2? Sanamteri Kasam? ඔන්න ඕවනේ කට්ටියගේ ඔලුවට එන්නේ. ඒත් උත්තරේ ඔය එකක්වත් නෙමේ, 2013 අවුරුද්දේ කල එලි බැස්ස ඒ අමුතුම ආදර කතාව තමා Lunch Box. කෑම පෙට්ටියකින් පටන් ගත්තු ඒ ආදරේට ඉන්දියාවටත් වඩා විදෙස් රටවල් වලින් ලොකු ජනප්‍රියත්වයක් හිමිවුණා. ඉන්දියාවටත් වඩා විදෙස් සිනමාහල් වල ටිකට් කවුළු පිරීතිරී ගියා. සාමාන්‍ය බොලිවුඩ් වට්ටෝරුවෙන් මිදුණු මේ පුංචි චිත්‍රපටිය, Lunch Box අවසානයේ තමන්ගේ ගමන නිමා කරේ වසරේ සාර්ථකම චිත්‍රපටියක් බවට පත්වෙමින්. අදටත් හොඳම ඉන්දියන් චිත්‍රපට ලැයිස්තුවේ මුල් 150 අතර වැජඹෙනවා ඔබට දකින්න පුළුවන්.

ඔය උඩ කියපු Lunch Box චිත්‍රපටයේ අධ්‍යක්ෂක තමා රිතේෂ් බත්‍රා මහත්තයා. ඔන්න එතුමා වසර 6කට පස්සේ තවත් එක අගනා සිනමා කෘතියක් බොලිවුඩයට බිහි කළා. නවාසුද්දීන් සිද්දීක් සහ සාන්‍යා මල්හෝත්‍රාගේ මනරම් රංගනයත් මුසු කරපු මේ සිනමාපටය කලින් වගේමයි, එදිනෙදා හමුවෙන චරිත එක්ක ගැටෙන වෙනස් ආදර කතාවක් මේ වතාවෙත් Photograph එක්ක ඔබ හමුවට එනවා. සුපුරුදු ලෙසම ඉන්දියාවෙන් නම් මෙයට ලැබුනේ ඇල්මැරුණු ප්‍රතිචාරයක්. සුපුරුදු වට්ටෝරුවෙන් බැහැරව යන මේ වගේ සිනමාපට බොක්ස් ඔෆිස් අතින් ඉන්දියාව ඇතුලේ සර්වයිව් වෙන්න නම් ලොකු ගේමක් දෙන්න ඕන, නැත්තම් පෙර පිනක් තියෙන්න ඕන. කොහොමින් හරි බලපු ප්‍රේක්ෂයකයන්ගේ සහ විචාරකයන්ගේ නොමද ප්‍රසාදය දිනාගන්න නම් Photograph සමත් වුණා. ඉතින් ඉදිරියේදී Lunch Box වගේම මේ සලරුවත් අන්තර්ජාතිකමය වශයෙන් සවිබල ගැන්වෙයි කියලා තමා හිතෙන්නේ නම්.

2019 වසර කියන්නේ බොලිවුඩයට බොක්ස් ඔෆිස් වශයෙන් නම් ඉතාම ශක්තිමත් වසරක් වුණා. නමුත් කන්ටෙන්ට් එක අතින් නම් තවමත් පුද්ගලිකව සෑහීමකට පත් වෙන්න නිර්මාණ මම නම් දැක්කේ අතලොස්සයි. Uri, Manikarnika, Total Dhamaal, Badla, Romeo Akbar Walter, Kesari ඔය මොක බැලුවත් මේවා කලින් කොහෙන්හෝ බලපු හැගීම තමා දැනුනේ. ඔය අතරින් ආපු Gully Boy සහ මේ Photograph කියන සලරූ දෙක විතරයි තවම අලුත් පිට රස විඳින්න දෙයක් දුන්නේ. Photograph බලන බලන වාරයක් පාසා ප්‍රේක්ෂකයාට දෙන්න හිතෙන අර්ථකතන එකිනෙකට වෙනස් වෙනවා, මේ හිතපු දේ නෙමේ ආයේ හිතෙන්නේ. ඉතින් ඒ අතින් මට මේ සිනමාවබෙස්ට්. හැමදාම හැමෝම කියන්නා වගේ එකිනෙකාගේ රස වින්දනය වෙනස්නේ. ඉතින් Photograph කියන්නේ චිත්‍රපටියකට වඩා කවියක්. Lunch Box, Lootera වගේ චිත්‍රපටි රහ විඳපු අය අනිවාර්යෙන් බලන්න. හෙමින් ගමනේ යන, අතරින් පතර සින්දුවක්වත් නැති, නිහඬ, කොටින්ම කිව්වොත් පසුබිම් සංගීතය පවා වැඩියම යොදාගෙන නැති, ඒ වෙනුවට පාරේ වාහන යන සද්දේ එහෙම ඇහෙන ඒවා බලන්න අකමැති අය ඉන්නවා නම්, ඈනුම් යන අය ඉන්නවා නම් මේ ලිපියයි, මේ අගනා සලරුවයි මග අරින්න කියලා ඉල්ලා සිටිනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.4GB |

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x264 | 1080p | 3GB | HQ |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Photograph (2019) | ෆොටෝකාරයාගේ මනමාලී

  • May 20, 2019 at 06:47
    Permalink

    Hama film ekakma openload eken download karanna denawanam hoday

    Reply
  • May 20, 2019 at 08:39
    Permalink

    1.4 link 1 wada karanne nane.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!