Dhamaal (2007) | තණ්හාව හොද නෑ.

ඕන්න මම අයේ ආවා. මම මේ සැරේ ගෙනාවේ කලින් මම දුන්න Double Dhamaal (2011) චිත්‍රපටයේ පළවෙනි එක. හැම කෙනාම පළවෙනි චිත්‍රපටය දිලයි දෙවනි චිත්‍රපටය දෙන්නේ. එත් මම විතරයි මුලින්ම දෙවන චිත්‍රපටය දිලා පස්සේ පළවෙනි චිත්‍රපටය දෙන්නේ. මරුනේ. දැන් ඉතින් චිත්‍රපටය විස්තර ගැන බලමුකෝ. මෙම චිත්‍රපටය තිරගත වෙන්නේ 2007 සැප්තැම්බර් 7. මෙහි අධ්‍යක්ෂවරයා Indra Kumar නිෂ්පාදකයින් වන්නේ Indra Kumar හා Ashok Thakeria. ප්‍රධාන රංගනයෙන් දායකයින් වන්නේ, Sanjay Dutt as Inspector Kabir Nayak, Riteish Deshmukh as Deshbandhu Roy, Arshad Warsi as Aditya “Adi” Shrivastav, Jaaved Jaffrey as Manav Shrivastav, Aashish Chaudhary as Boman Contractor, Asrani as Nari Contractor.

මිනිත්තු 137 පුරා දිවෙන මෙම චිත්‍රපටය හාස්‍යජනක චිත්‍රපටයක්. හොදයි දැන් චිත්‍රපටය ගැන බලමු, ආධි, රෝයි, බමන්, මානව් යන යාලුවෝ වටා තමයි මෙම චිත්‍රපටය කතාව ගොනු වෙන්නේ. හරිහමන් රැකියාවක් නොකර කුමක් හෝ කුප්ප වැඩක් කරලා ජිවත් වෙන්නේ. මෙයාලට එක්තරා දවසක මෙයාලගේ ඉදිරිපිටම කාර් එකක් අනතුරකට ලක්වෙනවා. මෙයාලා ඒකේ රියදුරාව බේරගන්න ගියත් ඔහු එක ප්‍රතිකේෂ්ප කරනවා. එත් මොවුන්ගේ උපකාර සේවයට ඔහු ඔවුන්ට රහසක් කියනවා. ඒ ඔහු තම ජිවිතය කාලය තුල හම්බකරපු මිලියන 100ක මුදලක් ගෝආ වල St.සෙබෙස්තියන් වත්තේ ලොකු w අකුර යට සගවා ඇතිබව පවසනවා. එත් මේ මුදල ගන්න තව කෙනෙක් එනවා ඒ තමයි පොලිස් පරික්ෂක කබිර් නායක්. කට්ටිය ඉතින් පොරකාගෙන මේ සල්ලි ගන්න යන්න හදනවා. එත් මෙයාලට ගෝආ වලට ලෙහෙසියෙන් යන්න ලැබෙන්නේ නෑ. හැම කෙනාටම ගොඩාක් කරදර වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. අන්තිමට කට්ටිය හැමෝම එතනට යනවා. ගිහින් සල්ලිත් හොයාගන්නවා. කබිර් කියන්නේ හරිම කපටියෙක් මෙයා මේ සල්ලි අරන් පැනලා යනවා. යන කොට….. නැ නැ මේ ඇති. තව කියුවොත් ෆිල්ම් එකේ රහා යනවා. ෆිල්ම් එක බලලාම වෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-HDRip | x264 | 720p | 1GB |

Direct Download

| WEB-HDRip | x264 | 720p | 1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Dhamaal (2007) | තණ්හාව හොද නෑ.

  • August 26, 2019 at 13:13
    Permalink

    Link weda karanne nelink wedda ne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!