Miss You Already (2015) | ආදරණීය යෙහෙළිය

කතාව ගැන ටිකක් කිව්වොත්,

ජෙස් සහ මිලී කියන්නේ පාසල් කාලයේ කුඩා අවදිය ඉදන්ම දැන අඳුනගෙන හොඳම හොඳ යාලුවෝ වුන දෙන්නෙක්. කුඩා කාලයේ ඉඳන්ම සහෝදරියෝ දෙන්නෙක් වගේ එකට ඉඳල තම තමන්ගේ දේවල් හුවමාරු කරගෙන ජිවත් වුනු දෙන්නෙක්. මිලී නම් ටිකක් හැදුනේ අමුතු විදියකට. මිලී ගේ අම්ම නිලියක් . ඒ හින්දම මිලී ත් ටිකක් දඟ කෙල්ලෙක් විදියට තම හැදුනේ. ඒකටත් එක්ක, ජෙස් ගැන කතාකලොත් ජෙස් නම් වැඩිය දඟ නැති සාමාන්‍ය කෙල්ලෙක්. ඒත් ඉතින් ඇත්තම කිව්වොත් තමන්ගේ යාළුවා නිසා ජේස් ටිකක් දඟවුනා. කොහොමහරි තරුණ වයසේදී මිලී හදිසියේම ගැබ්බර වෙනවා. ඒත් වාසනාවකට වගේ මිලී ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ . ඒ දෙන්න සතුටින්
ජිවත් වෙනවා බබාලා හදාගෙන. පස්සේ කලෙක ජෙස් ටත් තමන්ගේ උරුමක්කාරය හමුවෙලා කසාද බඳිනවා. නමුත් , ජෙස් නම් අම්ම කෙනෙක් වෙන්න වාසනාවන්ත වෙන්නේ නෑ . ජෙස් දුක් වෙනවා තමන්ගේ යාළුවා වගේ තමන්ට අම්මා කෙනෙක් වෙන්න බැරි වුනු එක ගැන. විවිධ ක්‍රම අත්හද බලන එම යුවලට අලුත් බලාපොරොත්තුවක් ගෙන දෙමින් නළ දරු තාක්ෂනය නිසා ජෙස් අම්මා කෙනෙක් වෙනවා. “එක කරදරයක් ඉවර වෙද්දී තව එකක්” කියනවනේ කතාවටත්. ඇත්තටම ජෙස් ටත් වෙන්නේ ඒ දේමයි. අවාසනාවන්ත විදියට තමන්ගේ හොඳම යාළුවා මිලී පිළිකාවක් නිසා රෝගාතුර වෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන් අම්ම කෙනෙක් වෙලා ටික කාලයක් ඇතුලත , තමන්ගේ දුක සැප බෙදාගන්න පොඩි කාලේ ඉදන්ම ලගින් හිටපු මිලී එයාට අහිමි වෙනවා. කතාව අවසානය ශෝකාකුල එකක් වුනත්, මේ ඇත්තම කතාවක් කියලයි හිතෙන්නේ. ලංකාව වුනත් ගත්තොත් පිළිකා රෝගීන් නම් කී දෙනෙක්නම් ඉන්නවද? මේ චිත්‍රපටය බලන්න හදන , බලන ඔබෙත් මගෙත් ඥාතීන් කී දෙන්නම් ඇතිද පිළිකාවලට ගොදුරු වෙලා මරණයට පත් වුනු. තව කී දෙනෙක් ඉඳීවිද හෙට අනිද්දා පිළිකාවක් නිසා ඔබෙන් ඇත වෙන. ඉතින් , මේ කතාව අපි හැමෝගෙම කතාවක්. ඔබෙත් මගෙත්.

Miss you already , 2015 වර්ෂයේ ලොව පුරා තිරගතවුණු ප්‍රේමය, මිත්‍රත්වය සහ ජිවිත යථාර්තය පිලිබඳ ගැඹුරු විවරණයක් කරන චිත්‍රපටියක් කියල හඳුන්වන්න පුළුවන්. IMDB 6.8 ලෙස සටහන් ව ඇති මේ චිත්‍රපටිය Twilight , Red Riding Hood වැනි චිත්‍රපට වල අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරපු Catherine Hardwicke මහත්මියගේ අධ්‍යක්ෂණයෙන් තමයි බිහි වෙලා තියෙන්නේ. ඇත්තටම අපේ ජිවිත වල කොච්චරනම් බලාපොරොත්තු තියෙනවද? ඒත් ඒ බලාපොරොත්තු කොච්චර ඉක්මනින් බොඳ වෙලා යනවද? දවසක් එනවා අපි අපිටවත් අහිමි වෙන. ඉතින් ඇත්තටම කිව්වොත් අපිත් මේ චිත්‍රපටියේ , සමහරක් චරිත නේද කියල හිතේවි. මේ චිත්‍රපටියෙහි කතාව සම්පුර්ණයෙන් සැලකුවොත් චරිත බොහොම සීමිත පිරිසක් විතරයි තියෙන්නේ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 1080p | 1.7GB |

Direct Download

| BluRay | x264 | 720p | 820MB |

| BluRay | x264 | 1080p | 1.7GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Miss You Already (2015) | ආදරණීය යෙහෙළිය

  • May 17, 2019 at 08:45
    Permalink

    Total dhamaal movie eka oneeeeeee

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!