I’ll Take Your Dead (2018) | ඔබේ මරණය මා සතුය

මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙන්නේ 2019 මැයි මස 3 වෙනිදා .චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 යි විනාඩි 23 වෙනවා. චිත්‍රපටයේ imdb අගය ලෙස 6.2 ක් සදහන් වෙනවා . ඒ වගේම කුණු තක්තාලි අගය 40% ලෙස සදහන් වෙනවා .මෙම චිත්‍රපටය Horror කාණ්ඩයට තමයි අයත් වෙන්නේ . ඒ වගේම චිත්‍රපටය Molins de Rei Horror Film Festival(2018) චිත්‍රපටය සම්මාන උළෙලේ දී ප්‍රෙක්ෂක සම්මාන (Audience Award) සදහාද නිර්දේශ වෙලා තියෙනවා .මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Chad Archibald විසින් . චිත්‍රපටයේ ප්‍රධාන නළු නලියන් විදියට Aidan Devine, Ava Preston, Jess Salgueiro, Brandon McKnight ,Ari Millen රංග‍නයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ කතාව පැත්තට හැරැනොත්,විලියම් කියන්නේ ටිකක් අමුතු රස්සාවක් කරන කෙනෙක්. එයාගේ රස්සාව මළ සිරැරැ කිසිම සාක්ෂියක් ඉතිරි නොකර විනාශ කිරීම . ඒ කියන්නේ කල්ලි අතර ඇතිවෙන ගැටුම් වලදී මැරෙන අයගේ මළ සිරැරැ පොලීසියට අහුනොවෙන්න විනාශ කරන්න ඕන.ඒක නිසා විලියම්ට කැන්ඩි මෑන් කියන වෙන නමකිනුත් හදුන්වනවා. එක දවසක් කල්ලියක සෙට් එක්ක විලියම්ට මළ සිරැරැ තුනක් භාර දෙනවා. ඒත් අහම්බෙන් වගේ එතනින් එක්කෙනෙක්ට පන තියෙනවා .විලියම්ට ඕනේ එයාගේ ජීවිතය බේර ගන්න.ඒක නිසා විලියම් මේක රහසක් විදියට තියාගන්න හදනවා . ඒත් කොහොම හරි කල්ලියේ අයට මේක දැන ගන්න ලැබෙනවා. එතනින් පස්සේ තමයි විලියම්ගේ ජීවිතේ කණපිට ගැහෙන්නේ . ඒ ටික දැන ගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා .

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 1080p | 1.4GB | YTS |

Direct Download

 | WEB | x264 | 480p | 280MB |

| WEB | x264 | 720p | 725MB | YTS |

| WEB | x264 | 1080p | 1.4GB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “I’ll Take Your Dead (2018) | ඔබේ මරණය මා සතුය

  • May 17, 2019 at 21:17
    Permalink

    thanks …………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!