Dookudu (2011) | නිර්භීත සාහසිකයා..

අලුත් අවුරුද්දේ මමත් අලුත් වැඩකට අත ගැහුවා.මේ මගේ පළමුවැනි උපසිරැසි නිර්මාණය.මුලින්ම දෙන එක සුපිරිම චිත්‍රපටයකට දෙන්න හිතලා මේ සුපිරි තෙලුගු චිත්‍රපටය තෝරාගත්තා.මේ ච්ත්‍රපටය තෙලුගු සිනමා කර්මාන්තයට විශේෂයි.තෙලුගු සිනමාවේ හොදම ආරම්භක දින ආදායම් වාර්තාව තබමින් තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටය අවසානයේ එතෙක් කල් තෙලුගු සිනමාවට සිහින කඩයිමක් වී තිබුණු ඉන්දියානු රු. කොටි 100 කඩයිම ජයගත්තා.

අද වන විටත් මේ කඩයිම පසු කර ඇත්තේ තෙලුගු චිත්‍රපට තුන හතරක් පමණයි.ඊට අමතරව imdb අගය 7.2 ක් ලබාගෙන තියෙනවා.චිත්‍රපටය දිව යන්නේ අති දක්ෂ පොලිස් නිලධාරියෙකු වටා. මුළු ඉන්දියාවටම තර්ජනයක් වෙන අපරාධකරුවෙක් පසුපස හබායන මොහු දැනගන්නවා මේ අපරාධකරු කාලෙකට ඉහත තමාගේ පෞද්ගලික ජීවිතයත් විනාශ කල බවට. හිතේ කිසි තෙතමනයක් නොමැති පොලිස් නිලධාරියකු ලෙස පෙනුනත් ඔහු තම අසනීප පියා වෙනුවෙන් මිත්‍යා ලොවක් මවනවා.ඒවගේම රාජකාරිය වෙනුවෙනුත් තවත් රගපැමක යෙදෙනවා .

මේ නිසා හාස්‍යජනක සිදුවීම් ගොඩක් වෙනවා.ඒ අතර රහසිගත මෙහෙයුමක් අතරදී මොහුට තරුණියකුත් මුණගැසෙනවා.එත් ඇයත් සමග ගනුදෙනු සුභදායක නම් වෙන්නේ නෑ අවසානයේ පියා වෙනුවෙන් මවන මිත්‍යා ලෝකයයි රාජකාරිය වෙනුවන් කරන බොරු රගපෑමයි දෙන්නෙකුට නම් සුබ වෙන්නේ නෑ.ඒ දෙදෙනා තමා චිත්‍රපටයේ කොමඩි නළුවන් දෙදෙනා.ඒ අතර නිතරම රන්ඩුවකින් කෙලවර වෙන ආද‍ර කතාවකුත් තියෙනවා.මේ කතාවේ දුෂ්ටයන් ව මරන්නෙත් හරි අමුතු විදිහකට.එකත් බලන්න වටිනවා. ක්‍රියාදාම,ආදරය,හාස්‍ය සේරම චිත්‍රපටයෙන්ම බලන්නකෝ.

තෙලුගු සිනමාවේ සුපර්ස්ටාර් මහේෂ් සමග ප්‍රකාශ් රාජ්,සෝනු සුඩ්,සමන්තා,බ්‍රහ්මනන්දම් සහ ශ්‍රිනිවාසම් රාඕ රංගනයෙන් දායක වන අතර සම්මාන බොහෝ ප්‍රමාණයකින් පිදුම් ලැබුවා.චිත්‍රපටයේ මුල සිට අග දක්වාම කිසිම කම්මැලිකමක් නැතිවම බලන්න පුළුවන්.ඉතින් මෙවන් චිත්‍රපටයක් බැලුවට පාඩුවක් නම් වෙන්නේ නෑ.සමහරවිට උපසිරස නිර්මාණයේ අඩුපාඩුත් ඇති.ඒ ගැන සමාව ඉල්ලනවා.එහෙනම් හැමෝම චිත්‍රපටය රසවිදියි කියලා හිතනවා.සුභ දවසක්

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Buray | 720p | x264 | 1.3GB |

Direct Download

| Bluray | 720p | x264 | 1.GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Dookudu (2011) | නිර්භීත සාහසිකයා..

  • May 16, 2019 at 19:44
    Permalink

    pantham theligu movie eke sub eka denawada

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!