Arrival (2016) | ඔවුන් සැබෑවටම ආක්‍රමණිකයන්ද?

ඕනි කෙනෙක් දන්න දෙයක් තමයි පහුගිය අවුරුද්ද කියන්නේ සුපිරිම සිනමාපට බිහිවුණු අවුරුද්දක් විදිහට. සුපිරි සිනමාපට කියන්නේ නිකන්ම නිකන් රූප ටිකක් සංකලනය කරලා දෙන ඒවා නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධ පැතිකඩ සම්පුර්ණයෙන්ම වගේ ඩැහැගන්න හැකියාවක් ලැබුණු සිනමාපටයක් තමයි මේ Arrival කියලා කියන්නේ. මේ තරම් ලොකු වැල් වටාරමක් කියවන්න දගලන්නේ ඇයි කියලා බලමුකෝ.

පිටසක්වලයන් කියන්නේ යම්තාක් දුරකට දන්න ජීවී කොට්ටාශයක්. මේ අයව යොදාගෙන අති දුෂ්ට චරිත යොදාගෙන චිත්‍රපට නිර්මාණය කලාට අපිට කියන්න බැහැ ඇත්තටම මේ අය මොන වගේද කියලා. ඕකුන්ගේ බිත්තරයි මහා එවුනුයි එක්ක මරාගෙන මැරෙනවා කියන ජාතියේ එකක් නෙවෙයි මේක. අහම්බෙන් වාගේ පිටසක්වල ජීවින්ගේ යානාවක් කොටස් දොළහකට වෙන් වෙලා ලෝකව්‍යාප්තව තැන් දොළහකට පතිත වීමක් වෙනවා. මිනිස්සු ඉතින් දැකපු සැණින් හිතන්නේ මේක නපුරක්ම තමා කියලා. නමුත් මේක එහෙමටද දෙයක් නෙවෙයි. මට ගොඩක් හිත ගියේ මේක විද්‍යාත්මක පැත්ත ආවරණය කරලා තියෙන විදිහට. විශේෂයෙන්ම එයාලගේ භාෂාව මිනිස් වර්ගයා එක්ක හුවමාරු කරගෙන ඒ අය එක්ක සන්නිවේදනය කරන්න දගලපු දැගලිල්ල දැක්කම පිස්ස්සුම හැදෙනවා. වැඩිදුර කියන්න යන්නේ නැහැ.

Denis Villeneuve අතින් මෙතෙක් අධ්‍යක්ෂණය වුනු මේ සුපිරිම සලරුව IMDb දර්ශකයේ මේ වෙද්දී 8.2/10 ක අගයක් හිමිකරගෙන තියෙනවා. ඒ විතරක් ඈ මං මෙතෙක් කාලයක් පලු යන්න බැනපු, වැඩිම විචාරක සංඛාවක සංකලනයෙන් ප්‍රසිද්ධියක් උසුලන Rotten Tomatoes නොහොත් කුණු තක්කාලි දර්ශකයේ 94% අගයක් ලබාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා වගේම 83% ක විචාරක පිරිසක් කැමැත්තක් දක්වලා තියෙනවා. තිර රචනය Eric Heisserer හා Ted Chiang එකතු වී නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම කතාව පාදක කරගෙන තියෙන්නේ Ted Chiang විසින්ම 1998 දී ඔහු විසින් රචිත හා එළිදැක්වූ “Story of Your Life” නම් සත්‍ය කතාවක් පදනම් කරගත් මේ ග්‍රන්ථය ඇසුරෙන්. හිතලා සලරුව බැලුවට පස්සේ තේරෙයි මෙච්චර ආදී කාලින පොතක් පදනම් කරගෙන අවුරුදු ගානක් ගිහිල්ලා මේ ඇසුරින් සිනමාපටයක් නිකුත් කලේ ඇයි කියලා. 2016 නොවැම්බර් 11 වෙනි දින මුළු ලෝකය වටාම ප්‍රදර්ශනය ඇරඹු මේ සිනමාපටය සදහා ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් 47,000,000ක වියදම් කලාට පාඩුවක් වුණේ නෑ. මොකද පළමු සතිය ඇතුලත ඩොලර් 24,000,000ක මුදලක් උපයාගෙන තියෙනවා. BOX OFFICE හී ඇමරිකානු ඩොලර් 163.2ක මුදලක් හා දැනට මුළු ලොව වටාම ප්‍රදර්ශනයෙන් ඇමරිකානු ඩොලර් 175,879,547 වැනි විශාල මුදලක් උපයාගෙන ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. පැයකුත් විනාඩි පනස් හයකුත් ධාවානය වන මෙම චිත්‍රපටය Drama, Mystery, Sci-Fi යන කැටගරි වලට අයත් වෙනවා.

Man of Steel (2013), Batman v Superman: Dawn of Justice (2016) මේ සිනමාපටයේ ලුවිස් ලෙන්ගේ චරිතයට දායක වුනු කෙලීව මතකයි නෙහ්?! “Amy Adams” තමයි මෙහි ප්‍රධාන චරිත අතරේ ඇමි ඇඩම්ස්ගේ චරිතයට දායක වෙන්නේ. Mission: Impossible – Ghost Protocol (2011), Mission: Impossible – Rogue Nation (2015) විලියම් ලෙසත්, The Bourne Legacy (2012) චිත්‍රපටයේ ඇරන් ලෙසත් මාවල් විශ්වයේ මෙතෙක් ආ The Avengers චිත්‍රපට පෙලෙහි හා පහුගිය අවුරුද්දේ එළිදැක්වූ Captain America: Civil War (2016) චිත්‍රපට පෙලෙහි ඉන්න හිටිය එකම ආචර් නොහොත් හවාක්අයිට රංගනයෙන් දායක වූ “Jeremy Renner.” Southpaw (2015) හා මෑතකදී නිකුත් වූ Rogue One: A Star Wars Story (2016) සදහා රංගයෙන් දායක වූ “Forest Whitaker” හා අවසන් වශයෙන් Doctor Strange (2016) සලරුවේ රංගනයෙන් දායක වුනු “Michael Stuhlbarg” යන සිව්දෙනා Arrival හී ප්‍රධාන පෙලෙහි චරිත සදහා දායක වෙනවා. සුළු චරිත හැටියට තවත් හුග දෙනෙක් මේ සදහා දායක වෙනවා.

නිර්දේශ නාම යෝජනා 178 හා ජයග්‍රහණ 31

මාතෘකාවෙ කෙටියෙන් දාලා තියෙන්නේ මේ සලරුව දිනාගත් සම්මාන ගණන. මේක දිගහැරලා පොඩ්ඩක් විස්තර කලොත්,

සම්මානයෙන් පාත්‍ර වූ තැන්

AFI Awards, USA (2017) සම්මාන උළෙලෙහි – වසරේ හොදම චිත්‍රපටය සදහා සම්මානය.
Austin Film Critics Association (2016) සම්මාන උළෙලෙහි – හොදම අනුවර්තිත තිර රචනය සදහා සම්මානය.
Broadcast Film Critics Association Awards ( 2016) සම්මාන උළෙලෙහි – හොදම අනුවර්තිත තිර රචනය සම්මානය හා හොදම Sci-Fi/Horror චිත්‍රපටය සදහා සම්මානය.
Camerimage (2016) සම්මාන උළෙලෙහි – ප්‍රධාන තරගකාරිත්වය වෙනුවෙන්.
Central Ohio Film Critics Association නොහොත් COFCA (2017) සම්මාන උළෙලෙහි හොදම අනුවර්තිත තිර රචනය.
Denver Film Critics Society (2017) සම්මාන උළෙලෙහි හොදම Science-Fiction/Horror චිත්‍රපටය සදහා සම්මානය.
Dublin Film Critics Circle Awards (2016) සම්මාන උළෙලෙහි හොදම අධ්‍යක්ෂණය, හොදම අනුවර්තිත තිර රචනය හා හොදම නිළිය සම්මානය යන සම්මාන ත්‍රිත්වයක්. මිට අමතරව හොදම චිත්‍රපටය සදහා දෙවන ස්ථානයද, හොදම සිනමාරූපණය වෙනුවෙන්

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

| Bluray | x264 | 720p | 850MB | YIFY |

Direct Download

| Bluray  | x264 | 480p | 330MB |

| Bluray  | x264 | 720p | 850MB | YIFY |

| Bluray  | x264 | 1080p | 1.1GB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!