Superlopez (2018) AKA Superlópez | සක්වල මිතුරා

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. ඉතින් යාලුවනේ මම මේක ඔයාලට අරගෙන එන්න පොඩ්ඩක් කල් ගියා. ඇත්තටම මම ෆිල්ම් එක බැලුවේ මාස කිහිපයකට කලින්. ඒත් අපේ යාලුවෙක් මට ආයේ මේ ෆිල්ම් ඒක ගැන මතක් කරලා දුන්නා. එයා කමෙන්ට් එකකින් තමා මට මේ ෆිල්ම් ඒක ආයේ මතක් කරලා දුන්නේ. ඉතින් යාලුවනේ මම ඔයාලටත් කියන්නේ ඔයාලා කැමති Spanish ෆිල්ම් එකක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් කරලා කියන්න කියලා. අනිවාරෙන්ම පුළුවන් ඉක්මනට මම ඔයාලට සබ් ඒක දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට මේ ෆිල්ම් ඒක ආයේ මතක් කරපු “කවිනු” සහෝට මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. සාමාන්‍යයෙන් මට සබ් ඒක හදන්න ලොකු කාලයක් යනවා. මට තියෙන වඩාත් එක්ක සබ් වැඩේ කරගෙන යන්නේ බොහොම හෙමිට. මගේ අතින් සිද්ධ වෙන මේ ප්‍රමාද දෝෂයට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඊළඟ වැදගත්ම කාරණාව තමයි මම ඉදිරියට Spanish TV Serius එකක් තෝරාගෙන සබ් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න. මම සබ් දෙන්න බලාපොරොත්තු වෙන TV Series එකේ නම මම කමෙන්ට් එකකින් කියන්නම්. මාව දිරිමත් කරන්න කමෙන්ට් එකක් හරි දාලා සපෝර්ට් ඒක දෙන මගේ සහෝදර සහෝදරියන්ට මගේ අවංක ස්තුතිය පුද කරන්න කැමතියි. අපි එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු නේද..!!

මේ කතාව අමුතුම විදිහේ කතාවක්. කොමඩි ෆිල්ම් එකක් කියලා ඔයාලට බැලූ බැල්මටම පේනවා ඇති. මේ කතාව පටන් ගන්නේ අමුතුම තැනක ඉඳන්. හැබැයි ඒක තියෙන්නේ මේ ලෝකේනම් නෙවෙයි. ඒක තියෙන්නේ වෙන ග්‍රහලෝකෙක. ඒ ග්‍රහලෝකේ නම තමයි චිටෝන් කියන්නේ. ඉතින් මේ චිටෝන් ලෝකේ පාලනය කරන්නේ ඒකාධිපති පාලකයෙක්. එයාගේ නම තමයි අද්මිරාල් ස්කොර්බා කියන්නේ. ඉතින් මේ පාලකයාගෙන් නිදහස් වෙන්න ඕන නිසා මේ ග්‍රහලෝකේ ඉන්න එක්තරා විද්‍යාඥයෙක් හරිම අමුතු ආයුධයක් හදනවා. ඇත්තම කිව්වොත් ආයුධයක් කිව්වට එයා පොඩි බබෙක්. ඉතින් පොඩි බබාව මේ විද්‍යාඥයයි, එයුරෙකා කියන විද්‍යාඥවරියයි එකතු වෙලා පෘථිවියට එවනවා. මේක මේ ග්‍රහලෝකේ ඉන්න ඒකාධිපති පාලකයා දැනගන්නවා. එයාට ඕනේ කොහොමහරි ඒ පොඩි බබාව විනාශ කරලා දාන්න. ඉතින් ඒ වැඩේ කරගන්න කලින් බබා ඒ ලෝකෙන් පිටුවන නිසා ඒකාධිපති පාලක අද්මිරාල් ස්කොර්බා එයාගේ දුවව යවනවා ඒ බබාව හොයාගෙන එන්න කියලා. ඒ යන අතරමඟදී පොඩි බබා ගියපු යානේ චන්ද්‍රිකාවක වැදිලා ස්පාඤ්ඤයට හැරවෙනවා. හැබැයි ස්කොර්බාගේ දුව යන්නේ ඇමරිකාවට. ඉතින් ඔහොම ඉඳලා ඉඳලා අවුරුදු 30ක් ගියාට පස්සේ ස්කොර්බාගේ දුවට අර එදා ලෝකෙන් පිට කරපු පොඩි බබාව හම්බවෙනවා. දැන් ඉතින් එයා පොඩි නෑ.ඊට පස්සේ මේ දෙන්නා අතර ද්වන්ධ සටනක් ඇති වෙනවා. අපේ සුපිරි වීරයාට කොයිවෙලෙත් වරදිනවා. ඉතින් ඔයාට ඉතුරු ටික දැනගන්න ඕනේ නම් අනිවරෙන් කතාව බලන්නම වෙනවා. මේක පට්ටම කොමඩි කතාවක කියලා කියන්න පුළුවන්.

හරි දැන් අපි බලමු කවුද මේ ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙන්නේ කියලා. ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතෙට පණපොවන්නේ දානි රෝවිරා. ඉතින් ඔයාලා සමහරවිට දන්නවත් ඇති දානි රෝවිලා කියන්නේ කොහොමත් හාස්‍ය රංගනයේ විශිෂ්ඨයෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් මේ චිත්‍රපටියට සම්බන්ද වෙලා කියන්නේ චිත්‍රපටිය ගැන වෙන මොනවත් කතා කරන්න දෙයක් නෑ කියන එක. හරි දැන් අපි බලමු කවුද අපේ නළු නිලියෝ කියලා.

Dani Rovira … Superlópez
Alexandra Jiménez … Luisa Lanas
Julián López … Jaime
Maribel Verdú … Ágata Muller
Pedro Casablanc … Padre (Juan)
Gracia Olayo … Madre (María)
Ferran Rañé … General Skorba

ඉතින් මේ ෆිල්ම් එකේ රේටින්ග්ස් ගැන කතා කලොත් සාමාන්යෙන් ඉතාමත් වැඩි අගයක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා කියලා ඔයාලට පෙන්වා ඇති. IMDb Rating 5.3 වගේ ඉහල අහයක් ලබාගැනීමට මේ ෆිල්ම් ඒක සමත් වෙලා තියෙන එක විශේෂත්වයක්. කොහොම වුනත් මේ ෆිල්ම් ඒක සමගාමිව විකාශය කරන Netfilx ආයතනයෙනුත් මේ චිතපටියට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබීම ඇත්තම මේ ෆිල්ම් එකේ සාර්තකත්වය පෙන්නන්න තවත් ඒක මිනුම් දන්ඩක්. ඉතිමේ ෆිල්ම් ඒක කොමඩියක් වුනාට ඇක්ෂන් ගනයටත් අයිති වෙනවා. ඒක නිසා ඇක්ෂන් ෆිල්ම්ස් වලට ආස කෙනෙක්ට වුනත් මේ ෆිල්ම් ඒක කම්මැලි නැතුව බලන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 1080p | 2GB |

Direct Download

| BluRay | x264 | 480p | 550MB |

| BluRay | x264 | 720p | 1GB |

| BluRay | x264 | 720p | 1.3GB |

| BluRay | x264 | 1080p | 2GB |

| BluRay | x265 | 720p | 650MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Superlopez (2018) AKA Superlópez | සක්වල මිතුරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!