Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) | ඔබ දුටු විට මා හට ඇති වූ නොපැතූ පෙම

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shelly chopra Dhar, රංගන දායකත්වය Anil Kapoor, Juhi Chawla, Sonam kapoor, Rajkummar Rao යන ඉන්දියාවේ දක්ෂම හා ජනප්‍රිය නළු නිලියන්ගෙන් මේ චිත්‍රපටය හැඩගැන්වෙනවා. මේක නිෂ්පාදය කරලා තියෙන්නේ Netflix ආයතනය විසින් මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් මිලියන 300ක වියදමකින් නිපදවා ඇති අතර ආදායම දල වශයෙන් ඉන්දියානු කොටි 43.95 මුදල් ප්‍රමාණයක් උපයා තිබෙනවා. මෙය IMDbහි 5.5 ප්‍රමාණයකුත් කුණු තක්කාලියේ 70% ප්‍රමාණයකුත් 80% Google users ප්‍රතිචාරයකුත් ලැබිලා තියනවා

එහෙනම් අපි දැන් චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ. සාහිල් මිර්සා(රාජ් කුමාර් රාවෝ) කියන්නේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙක්ගේ පුතෙක්. ඒ වුනාට ඔහුට ඕනි රචකයෙක් වෙන්න ඒත් ඔහු එ්තරම් දක්ෂ රචකයෙක් නෙවේ. ඔහු ලියන නාට්‍ය සාර්ථක නාට්‍ය නෙවේ. ඉතින් ඔහු ලියපු නාට්‍යයක් පුරුදු වෙන තැනට ස්වීටි (සෝනම් කපූර්) එනවා. ඇය එතනට එන්නේ කලබලයෙන් වගේ එතන හැංගෙන්න. මෙතනදී සාහිල් ස්වීටිත් එක්ක කතා කරනවා.. ස්වීටි මේ නාට්‍ය බලලා කියවා මේ නාට්‍ය ලියපු කෙනාට කවදාවත් ආදරයක් නම් තිබිලා නෑ කියලා ඉතින් සාහිල් මේ ස්වීටිව දැක්ක වෙලේ ඉදන් ඇයට කැමැත්තක් ඇති වෙනවා. කොහොමහරි සාහිල් ස්වීටීව හොයාගෙන එයා ජීවත්වෙලා ඉන්න ගමටම යනවා. එහේ ස්වීටි කියන්නේ ප්‍රසිද්ධ පවුලක කෙල්ලෙක්. ඒත් ස්විටී කාටවත් නොකියා දිල්ලි වලට ගියේ කෙනෙක් බලන්න කියලා ඇගේ අයියා දන්නවා. අයියට ඕනි ඒ සම්බන්ධය නවත්තන්න. ඉතින් අයියා මේ ගැන ස්විටීගේ තාත්තා බල්බීර් චෞද්‍රිට(අනිල් කපූර්) ‍කියනවා ස්වීටිට මුස්ලිම් කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා. ඉතින් මේ පවුලේ හැමෝම හිතන්නේ ඒ මුස්ලිම් කොල්ලා සාහිල් කියලා.ඉතින් පවුලේ අය මේකට කැමති වෙන්නේ නෑ පවුලේ අයටත් ඕනි ස්වීටිව බන්දලා දෙන්න ඒ නිසා ඇයට ගැලපෙන මගුල් යෝජනා ගෙදරිනුත් හොයනවා. සාහිල් හිතනවා ස්විටී කැමති මුස්ලිම් කොල්ලා එයා කියලා. ඉතින් ඔහු ස්විටිගෙන් ඒ ගැන අහනවා. එ්ත් ඇත්තමට ස්විටී කැමති සාහිල්ටවත් වෙන මුස්ලිම් කොල්ලෙක්ටවත් නෙවේ. ඇයට තියෙන්නේ කවුරුවත් නොහිතපු ආදරයක්.

ඉතින් මේ කවුරුවත් නොහිතපු ස්විටී ආදරය කරන්නේ කාටද.. ඇයට ඒ නොහිතපු ආදර ලැබෙයිද කියලා දැන ගන්න ඕනි නම් ෆිල්ම් එක බලන්න. ආදරය. හාස්‍ය පිරුනු මේ බයිස්කොප් එක බලලා ඔයාලගේ අදහසකුත් පහළින් කොටගෙන යන්න.

එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.3GB |

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.3GB |

| HDRip | x264 | 1080p | 2.5GB |

| HDRip | x265 | 720p | 600MB | HEVC |

| HDRip | x265 | 720p | 900MB | HEVC |

| HDRip | x265 | 1080p | 1.6GB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) | ඔබ දුටු විට මා හට ඇති වූ නොපැතූ පෙම

  • May 21, 2019 at 00:23
    Permalink

    Openload 1k link wada krnne na..userdrive 1n download karanna amarui..amaaruwen kalath patta slow

    Reply
  • May 31, 2019 at 17:08
    Permalink

    Audio eka support kranne nahanee

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!