Unfriended: Dark Web (2018) | බිහිසුණු පරිගණකයේ අභිරහස (18+)

2014 දී Leo Gabriadze විසින් අධ්‍යක්ෂනය කරන ලද Unfriended (2014) සිත්තමේ දිගුවක් ලෙස 2018 දී Stephen Susco අධ්‍යක්ෂනය කර මෙම නිර්මාණය 5.5 ක IMDb අගයක් ලබා ගැනීමටත් Rotten Tomato හී 57% ක් ලබා ගැනීමට සමත් වෙනවා. Horror ׀ Mystry යන කාණ්ඩ වලට අයත් වෙන මේ චිත්‍රපටය කලින් චිත්‍රපටය හා එකකට එකක් සම්බන්ධ නොවන නිසා රස වින්දනයට බාධාවක් නෑ. හරි අපි දැන් කතාව මොකක්ද කියලා සැකෙවින් බලමු.

මතායස්, ඔහු හා උසස් අධ්‍යාපනය ලැබූ මිතුරන් සමඟ සෑම දිනකම සන්ධ්‍යාවේ සජීවීව ස්කයිප් හරහා සම්බන්ධ වී එදිනෙදා තොරතුරු හුවමාරු කර ගන්නවා. දිනක් මතායස්ට කිසිවෙකු අතපසු වී ගිය ලැප්ටොප් පරිඝණකයක් හමුවෙනවා. එම පරිඝනකය අන්තර්ජාලයට සම්බන්ධ කිරීමෙන් පසු ඔහුට ඒ තුල තිබී පුද්ගලයන්ට විවිධාකාර වධ හිංසා පමුණුවන වීඩීයෝ කිහිපයක් හමුවෙනවා. එමෙන්ම මේ අතර නොහඳුනන්නෙකු මතායස් සමග මුහුණු පොත ඔස්සේ සම්බන්ධ වී එම පරිඝනකය තමාගේ බව පවසා මතායස්ට තර්ජනය කරනවා. මුලින් මේක කාගේ හරි විහිළුවක් කියලා හිතුවත් පස්සේ පස්සේ මතායස්ට තේරෙනවා මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මේ නාඳුනන්නා තමාගේ විතරක් නෙමෙයි යාළුවන්ගේ ජීවීත වලටත් තර්ජ්නයක් කියලා මතායස්ට තේරෙනවා. ඇත්තටම කවුද මේ නාඳුනන්නා ? ලැප්ටොප් එකේ තිබුන වීඩීයෝ මොනවද ? ඇත්තටම මතායස්ට මේ පරිගණකය හම්බුනේ කොහොමද ? මේ හැමෝගේම ජීවිත තර්ජනයට ලක්වෙන්නේ කොහොමද ? ඒ ඔක්කොටම පිළිතුරු මේ සිනමාපටයේ තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ සිදුවන ඇතැම් දේවල් එදිනෙදා ජීවිතයේ සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ඇති දේවල්. ඒ නිසා හැමෝම facebook, whatsapp, viber හා instergram ආදී සමාජ ජාලා භාවිතයෙදී වැඩි පරිස්සමක් ඇතුව කටයුතු කරන ලෙස මම ඔයාලගෙන් ඉල්ලනවා.

Colin Woodell විසින් මතායස් ලෙසත්, Rebecca Rittehouse සෙරීනා ලෙසත් , Betty Babriel නාරී ලෙසත් Andrew Lees ඩේමන් ලෙසත් මේ සලරුවට සම්බන්ධ වෙනවා, ඩොලර් මිලියනයක වියදමකින් නිර්මාණය උන මෙය ඩොලර් මිලියන 9.6 ක් ඉපයීමට සමත් වෙලා තියෙනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 1080p | 1.5GB |

Direct Download

| WEBRip | x264 | 480p | 300MB |

| WEBRip | x264 | 720p | 500MB |

| WEBRip | x264 | 720p | 775MB |

| WEBRip | x264 | 1080p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Unfriended: Dark Web (2018) | බිහිසුණු පරිගණකයේ අභිරහස (18+)

  • May 15, 2019 at 11:24
    Permalink

    Mona jarawakda ban mee…
    Don’t waste your time also others time.
    This is bullshit 😣😣

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!