Yajamana (2019) අයිතිකාරයා…

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝම, එහෙනම් ඔන්න මේ පාර පොරොන්දු වුනා වගේම මම සුපිරි කන්නඩ චිත්‍රපටයක් තමයි අරන් ආවේ සති දෙක තුනකට පස්සේ අසා ලිවීමක් කරලා තමයි වැඩේ ගොඩ දාගත්තේ, ඒ මොකද කියනවනම්, මේ චිත්‍රපටියට English සබ් එකක් නෑ, ( මේ ලිපිය පල වන වෙලාවේ සබ් එක ඇවිල්ලා තියෙන්නත් පුළුවන්) malay භාෂාවෙන් කාලරාමුව අරන් තමයි මේකට සබ් එක කරන්න වුනේ, චිත්‍රපටිය නිකුත් වුනේ 2019 මාර්තු 01 වෙනිදා වුනත් මේකට English සබ් එක එනකම් ඉදලා බැරිම තැන තමයි මම අසා ලිවීමක් කරන්න හිතුවේ, කොහොම වුනත් අසාලිවීමට ගිය කාලය නම් ගොඩක්ම වැඩියි, ඒනිසාම මේක ඔයාලාට ගේන්න පරක්කු වුනාට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා, කොහොම වුනත් සබ් එක හරියටම තියෙන්න ඕන නිසාත් සින්දු දෙකකට තුනකට සබ් දුන්න නිසාත් තමයි මට මේක කරන්න මෙච්චර කාලයක් ගතවුනේ, හුගක් දෙනෙක්, අපෙන් ඉල්ලලා තිබුණ දෙයක් තමයි සින්දු වලටත් සබ් දෙන්න කියලා, ඒ නිසාම ඔන්න මම පුළුවන් උපරිමයෙන්ම උත්සහා කරලා සින්දු තුනකට විතර සබ් අරන් ආවා, 😉😉 ඒ කොහොම හරි චිත්‍රපටිය ගැනත් ටිකක් කියලා ඉන්නම්, K.G.F වගේ සුපිරි කන්නඩ චිත්‍රපටි වලට කැමති අයට නම් ඉතින් මේ චිත්‍රපටිය ගැන කියන්න දේකුත් නෑ , බලන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් එක හුස්මට කම්මැලි කමක් නැතිව පවුලේ සැමට එකට ඉදගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක් විදිහට මේ චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්. (පූර්ව ප්‍රචාරක පටය බලලා ඉන්න) , මේ චිත්‍රපටියට රoගනයෙන් දායක වෙලා තියෙන්නේ Darshan thoogudeep(ක්‍රිෂ්ණා), මෙයා ගැන ඉතිම් කියන්න දෙයක් නෑ වසර කිහිපයකදීම හොදම නළුවා, ප්‍රියතම වීරයාට හිමි සම්මාන රැසක්ම අරන් තියෙනවා අනිත් කෙනා තමයි Rashmika mandanna(කවේරි) මෙයා ගැන ඉතිම් නොදන්න කෙනෙක් නැති තරම්, Tanya Hope(ගoගා) කියන සුපිරි නළු නිළියෝ
imdb මීටරෙත් 7.4ක් වගේ අගයක් මේ චිත්‍රපටිය අරගන්න සමත් වෙලා තියෙනවා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ pon kumaran සහ v. harikrishna යන අධ්‍යක්ෂකවරුයි,

එහෙනම් මම දැන් කතාව පැත්තට හැරෙන්නම්, හුලිදුර්ගා කියන ගමේ ඈත අතීතයේ ඉදන්ම, තෙල් නිස්සාරණය කරන ක්‍රම තිබුණා, මේ නිසා ඒ ගමේ ජනතාවගේ ජීවනෝපාය වෙලා තිබුණෙත් තෙල් නිස්සාරණය කරලා වෙළද පොලට අරන් ගිහින් විකුණන එකයි, මේ ගමේම මේ රස්සාවම කරගෙන ජීවත් වුන මනුස්සයෙක් තමයි ක්‍රිෂ්ණා කියන්නේ, මේ ගමේ නායකයාගේ දුවටත් (කවේරිට) පොඩි කාලේ ඉදන්ම ක්‍රිෂ්ණා ඇහැ ගහගෙනයි හිටියේ, ඒ නිසාම දුවව ඉක්මණින් කසාද බන්දන්න ඕනේ කියලා නායකතුමා තීරණය කරනවා, මේකට ඉතින් මනමාලයෙක් ගෙන්නලා කතා බහ කරගන්න එපායෑ, ඒකට කීපවතාවක්ම මනමාලයෝ ගෙන්නන්න හැදුවත් ක්‍රිෂ්ණා ඒකට ඉඩ දෙන්නේ නෑ, මනමාලයා එන මග රැකලා එයාලට හොදටම සලකලා එළවගන්නවා, ඉතින් මේ සිද්ධ වෙන දේවල් ගැන වත් නායකතුමා කිසිම දෙයක් දන්නේ නෑ ඒත් කවේරි නම් කොහොමත් දන්නවා, එයාව බලන්න මනමාලයෙක් එන්නේ නැත්තේ ක්‍රිෂ්ණා කරන වැඩ නිසා කියලා, ඔය අතරේ මුම්බායි වල තියෙන ගෝල්ඩන් ඊගල් සමාගමේ අයිතිකාරයා වෙන දේවි ශෙට්ටිට ඕන වෙනවා මේ ගමේ තෙල් නිස්සාරණය කරන එක නවත්තලා, තමන්ගේ තෙල් ඒ ගමට විකුණන්න, හැබැයි මේ දේට ක්‍රිෂ්ණා කැමති වෙන්නේ නෑ. ඒ මොකද කියනවනම්, දේවී ශෙට්ටි කරන්න හදන දේ ගැන ක්‍රිෂ්ණා දැන ගෙන හිටපු නිසායි
එහෙමනම් හුලිදුර්ගා කියන ගමට දේවි ශෙට්ටිගේ සමාගමට ඇතුල් වෙන්න පුළුවන් වෙයිද?, හුලිදුර්ගාවලට ඇතුල් වෙන්න දේවි ශෙට්ටි ගහන සැලසුම් මොනාද?, ඒවා වළක්වන්න ක්‍රිෂ්ණා ගන්න ක්‍රියාමාර්ග මොනාද?, ක්‍රිෂ්ණාගෙයි, කවේරිගෙයි ආදරය ජය ගනීවිද? මේ දේවල් දැන ගන්නනම් ඉතින් මේක බලන්නම වෙනවා එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්
ඔයාලට තෙරුවන් සරණයි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 700MB |

Direct Download

| HDRip | x264 | SD | 200MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x265 | 720p | 1019MB |

| HDRip | x265 | 1080p | 1.7GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Yajamana (2019) අයිතිකාරයා…

  • May 11, 2019 at 17:50
    Permalink

    mx player ake audio weda nane

    Reply
  • May 14, 2019 at 06:38
    Permalink

    chamak 2017 kannada movie ekata subtitle one. thank you.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!